මැයි 1 සිට SLT Unlimited Broadband නවත්වයි



සාධාරණ භාවිත ප්‍රතිපත්ති රහිතව(FUP) අසීමිත භාවිත පැකේජ (unlimited ) ලබාදීම මැයි 1  සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ටෙලෙකොම් ආයතනය(SLT) තීරණය කර තිබෙනවා. නමුත් දැනට පවතින අසීමිත පැකේජ වලට මෙය බල නොපාන බවද සඳහන් කර තිබෙනව.

මේ අනුව සීමිත භාවිත පැකේජ 3 ක මාසික ගාස්තු අඩු කර තිබෙනව.අමතර දත්ත භාවිතය 1MB සඳහා රු0.35
Home Plus  රු 1390        10GB
Office Plus රු 3500         20GB
Xcel Plus   රු8000          40GB

මීට අමතරව මැයි මස සිට නිකුත් කරන අසීමිත පැකේජ සියල්ලටම සාධාරණ භාවිත ප්‍රතිපත්ති ඇතුලත් කර තිබෙනව.ඊට අදාල දත්ත සීමාව ඉක්මවා ගිය පසු වේගය 64kbps දක්වා අඩු කිරීමකට ලක්කරන බවද සඳහන්.මේවායේ මිල ගනන්ද දැනට පවතින අසීමිත පැකේජ වලට වඩා අඩුකර තිබෙනවා.

Home  රු1490    
Xcite   රු2690
Office  රු4890
Xcel    රු 8890

මෙම පැකේජ වලට දැනට unlimited පැකේජ භාවිතා කරන්නන්ට නොමිලේම මාරු විය හැකියි.

දැනට Unlimited පැකේජ භාවිතා කරන්නන් සඳහා කිසිඳු සාධාරණ භාවිත ප්‍රතිපත්තියක් ඇතුලත් නොකරන බවද සඳහන්.


මෙහි  connection ratio එක සඳහන් කර නැති වුවත් මැයි මස 1 වැනිදා සිට දවසේ ඕනෑම වෙලාවක 60% කට වඩා ප්‍රකාශිත වේගයක් පවත්වාගත යුතු බව ත් TRC මගින් මෙය පරීක්ෂාවට ලක්කරන බවත් සඳහන්.
මීට අදාල සියලුම තොරතුරු පහතින් දක්වා ඇත.


 අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ unlimited පැකේජ ගන්න ඉන්න අය දැන්මම ගිහින් අරගන්න කියන එකයි.මොකද මැයි 1 වෙනිද ට පසුව ලංකාවෙ Unlimited Internet කියල දෙයක් නැතිවෙනව.
Volume Based Broadband Packages Slt



මූලාශ්‍රය: http://www.trc.gov.lk/images/pdf/Volume_Based_Broadband_Packages_slt.pdf

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!