Mobitel එකෙන් එන Mtunes Spam ඇමතුම් නතර කරමු.

12:53 PM 0 Comments

Mobitel එක Customer care Serviceල Quality කෙසේ වෙතත් හරියටම Promotions කරන ආයතනයක්නෙ. බලෙන් හරි ඇඟෙ ගහන්න තමා බලන්නෙ.ඒක  පාරිභෝගිකයාට ඕනද එපාද කියල බලන්නෙ නෑ.
මේ වගේ කරදරකාරි සේවයක් තමයි M tunes Promotional calls කියන්නෙ.මොබිටෙල් දුරකතන වලට සාමාන්‍ය මොබිටෙල් අංකයකින් ඇමතුමක් දීල ගීත ලැයිස්තුවක් වාදනය කරනව.ඊට පස්සෙ වැරදිලා හරි අංකයක් ඔබපු සැනින් එම ගීතය M Tune( Ring back tone) එකක් විදිහට එකතුවෙන්නෙ රු 7 විතර අයකරගෙන.ඊට පස්සෙ දෛනිකව රු 7 ක් අය වෙනව.

මෙකෙ තියෙන පහත් වැඩ තමා  වැරදිලා හරි අංකයක් ඔබපු ගමන් කිසිම තහවුරු කරගැනීමක් නැතිව සේවාව ක්‍රියාත්මක කිරිම.ඒත් මේ සේවාවෙන් ඉවත්වෙනව නම් තහවුරු කරන්න අංක 10 ක් විතර ඔබන්න ඕන. Mtunes විතරක් නෙමෙයි වෙන සේවාවක් වුනත් අයින් කරන්න නම් වැඩ ගොඩක් කරන්න ඕන. ලියුම් දෙන්න ඕන.

බස් එකකවත් යද්දි මේ call එකක් ආවහම කවුරුත් සැක කරන්නෙ නෑ මොකද මේක සාමාන්‍ය අංක 10 ක් තියෙන Mobitel number එකක් නිසා.Hello කියල ඉස්සුවහම පස්සෙ තමා දැන ගන්නෙ.මොන වැදගත් වැඩක  හිටියත් මේ දේ වෙනව. හදිස්සියෙවත්  Cut කරන්න ගිහින් අංකයක් එබුනොත් වැඩේ ඉවරයි.

හුඟක් කාන්තා පාර්ශවයේ අයට සහ වැඩිහිටියන්ට තමා මේ දේ වෙන්නෙ.සමහරු මේ Active වුනා කියල දන්නෙ තමන් දාපු Reload එක නිකම්ම ඉවරවුනාට පස්සෙ තමා.

අනෙකුත් Network වලට සාපෙක්ශව Mobitel M tunes වල මිල හුගක් වැඩියි.දෛනිකව රු 7 ක් විතර අය වෙනව.ඒ තියන්නෙ මාසෙට රු 7*30=රු 210.  මාසිකව ක්‍රියාත්මක කලත් රු 120 ක් විතර අය වෙනව.ඉතින් මේ දවස් වල මිනිස්සුන්ට මෙච්චර ගානක් වියදම් කරල මේක දානවට වඩා සල්ලිවලින් කරන්න වැඩ තියෙනවනෙ.අමාරුවෙන් එකතු කරල Reload එකක් දාන්නෙ සමහරු වැඩි දවසක් භාවිතා කරන්න.මේ වගේ දේකට ඒ සල්ලි වියදම් වෙලා කියල දැනගත්තහම ලොකු කේන්තියක් ඇතිවෙනව.

මේ වගේ පහත් මට්ටමේ ප්‍රචාරණ උපක්‍රම භාවිතා කරන එපා කියල මේ දෙයින පීඩා විදපු හුඟක් අය තමන්ගෙ බ්ලොග් වල කියල තිබුන.ඒ වගේම Mobitel Facebook Page  එකේ Twitter Page එකේ කියල තිබුන.ඒත් Mobitel මේ එකකටවත් කන් දෙන පාටක් නෑ. ඒක නිසා තමා මම මේ දෙ කරන්න හිතුවෙ.

මේ Mobite spam calls එන Number එක දැනගෙන හිටියොත් මේක contact list එකේ හරි save කරගෙන ඇමතුම විසන්ධි කරන්න පුළුවන්නෙ.ඒත් ඇමතුම් ලැබෙන අංක නිතරම වෙනස් කරනව.මේ අංක List එකක් තියෙනව නම් හැමොටම මේ අංක Block කරන්න පුළුවන්.

හැමොටම facebook ගිණුම් තියෙන නිසා මම මේ ගැන facebook page එකක් හැදුව.මේ අංක හැමොටම එතෙන්ට යොමු කරන්න පුළුවන්.
මෙන්න facebook Page එකේ address එක

http://www.facebook.com/pages/Mobitel-Mtunes-Spam-Call-Reporter/183965031625431


මේ වගේ ලැබෙන නව අංක ගැන තොරතුරු මම Page එකට ලබාදෙන්නම්. ඔයාල ලඟ තියෙන  අංක සහ නව ලැබෙන අංක page එකට එකතු කරන්න.ඒ වගේම Page එකේ තියෙන අංක බලල ඒව තමන්ගෙ contact list එකට එකතු කරල තියාගන්න. Mtunes spam කියල හරි Dont Answer කියල.

Facebook sms ක්‍රියාත්මක කරල නම් Facebook Page එකේ Subscribe via sms ඔබන්න.නව අංක ඇතුලත් වූ සැනින් ජංගම දුරකථනයටම කෙටි පණිවිඩයක් ලැබෙයි මේ ගැන කියල.නිතරම බලන්න දෙයකුත් නෑ.

Facebook නැති ඒ වගේම Blog එක බලන්නෙ නැති අයටත් මේ ගැන කියන්න.ඒ වගේම හැමෝගෙම සහයෝගය අවශ්‍ය වෙනව මේ දේට.හැමෝම calls cut කරන්න ගත්තහම නිකම්ම Mobitel එකට මේ දේ නවත්වන්න සිද්ධ වෙනව.

M tunes අයින් කරන්න Unsub කියල Type කරල 777 යවල හරි 777 අමතල හරි තවත් අමතර ගානක් වියදම් කරන්න අවශ්‍ය නෑ. 707 අමතල අංක 2 සටහන් කරල උපදෙස් පිලිපදින්න.wap.mobitel.lk එකට ගිහිනුත් ඉවක් කරගන්න පුළුවන්.

ජාතික ජංගම දුරකතන සේවය හැටියට මෙවගේ පහත් පෙලේ ප්‍රචාරණ ක්‍රම යොදාගන්න එපා කියල Mobitel ආයතනයෙන් නැවතත් ඉල්ලා සිටිනව.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!