Odesk මගින් මුදල් උපයමු -01 ලිපිය-හැඳින්විම.

9:43 PM , , , 0 Comments


පොරොන්දු වු පරිදිම ඔන්න මම Odesk මගින් මුදල් ඉපයන එක ගැන  පාඩම් මාලාවක් පල කරනව.හුඟක් දෙනෙක් ඇහුව මම Blog එක නතර කලාද කියල.මගෙ Odesk රැකියාව නිසා මට වෙලාව තිබුණෙ නෑ.හුඟක් අය මම මට ලැබුන ආදායම ගැන විස්තර පල කරපු වෙලේ ඉදන් මේ ගැන අහන නිසා පාඩම් මාලාවක් විදිහට මම මේක පල කරන්නම්.ඒත් දවස ගානෙම නම් මට ලිපි ලියන්න බැරිවෙයි කියන එක නම් මම මුලින්ම කියන්න ඕන.

මුලින්ම මට ලැබුනු ආදායම ගැන  කියල ඉන්නම්. මම මේ වැඩේට බැස්සෙ ජනවාරි(15 වෙනිද) මාසෙ.මම කරපු වැඩ වලටවැටුප හැටියට 100$ විතර ලැබුන. මේක ලබා ගත්තෙ Odesk Payoneer Master Debit Card එකෙන්.Commercial Bank ATM එකකින් තමා මුදල් ගත්තෙ.මේ මගින් මම Paypal Acount එකත් Verify කරගත්ත.පහලින් තියෙන්නෙ ඒ Screenshots ටික තමා.

මේව පේනව මදිනම් කරුණාකරල ඒව මත Click කරල බලන්න.


Odesk Payoneer Master Debit Card

මම මේ දේවල් මුලින්ම දැම්මෙ හුඟක් අයට මේ සල්ලි ගෙදරටම ගෙන්න ගන්න එක ගැන සැකයක් තිබුන නිසා.මේක 100% සාර්ථක ක්‍රමයක් නිසා තවදුරටත් මේ ගැන සැකයක් තියාගන්න එපා කියල තමයි මම මුලින්ම කියන්නෙ.


එහෙනම් මුල ඉඳන්ම පටන් ගමු.

මොකක්ද මේ Odesk කියන්නෙ?

Odesk කියන්නෙ විවිධ සේවාවන් සහ රැකියා සොයන්නන් සම්බන්ධ කර දෙන සේවාවක්.සරලවම කිව්වොත් මට අව්‍ය වෙලා තියනවනම් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුද්ගලයෙක් සොයාගන්න.මම මගෙ අවශ්‍යතාව Odesk වෙබ් අඩවිය හරහා පල කරනව.රැකියා සොයන්නන් මේ සදහා අයදුම්පත් යොමු කරනව.රැකියාව ලබාදෙන්න සුදුසුම පුද්ගලය තෝරල මට එම රැතියාව ලබාදෙන්න පුළුවන්. ගෙවීම් පවා සිදු කරන්නෙ Odesk හරහා නිසා කිසිම ගැටළුවක් ඇති වෙන්නෙ නෑ.

මොනවගේ රැකියාවන්ද ලබාගත හැක්කෙ?
පරිගණක ක්ෂේත්‍රය හා සම්බන්ධ වගේම සම්බන්ධ නොවන සියලුම ක්ශේත්‍ර වලට අදාලව දහස් ගණනක් රැකියා තිබෙනව.


Online/Internet රැකියාවන් කියන්නෙ මේවටද?

මේවට Online/Internet රැකියාවන් කියනවට වඩා මම නම් කැමතියි මේවට BPO (Busssiness prosses outscoring) කියනවට.මොකද සේවාදායකයා සහ සේවායෝජකයා අතර හමුවක් නොමැතිව සහ ලෝකයේ දෙකෙලවරක ඉඳන් කරන රැකියාවක් නිසා.අන්තර්ජාලය හරහා සම්බන්ධතාවය පවත්වාගෙන මේවගේ රැකියා කරන අයව Freelansers කියලත් හදුන්වනව.

Odesk රැකියාවක් කිරිමට මුලික අවශ්‍යතා මොනවද?

තමන්ගේම හොද අන්තර්ජාල සබඳතාවයක් සහ පරිගණකයක් අවශ්‍ය වෙනව.
ඉංග්‍රිසි දැනුම හොඳට තිබීම පුයෝජනවත්.(Article writing වගේ රැකියාවන්ට නම් මේක හොදින් තියෙන්න ඕන)
දෛනිකව යම් වෙලාවක් වෙන්කල හැකි වෙන්න ඕන.

Hourly Paying Jobs සහ Data entry වගේ Jobs ඇරුනහම තමන් කරපු වැඩ කොටස යවන්න සහ ඊට අදාල විමර්ශන කටයුතු සඳහා අන්තර්ජාලයේ රැදීසිටිම අවශ්‍ය වෙනව.

අනෙක් දේවල් නම් සාමාන්‍ය රැකියාවක් වගේමයි. අවංක කාර්ය්‍යශූර වගේම හොඳ සන්නිවේදන හැකියාවන් මගින් තමන්ගේ Feedback score එක වැඩි කරගන්න පුළුවන්.

Odesk මගින් ආකාර දෙකක රැකියාවන් ලබා ගන්න පුළුවන්. Fixed price Jobs සහ Hourly paying Jobs. Fixed price Jobs වලදි ස්ථිර ගානක් ගෙවන්නෙ.ඒක රැකියාව අනුව වෙනස් වෙනව.Hourly paying Jobs වලදි මුලින් එකග වන ස්ථිර පැයකට ගෙවන ගාස්තුවකට සහ ස්ථිර සතියකට වැඩ කරන පැය ගණනකට ගෙවිම් සිදු කරනව.

මෙ රැකියාවන් හරියට කලොත් වෙන්ත් රැකියාවක් පවා අවශ්‍ය නොවෙන් පුළුවන්.ඒ වගේම නිවැරදිව සහ විශ්වාසනියව වැඩ කලොත් දිගින් දිගටම එම සේවා යෝජකයා සමග වැඩ කරන්න පුළුවන්.ඒක විශාල පහසුවක්.


මිලඟ ලිපියෙන් Odesk සදහා ලියාපදිංචි වීම සහ Odesk Tests ගැන කතා කරන්නම්.ගැටළුක් තියෙනවනම් සහ වැඩි විස්තර සඳහා isuranirmal@gmail.com වෙත ලිපියක් යොමු කරන්න.නැත්නම් Facebook හරහා සම්බන්ධ වෙන්න.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!