Showing posts with label Telecommunications. Show all posts

Finally Hutch 3G is there

hutch 3g sri lanka banner
Hutch 3G 
හැමෝම බලාහිටපු Hutch 3G අද නිල වශයෙන් ලබාදීල තියෙනව. Internet Stuck කියන theme එකත් එක්ක තමයි Hutch මේ ගැන Advertise කරන්නෙ. මේ ගැන Hutch Official FB page එකේ දැන් ටිකකට කලින් කියල තිබුණ. ඒ වගේම experience centers හැම Hutch Outlet එකකටම පිහිටුවල තියෙන බවත් කියල තියෙනව.


දැනට Hutch 3G  DATA packages කීපයක් දීල තියෙනව.  වේගයන් නම් සඳහන් කරල නෑ.Post Paid සහ Prepaid DATA packages වල විස්තර පහතින් බලන්න. 
Hutch 3G Sri lanka Prepaid data packages පැකේජ



සක්‍රිය කරගැනීමට 
SMS
SMS the data value to 101
Eg: For 1GB plan SMS 1GB to 101

Reload
Reload the data value
Eg: For 1GB plan reload Rs. 290

USSD
Dial *131#




Hutch 3G Postpaid Packages විස්තර පහතින් බලන්න.

Hutch 3G Sri lanka Postpaid data packages පැකේජ

සක්‍රිය කරගැනීමට 1788 ඇමතිය යුතුයි.

ඒවගේම Dongle එකකුත් Hutch හඳුන්වාදී තිබෙනවා.
Hutch 3G Sri lanka Internet Dongle

ආවරණය ගැන නම් තාමත් විස්තර මුකුත් නෑ.මේ ගැන තවත් විස්තර ලැබුන ගමන් මම මේ post එකම update කරන්නම්. මේ ලිපිබඳව තොරතුරු http://www.hutch.lk/broadband මගින් බලාගන්න පුළුවන්. ඒත් site එක load වෙන්න ටික වෙලාවක් යනව.

Hutch 3G 19 වෙනිදා (unofficial news)

hutch 3G dongle
Add caption
දැනට ලැබෙන නිල නොලත් තොරතුරු අනුව Hutch 3.75G 19 වනදා නිල වශයෙන් දියත් කිරීමට නියමිතයි. 20 වනදා සිට පාරිභෝගියකයන්ට භාවිතා කිරීමටද ලැබෙන බවට තොරතුරු ලැබෙමින් පවතිනවා.

Hutch 3.75G ගැන කියල මම මීට පෙරත් Post එකක් දැම්ම කට්ටියට මතක ඇති. ඒක මෙතනින් බලන්න.

දැනට ලැබෙන ‍තොරතුරු අනුව Hutch මගින් 1GB රු 151 කටද ලබාදීමට නියමිතයි. ඒ වගේම lankaCom සහ TATA ආයතන මගින් අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගෙන තිබෙන Hutch 3.75G වල speedtest results කීපයක්ද ලැබී තිබෙනවා.



මම මෙය ලබා ගත්තෙ Hutch official fan page එකෙන්. ඒම results දමපු අයට ස්තුතිවන්ත වෙන්න ඕන. දැනට නම් Hutch 3g coverage map, data plans ගැන තොරතුරු නම් නෑ. තවම TRC වෙබ් අඩවියෙ වුනත් data plans ගැන සඳහනක් නෑ.

ලංකාවෙ දැනට අවසානයටම 3G ලැබෙන්නෙ Hutch මගින්. එහි සේවාව ගැන නම් තාම මුකුත් කියන්න ඉක්මන් වැඩියි. මේ පිළිබඳව වැඩිතුර තොරතුරු දන්නවනම් comment කරන්න අමතක කරන්න එපා.

Hutch 21Mbps 3G ලඟදීම


Hutch  මගින් ලබාදන 3G +HSPA+  සේවාව ලඟදීම අත්විඳිය හැකියි. දැනට Colombo, Highlevel Road, Gmpaha,Kalutara (තවත් තිබිය හැකියි) ප්‍රෙද්ශ වල කුලුණු බොහොමයක් 3G සඳහා යාවත් කාලීන කර ඇති අතර සමහරක් පරීක්ෂණ මට්ටමේ සක්‍රීය කර ඇත.

සක්‍රීය කර ඇති තැනවල ලැබෙන Video ඇමතුම් දර්ශනය වන අතර video ඇමතුම් ලබා ගත නොහැක. අන්තර්ජාල වේගයද තාවමත් පහල මට්ටමේ පවතී.

Hutch Facebook Fanpage එකේ සඳහන් වන පරිදි මෙය 21Mbps දක්වා සහය දක්වන HSPA+ ජාලයකි. තවමත් මෙහි පරීක්ෂණ මට්ටමේ කටයුතු නිසා සෑම තැනකටම 3G  signal නොලැබිය හැක.

තවමත් ගාස්තු, වේගයන් සහ ආවරණ කලාපය පිලිබඳව නිශ්චිත තොරතුරු නොමැති නිසා මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගත් වහාම ලිපියක් පල කරන්නම්.

SLT ADSL, Moneybookers සහ $ ඉහල යාම



මාස එකහමාරකට විතර පස්සෙ බ්ලොග් එකට post එකක් දාන්න හිතුන. campus පටන් ගත්ත නිසා ඒතරම් ලියන්න නම් වෙලාවක් නෑ. බ්ලොග් එක බලන කට්ටිය නිතරම facebook එකෙත් අහල තිබුන බ්ලොග් එක දැන් අතඇරලද කියල. වෙලාවක් නැති එක තමා ප්‍රශ්නෙ. සතියක නිවාඩුවක් ලැබුන නිසා අද ටිකක් වැදගත් දෙවල් ටිකක් ගැන විස්තර ටිකක් කියන්නම්.

මුලින්ම කට්ටිය බලනව ඇති SLT ADSL, Moneybookers සහ $ ඉහල යාම මාතෘකාවෙ තේරුම මොකක්ද කියල. Moneybookers සහ $ ඉහල යාම අතරෙ නම් සම්බන්ධයක් තිබුණට SLT ADSL වල නම් ඒකට සම්බන්ධයක් නෑ.මුලින්ම එහෙනම් SLT ADSL ගැන කියල ඉන්නම්.

SLT, ADSL Unlimited පරණ පාරිභෝගිකයන්ටත් FUP (Fair Usage Policy) දෑමීම තමා මේ අලුත්ම ආරංචිය. මේක කරල තියෙන්නෙ මේ මාසෙ මුල ඉඳන්. මම මීට ඉස්සරත් බ්ලොග් post එකකින් මේ ගැන කට්ටිය දැනුවත් කලා මතක ඇති. http://www.inirmal.info/2011/04/1-slt-unlimited-broadband.html . පරණ පාරිභෝගියන්ට මේකෙන් බලපෑමක් වුනේ නෑ. නව packages ගන්න අයට FUP අදාල වූ ADSL packages තමා ලැබුනෙ. නමුත් දැන් පරණ unlimited පාරිභෝගිකයන්ටත් FUP දාලා කියල තමා ආරංචිය. FUP apply වෙන දත්ත සීමාවක් වත් තාම දන්වල නෑ. වේගය නම් හොදටම අඩු වෙලා.

මේ ගැන මුලින්ම හෙළි එකේ කාලිංග අයිය. http://sinhala.kalingasblog.com/2011/12/02/slt-adsl-sucks/. පස්සෙ හොයල බලද්දි හැමෝටම වගේ මේ ප්‍රශ්නෙ තියෙනව.මේ මගේ මිතුරෙක් පරණ ADSL Home unlimited සම්බන්ධතාවයෙන් ලබාගත් test results කීපයක්.

New York Server
London Server
Colombo SLT Server
මේකෙන් පේනව ඇති යන්තම් හෝ හොඳ වේගයක් පෙන්නන්නෙ Colombo server එකට විතරයි කියල.ඒක් කවුරුත් දන්න දෙයක් තමා 98% වෙබ් අඩවි පිහිටල තියෙන්නෙ USA හෝ UK වල. නමුත් ඒවාට ලැබී ඇති වේගයන් කිසිසේත්ම ප්‍රමාණවත් නෑ.
මේක SLT මගින් හිතා මතාම කරන ලද දෙයක්. පාරිභෝගික සේවාවට කතා කලාමනම් ඒකෙ ඉන්න අය බබාල වෙන්න හදනව. අපේ වැරැද්දක් නෑ. සර්ගෙ පරිගණකයෙ තමා ප්‍රශ්නෙ ඇත්තෙ කියල මාරු වෙනව.

මේකට විරුද්ධව පියවරක් ගන්න තොරතුරු එක් රැස් කීරීමක් දැන් වෙනව . කාලංග අයියගේ බලොග් එකේ මේ ගැන විස්තර තියෙනව.http://sinhala.kalingasblog.com/2011/12/02/slt-adsl-sucks/ මේ ගැටළුව තියෙන අනිත් අයවත් දැනුවත් කරල මේකට විරුද්ධව ලියවරක් ගන්න එකතු වෙන්න.

මොකක්ද  මේ Moneybookers සහ $ ඉහල යාම කතාව. 

Moneybookers ගැක කවුරුත් දන්නවනෙ. මේකතෙමා දැනට ලංකාවට freelancing වගේ දේවල් වලින් ලබා ගන්නා මුදල් ලංකාවට ගෙන්න ගන්න තියෙන සාර්ථකම ක්‍රමය. දැන් moneybookers ආයතනය Skrill නමින් නව වෙලඳ නාමයකට මාරු වුනා. මේ ගැන විස්තර http://www.moneybookers.com/app/ හෝ http://www.skrill.com/app/ මගින් බලන්න පුළුවන්. කාටවත් බයවෙන් දෙයක් නෑ. මේ වෙනස් වීම මගින් ගාස්තුවල කිසිඳු වෙනසක් සිදු වෙලා නෑ.මේක කියන්න හේතුව හුඟක් අය මේක Phishing site එකක් කියල වරදව වටහාගෙන ඇති නිසා.

පසුගිය අය වැයෙන් රැපියලේ අගය 3% බාල්දු කීරීමට තීරණය කලා. මේක කරන්නෙ ලංකාවට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගෑනීමට සහ විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම අවම කීරිමට කියල තමා කියන්නෙ. නමුත් ඇත්තටම මේකෙ තෙරුම තමා රු112 වගේ තිබුණ ඩොලරය රු115 වගේ වැඩි වීම. මේක Ebay වැනි   sites වලින් භාණ්ඩ ගෙන්වන අයට ඇත්තටම පාඩුයි.මොකද වැඩි මුදලක් ගෙවන්න වෙන නිසා. නමුත් විදේශයන්ගේ සිට මුදල් ගෙන්වන අයට වැඩි මුදලක් හම්බවෙනව. (western union, money gram, moneybookers, alert pay) . ඉතින් මීට පස්සෙ බඩු ගෙන්නද්දි මේකත් තෙරුම් ගන්න.යම් කිසි වැඩි මුදලක් ගෙවන්න වෙනව.

පසුගිය දවස් ටිකේම බ්ලොග් එක බලපු කීප දෙනෙක්ම මට odesk, moneybookers, payoneer ගැන විස්තර අහල email එවල තිබුණ. මම හැම කෙනෙකුටම වගේ විස්තර යැව්ව.  ඒ විස්තර කෙටියෙන් ඒක් හුඟක් දුරට ප්‍රශ්නය විසඳගන්න පුළුවන් තරම් විස්තර ඇතුව එව්ව කියල හිතනව. මොකද ලැබෙන වෙලාවෙ හැටියට තමා මේවට පිලිතුරු සපයන්න වුනේ. මේ ගැන සමාව අයදිනව.
නැවතත් මෙවැනිම ලිපියකින් හමුවෙමු.


Dialog 4G 124Mbps දක්වා වේගයක් පෙන්වයි.

Etisalat 3.75G ලබාදුන් මොහොතේම වගේ Dialog සහ Mobitel තාක්ෂණයේ තවත් ඉදිරි පිම්මක් ගොස් 4G LTE ජාල පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක කලා.මුල් Post එකකින් Mobitel LTE ජාලය ගැන කිව්වට Dialog LTE ජාලය ගැන කියන්න තරම් තොරතුරු දැනගෙන හිටියෙ නෑ.

දැනට කොලඹ නගරයේ පමණක් ස්ථාපනය කර ඇති මෙම ජාලය තවමත් පරීක්ෂණ මට්ටමෙන් පවතින්නෙ.තාම මේ පහසුකම් ලබාදී ඇත්තේ නගරයේ Colombo Fort, Colombo 2, 3 and 4 and Narahenpita කුලුණු 10 කට ආසන්න ප්‍රමාණයකට පමණයි.වේගය නැරඹීමට අවශ්‍ය නම් Darly Road හි පිහිටා ඇති Dialog Future World වෙත පිවිසිය හැකියි.

දැනට දක්වා ඇති පරිදි Indoor සඳහා 127Mbps වැනි වේගයක්ද? Outdoor සඳහා 55Mbps වැනි වේගයක්ද පෙන්නුම් කර තිබෙනවා.(HSPA වල නම් මේකෙ අනික් පැත්ත)

පහත ඇති තොරතුරු Dialog FB Fan page එකේ පලවුන දේවල්.(වීශාල කර බැලීමට ඒ මත click කරන්න)


සාමානයෙන් 127.4Mbps උපරිමයක් පෙන්නුම් කලත් 100Mbps පමණ ස්ථාවර වේගයක පවතින බව පේනව.

මේ සඳහා තාක්ෂණික දායකත්වය Huawei Technologies මගින් ලබාදෙනව.
Mobitel LTE ලිපිය දාපු වෙලාවෙත් කෙනෙක් මේ ගැන කියල තිබුනත් මම කිව්වා වගේම මෙකත් තාම පරීක්ෂණ මට්ටමේ පවතින්නෙ.  TRC මගින් තවමත් නිශ්චිත සංඛ්‍යාත පරාස වෙන් කරල නෑ. වැඩි විස්තර අවශ්‍ය නම් Dialog FB Fan Page එක බලන්න.




මේ දවස්වල facebook sms texts එන්නෙ සංකේතද?



සති දෙකක විතර ඉඳන් facebook sms texts ක්‍රියාත්මක කරගෙන ඉන්න අයට ඇතැම් වේලාවන් වලදී sms ලැබෙන්නෙ විවිධ සංකේත(symbols) ආකාරයට.
මේව ලැබෙන්න පටන් ගත්තහම මම මුලින් හිතුවෙ කවුරුහරි සිංහලෙන් පණිවිඩ එවන නිසා කියල. නමුත් මට phone එකට unicode එකෙන් එවන sms නිවැරදිව පේනව.හැම තිස්සෙත් වෙන්නෙ නැති නිසා මේක phone ප්‍රශ්නයක් වෙන්න ඇති කියල මම වැඩිය හිතුවෙත් නෑ. නමුත් දැන් දවස් කීපයක ඉඳල මේක වැඩියෙන් වෙන්න පටන් ගත්තහම Mobitel එකේ ප්‍රශ්නයක් වෙන්න ඇති කියල පොඩ්ඩක් හොයල බැලුවහම වෙනත් network වලිනුත් facebook text ක්‍රියාත්මක කරල තියෙන අයට මේ ප්‍රශ්නෙම වෙනව කියල ආරංචියක් ආව.

Mobitel twitter page එක හරහා mobitel එකට පැමිණිල්ලකුත් දැම්ම.number එකත් එවන්න කිව්ව.ඒත් තාම නම් මේක හරිගස්සල නෑ වගේ.හිටි ගමන් මේ විදිහට සංකේත පමණක් ඇති sms එනව.
facebook community forum එකෙත් මේ ප්‍රශ්නෙ කෙනෙක් අහල තිබුනට තාම facebook එකෙන් නිල වශයෙන් මුකුත් කියල නම් නෑ.

නමුත් මම දැක්ක දෙයක් තමා මේ ප්‍රශ්නෙ පටන් ගන්න කලින් මම baiskope.com හි facebookpage එකේ sms subscription දාල තිබුනෙ.මේකෙන් සිංහල sms ආවට සිංහලෙන් එන ටික ප්‍රශ්නාර්ථ ලකුණු විතරයි ආවෙ. නමුත් දැන් නම් හරියටම සිංහලෙන් ඒ ටික පේනව.මේක facebook මගින් unicode යාවත් කාලීන කිරීමක් වෙන්නත් පුළුවන්.කොහොම වුනත් ඔයාලටත් මේ ප්‍රශ්නෙ තියෙනවනම් තමන් facebook texts සක්‍රීය කරල තියෙන ජාලයට මේ ගැන පැමිණිලි කරන්න.ඔවුන් එතකොට facebook එකට දැනුම් දේවි. මේ ගැන තවත් තොරතුරු දන්නවනම් බෙදා හදා ගන්න.


Etisalat 3.75G speedtest results

ඊයේ දියත් කරන ලද etisalat 3.75G ජාලයේ කීප දෙනෙක් speedtest කරල ලබාගත්ත speedtest results කිපයක් ගැබුණ.
සෑම පැකේජයකම 21Mbps දක්වා ඉහල වේගයක් ලබාදෙනව කිව්වත් දැනට ලැබී ඇති උපරිම වෙගය වන්නේ 2Mbps පමනයි.
ඒ වගේම දැනට ඇති Etisalat/Tigo/celtel sim සඳහා 3G සේවාවේ ගැටව පවතින බවත් කීප දෙනෙක්ම කිව්ව.මේ සඳහා නව sim නිකුත් කරයිද යන්න දැනට පවතින ගැටළුවක්.

Etisalat 3G සඳහා දැනට ලබාදී ඇති නව APN එක   EBB   ඒ වගේම web කියන මෙතෙක් භාවිතා වූ APN එකත් ක්‍රියාත්මකයි.


දැනට ලැබුණු speedtests results


කොට්ටාව


පහතින් ඇති results නම් Elakiri වෙබ් අඩවියෙන් ලබාගත් ඒවා.එම speetest results දාපු අයට ස්තුතිවන්ත වෙනවා.


දැනට Etisalat Prepaid/postpaid packages භාවිතා කරපු අය කරුණාකරල තමන්ගෙ speedtest ප්‍රතිඵලය දමන්න කියල ඉල්ලා සිටිනව.කරුණාකර ඉන්න ප්‍රදේශයත් දමන්න.
ඒ වගේම Dongal/sim වල ගැටළු Mobile partner එකේ ගැටළු තියෙනවනම් comment එකක් හො online chat එකේදී හො යොමු කරන්න.හැකි අයුරින් උදව් කරන්න උත්සාහ කරන්නම්.

ශ්‍රී ලංකාවේ 3G/3.5G/3.75G ජාල ආවරණය

Etisalat 3G වශයෙන් දියත් කිරීම නිවේදනය කලා.මේ ගැන posts කීපයකින්ම කතා කල නිසා තව කියන්න යන්නෙ නෑ.විස්තර සියල්ලම දැන් www.etisalat.lk  වලින් බලාගන්න පුළුවන්.

දැන් ලංකාවෙ 3G ජාල 4ක්ම තියෙනව.ඇත්තටම අපිට ආඩම්බර වෙන්න පුළුවන් ලංකාව කුඩා රටක් වගේම ආසියාතික රටක් වෙලත් කලාපයේ වෙනත් රටවල් වලට සාපේක්ශව ඉදිරියෙන් ඉන්න එක ගැන.

නමුත් සෑම ජාලයක්ම සෑම තැනක්ම ආවරණය කරල නෑ. මේ පහතින් තිබෙන්නෙ ජාල 4ම 3G ආවරණ කලාප සිතියම් කීපයක්.


Mobitel 3G

Dialog 3G
Airtel 3G


Colombo 3G coverage  

Galle 3G coverage


Kandy 3G map

Etisalat 3G Map
 අද වන විට network මගින් දාලා තිබුන coverage maps ටික තමා මම දැම්මෙ. මේව 100% ක්ම නිවැරදි නොවෙන්න පුළුවන්. 

රූප අපැහැදිලි නම් කරුණාකර ඒව මත click  කරල බලන්න.

Etisalat 3G packages ගත්ත අය තමන්ගෙ speed test results දාන්න කියල ඉල්ලා සිටිනව. ඒ වගේම මේ coverage ගැන ඔබේ අදහසත් දාන්න

දකුණු ආසියාවේ ප්‍රථම LTE (Long Term Evolution) ජාලය Mobitel වෙතින්



මොබිටෙල් ආයතනය දකුණු ආසියාවේ ප්‍රථම වතාවට LTE(Long Term Evolution ) ජාලයක් දියත් කීරීම සඳහා BOI සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා.LTE හදුන්වාදිය හැක්කෙ 3.9G හෝ 4G ආකාරයේ ජාලයක් ලෙසයි.

දැනට ලබා දී ඇති තොරතුරු වලට අනුව දැනට පවතින 3.5G/2.5G ජාලයේ යාවත්කාලීන කිරීම් සහ ප්‍රථම අදියරේදී LTE දක්වන සම්ප්‍රේශන කුලුණු 1000 ක් ඉදිකිරීම සඳහා US$ මිලියන 60  ක මුදලක්  ආයොජනය කර තිබෙනව.මේ සඳහා තාක්ශණික දායකත්වය ලබාදෙන්නේ ZTE ආයතනයයි.


මොබිටෙල් LTE ජාල සංවර්ධනය සඳහා සැලසුම් කලේ 2009  වර්ශයේ සිටමයි.
http://www.mobitel.lk/about/news_press_releases/news_press_2009_mobitel_strikes_with_its_pledge_to_launch_ngn.html


2009 වර්ශය වන විට ලෝකයටද මෙය අලුත් තාක්ෂණයක් වුණා.දැනටද LTE සඳහා සහය දක්වන ජංගම දුරකථන සහ Modem පවතින්නේ ඉතාමත් අඩුවෙන්.මෙහි ඇති ප්‍රධානතම වාසිය මෙහි පවතින්නාවු වේගයයි. භාගත කිරීමේදී/Download  100Mbps දක්වාද උඩුගතකීරීමේදී/upload 50Mbps දක්වාද වේගයක් ලබාගත හැකියි.
මේ සඳහා අනිවාර්යයෙන්ම Mobitel හට කුලුණු සම්බන්ධ කිරීමට  fiber optic තාක්ෂණය භාවිතා කිරීමට සිදුවේවි.


තවමත් මෙම ජාලය දියත් කරන දිනයක් නැති වුනත් අවුරුද්දක් වගේ ඇතුලත ලැබෙයි කියන්න පුළුවන්.


LTE ගැන තවදුරටත් දැනගන්න අවශ්‍ය නම් GSM සවිධානය මගින් මේ පිලිබදව ලබාදී ඇති තොරතුරු බලන්න www.gsmworld.com/technology/lte.htm


ඒ වගේම wikipedia වලත් මේ පිලිබඳව තාක්ෂණික තොරතුරු අන්තර්ගතයි.




ETISALAT 3G තාමත් නිලවශයෙන් ලබාදී නෑ.නමුත් දැන් වෙබ් අඩවිය මේ පිලීබඳ යාවත් කාලීන කර අවසන්.දැනට 3G base station සියල්ලම පාහේ ක්‍රියාත්මකයි. speedtest තරපු අය ඉන්නවනම් ප්‍රෙද්ශයත් සමඟ තමන්ට ලැබෙන speed එක සඳහන් කරන්න.

මැයි 1 සිට SLT Unlimited Broadband නවත්වයි



සාධාරණ භාවිත ප්‍රතිපත්ති රහිතව(FUP) අසීමිත භාවිත පැකේජ (unlimited ) ලබාදීම මැයි 1  සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ටෙලෙකොම් ආයතනය(SLT) තීරණය කර තිබෙනවා. නමුත් දැනට පවතින අසීමිත පැකේජ වලට මෙය බල නොපාන බවද සඳහන් කර තිබෙනව.

මේ අනුව සීමිත භාවිත පැකේජ 3 ක මාසික ගාස්තු අඩු කර තිබෙනව.අමතර දත්ත භාවිතය 1MB සඳහා රු0.35
Home Plus  රු 1390        10GB
Office Plus රු 3500         20GB
Xcel Plus   රු8000          40GB

මීට අමතරව මැයි මස සිට නිකුත් කරන අසීමිත පැකේජ සියල්ලටම සාධාරණ භාවිත ප්‍රතිපත්ති ඇතුලත් කර තිබෙනව.ඊට අදාල දත්ත සීමාව ඉක්මවා ගිය පසු වේගය 64kbps දක්වා අඩු කිරීමකට ලක්කරන බවද සඳහන්.මේවායේ මිල ගනන්ද දැනට පවතින අසීමිත පැකේජ වලට වඩා අඩුකර තිබෙනවා.

Home  රු1490    
Xcite   රු2690
Office  රු4890
Xcel    රු 8890

මෙම පැකේජ වලට දැනට unlimited පැකේජ භාවිතා කරන්නන්ට නොමිලේම මාරු විය හැකියි.

දැනට Unlimited පැකේජ භාවිතා කරන්නන් සඳහා කිසිඳු සාධාරණ භාවිත ප්‍රතිපත්තියක් ඇතුලත් නොකරන බවද සඳහන්.


මෙහි  connection ratio එක සඳහන් කර නැති වුවත් මැයි මස 1 වැනිදා සිට දවසේ ඕනෑම වෙලාවක 60% කට වඩා ප්‍රකාශිත වේගයක් පවත්වාගත යුතු බව ත් TRC මගින් මෙය පරීක්ෂාවට ලක්කරන බවත් සඳහන්.
මීට අදාල සියලුම තොරතුරු පහතින් දක්වා ඇත.


 අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ unlimited පැකේජ ගන්න ඉන්න අය දැන්මම ගිහින් අරගන්න කියන එකයි.මොකද මැයි 1 වෙනිද ට පසුව ලංකාවෙ Unlimited Internet කියල දෙයක් නැතිවෙනව.
Volume Based Broadband Packages Slt



මූලාශ්‍රය: http://www.trc.gov.lk/images/pdf/Volume_Based_Broadband_Packages_slt.pdf

Etisalat Sri Lanka නව 3G Broadband පැකේජ හඳුන්වා දෙයි.



පසුගිය වසරේ සිට කල් යමින් සිටි Etisalat HSPA තවත් නොබෝ දිනකින්ම දියත් කිරීමට නියමිතයි.
දැනටමත් විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවෙන් මීට අදාල ගාස්තු අනුමත වී ඇත.

දැනට ලබාදීමට නියමිත පැකේජ ගාස්තු රටා පහත පරිදි වේ.

පැකේජ විස්තර


කවුරුත් බලාපොරොත්තු වූ අසිමිත පැකේජ නම් හඳුන්වා දී නෑ.ගාස්තු වලින් නම් දැනට පවතින මිලට වඩා විශාල මිල අඩු කිරීමක් දක්නට නෑ.ඇතැම් පැකේජ වල මිල වෙනත් ජාල වල පවතින මිලට සමාන හා වැඩි බව තමා පේන්නෙ.විශේෂ තරගකාරීබවක් පේන්න නෑ.පසුගෙවුම් පැකේජ වල අතිරේක දත්ත භාවිතය සඳහා 1MB සඳහා රු 0.20 ක් ද පෙරගෙවුම් පැකේජ වල රු0.50 ක්ද අයකරනවා.

තවමත් නිල වශයෙන් ජාලය දියත් කරන දිනයක් නොමැති වුවත් TRC අනුමැතියෙන් පසුව ඉක්මනින්ම මෙය බලාපොරොත්තු විය හැකියි.දැනටමත් ඇතැම් ප්‍රදේශයන්හි 3G සක්‍රීය කර ඇති නිසෘ speedtest.net මගින් ලබාගන්නා ප්‍රතිපල මෙහි සදහන් කරන්න.







Airtel (un)official Facebook Fan Page එක අතුරුදහන්



මේ මාසේ මුල් සති දෙක තුල facebook එක තුලු සිදුවුණ දෙයක් ගැන කියන්නයි මේ යන්නෙ.

මේ අවුරුද්ද මුල වෙනකොට සෑම දුරුකථන ජාලයකටම නිල Facebook පිටුවක් තිබුන.හරිම තොරතුරු ලබාගන්න මේ facebook පිටු යොදාගන්න කියල මම මීට කලින් post එකකත් කියල තිබුන කියල කට්ටියට මතකත් ඇති.ඒත් මේ නිල විදිහට පෙනී ඉඳල මේ පිලිබඳව කීප දෙනෙක් ප්‍රශ්න කලාම එකවරම අතුරුදහන් වුණු Airtel Page එක ගැන post එකක් දාන්න හිතුණ.

මේ page එක තිබුනෙ http://www.facebook.com/AirtelSL  කියන link එකේ නමුත් මේක දැන් නැහැ.මේක ගැන සංවාදයක් ඇතිවුනේ මේ මාසෙ fan page එකේ ක්‍රියාකාරීව හිටපු කෙනෙකුට නොමිලේ reload එකක් දෙනව කියල දාලා තිබුන වෙලාවේ පටන්.

මේ පිලිබඳව තවත් user කෙනෙක් reload එකේ ref ID එක මෙතෙන්ට දමන්න කියලත් තිබුණ.ඉන් පසුව මේ Page එක ගැන airtel hotline එක, පාරිභෝගික සේවා නිලධාරීන් සහ email support එක කියල තිබුණ දෙවල් ගැනත් තොරතුරු page එකට එකතුවෙන්න පටන් ගත්ත.හැම තැනකින්ම කියල තිබුණෙ  මේ page එක නිල නොවන බවක් නිල පිටුවක් නොමැති බවත්. කීප දෙනෙක් page එක කරන admin ගෙන් AIRTEL HO  එකේ වැඩකරන කට්ටියගෙ පවා විස්තර අහල තිබුණ.මේ ගැනත් නිවැරදි තොරතුරු හම්බවුණා.මමත් මේ page එක නිල page එක නම් www.airtel.lk මුල් පිටුවට මේ link එක දාන්න කියල.සති දෙකකින් විතර ඒක කරනව කියලත් comment එකක් දාලා තිබුන.

නමුත් කීපදෙනෙක්ම මේ ගැන Airtel එකෙන් අහල තිබුණ නිසාද කොහෙද එක දවසක් උදේ බලනකොට page එක අතුරුදහන්.

page එක කගේ නම් airtel එකේම වැඩ කරන කෙනෙක් හෝ කීප දෙනෙක් කියල පැහැදිලියි.නමුත් අනුමැතියකින් තොරව මේ දෙය කරල තිබුන නිසා රැකියාවට ගැටළුවක් වෙයි කියල ඔවුන් මෙය නතර කරන්න ඇති.

මේක මම blog එකට දාන්න හිතුවෙ මමත් මේ  post එකක page එකේ link එක නිල පිටුව කියල සඳහන් කරල තිබුන නිසා.
facebook එකේ මේ වගේ නිල නොවන, දුරකථන ජාල වලට අයත් හුඟක් fan pages තියෙනව.හුඟක් අය මේව කරන්නෙ විවිධ පුද්ගලයන්ගෙ දුරකථන අංක වැනි පෞද්ගලික තොරතුරු එකතු කරල ඔවුන් අපහසුතාවයට පත්කරන්න.එම නිසා විවිධ දීමනා ආදියට නොරැවටී මේ pages වලට තමන්ගෙ තොරතුරු ලබාදෙන්න යන්න එපා.නිල twitter/Facebook/ Youtube සහ Flicker ආදී සේවාවන් ඇති දුරකථන ජාල ඒවාට අදාල links තමන්ගෙ නිල වෙබ් අඩවියට එකතු කර තිබෙනව.මේ සිදුවීමෙන් නම් කාටවත් හානියක් වුනේ නෑ.ඒත් ඉදිරියේදීත් මේ වැනි දේවල් පිලිබඳව සැලකිලිමත් වෙන්න.

http://staryblogger.blogspot.com/2011/01/blog-post_04.html  මේ අනුව යාවත් කාලීන වී ඇත.

Etisalat 3G ගැන අලුත් කතා.


මේ දවස්වල අවුරුදු වගේම තාක්ෂණය ගැන උනන්දු හැමෝම  වගේ තකාවෙන දෙයක් තමා Etisalat 3G (Etisalat 3.75G කියලත් කට්ටිය නම් කියනව.UMTS කියලම කියන්නම් නැත්නම්). මේ ගැන මම ඉස්සෙල්ලත් ලිපි ( 1  2  )ලිව්ව කට්ටියට මතක ඇති. කොහොම හරි Etisalat 3G ගැන මට දැනට ලැබුනු තොරතුරු කීපයක් කියන්නයි අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ.

දැනට තොරතුරු වලට අනුව අප්‍රියල් 15 වෙනිදට සේවාව ලැබෙනව.මෙකෙ තාක්ෂණික සේවාව ගැනත් බෙහොමයක් තොරතුරු ලැබුන.Mobitel,Dialog, සහ Airtel ජාල භාවිතාකරන කරන තාක්ෂණයට වඩා හොඳ මට්ටමේ තාක්ශණයක් ජාලය තුල භාවිතා වෙනව කියල.Fiber Optics සහ කුලුණු සම්බන්ධවෙන E1 වෙනුවට නවීනතම උපකරණ භාවිතවෙනව කියලත් මේ තොරතුරු ලබාදුන් තැනැත්තා කිව්ව.මේ තොරතුරු දීල තිබුනෙ නම් මේ ව්‍යාපෘතිය ට සම්බන්ධ කෙනෙක්.මෙ තොරතුරු වැඩිය ප්‍රචලිත කරන්නත් එපා කියල තිබුණ. තොරතුරු දැනගන්න අවශ්‍ය නම් techkatha Google Group   එකේ හොයල බලන්න.මට ඒකෙ Link එක බ්ලොග් එකට දාන්න බෑ.
තාම data package නිතුත් කරල නැතිවුනත් ගිය සතියෙ සාමාන්‍ය GPRS ගාස්තු 1000KB=රු 1 ට ගාස්තු අඩු කිරීමක් කලා.දැනටමත් data package tariff  TRC අනුමත කර ඇති බවට තොරතුරුකුත් ලැබුන.

දැනටමත් ස්ථාන ගණනාවක 3G testing On කරල තියෙන බවත් දැනගන්න ලැබුණ.අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නත් පුළුවන් වුනත් තාම Video ඇමතුම් ලබාගන්න බෑ.speed test කරපු results කිපයක්ම   etisalat FB Page  එකේ දාල තිබුණ. තමන්ගෙ phone/HSPA Modem  එකේ network search එකක් දාල බලන්න තමන්ටත් Etisalat 3G ආවරණය ලැබෙනවද කියල.ඒ වගේම speedtest කරන්න පුළුවන් අය තමන්ගෙ speedtest result එක comment කරන්නත් අමතක කරන්න එපා.

පසුගිය ලිපියෙන් කරල තිබුණ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ හැමෝට ස්තුතියි! දැනට likes 20  ක් පමණ ලැබී තිබෙනව.ඒත් මට මීට වඩා likes ප්‍රමාණයක් අවශ්‍යයි.Facebook තියෙන අය මේ Link එකෙන් ගිහින් මේ fan page එකේ like එකක් දාන්න පුළුන්නම් ලොකු උදව්වක්

http://www.facebook.com/pages/Ask-The-Bookie/114257261987458

බෙහොම ස්තුතියි! නැවත මෙවැනිම ලිපියකින්  හමුවෙමු!

Mobitel නව Broadband ගාස්තු



Mobitel පාරිබෝගිකයන්ට සුභ ආරංචියක් අරගෙනයි අද ආවෙ. Daily Delight ගාස්තු සහ පසුගෙවුම් පැකේජ ගාස්තු අඩු නව පැකේජ කීපයක් හඳුන්වා දී තිබෙනව. මේක හෙට ඒ කියන්නෙ මාර්තු 1 වෙනිද ඉඳන් ක්‍රියාත්මකයි.

 නව පැකේජ තුනක් හඳුන්වාදී තිබෙනව.

සක්‍රීය කිරිමේ ගාස්තුව    රු20                                    රු100                          රු 350
අදාල පැකේජය             පෙරගෙවුම්                          පසුගෙවුම්                    පෙරගෙවුම් සහ පසු ගෙවුම්
වේගයන්                       ----------------   1Mbps Down/ Up Link-------------------------

වලංගු කාලය                 පැය 24                        බිල් ගෙවුම් මාසයයි              දින 30 /බිල් ගෙවුම් මාසයයි  


නොමිලේ දත්ත            100MB                                  350MB                        1024MB
අමතර දත්ත භාවිතය     10KB සත 1                          10KB සත 1                  50KB සත 1

 මේ ගැන වැඩි විස්තර සඳහා මෙතන Click කරන්න

http://www.trc.gov.lk/images/pdf/Prepaid_&_Postpaid_Data_Tarff.pdf

දැනට පවතින තොරතුරු වලට අනුව නම් Zoom පැකේජ සඳහා සංශෝධනයක් නෑ.
තවත් ආරංචියක් තියෙනවල Etisalat 3G සමහරක් පැති වල ක්‍රියාත්මක කරල.Testing සඳහා වෙන්න ඕන.Signal ලැබෙන කෙනෙක් ඉන්නවනම් Comment එකක් තියන්න.

ලිපිය නම් මෙතනින් අවසාන කරන්න වෙනව.Odesk ලිපි ටික අතරට මේ ලිපිය දැම්මෙ Odesk ලිපිය තාමත් ලියාගන්න බැරි වුන නිසා.මේ දවස්වල odesk වල වැඩ ගොඩගැහිල නිසා ලිපි ලියන්න මට වෙලාව අඩුයි.

Mobitel එකෙන් එන Mtunes Spam ඇමතුම් නතර කරමු.

Mobitel එක Customer care Serviceල Quality කෙසේ වෙතත් හරියටම Promotions කරන ආයතනයක්නෙ. බලෙන් හරි ඇඟෙ ගහන්න තමා බලන්නෙ.ඒක  පාරිභෝගිකයාට ඕනද එපාද කියල බලන්නෙ නෑ.
මේ වගේ කරදරකාරි සේවයක් තමයි M tunes Promotional calls කියන්නෙ.මොබිටෙල් දුරකතන වලට සාමාන්‍ය මොබිටෙල් අංකයකින් ඇමතුමක් දීල ගීත ලැයිස්තුවක් වාදනය කරනව.ඊට පස්සෙ වැරදිලා හරි අංකයක් ඔබපු සැනින් එම ගීතය M Tune( Ring back tone) එකක් විදිහට එකතුවෙන්නෙ රු 7 විතර අයකරගෙන.ඊට පස්සෙ දෛනිකව රු 7 ක් අය වෙනව.

මෙකෙ තියෙන පහත් වැඩ තමා  වැරදිලා හරි අංකයක් ඔබපු ගමන් කිසිම තහවුරු කරගැනීමක් නැතිව සේවාව ක්‍රියාත්මක කිරිම.ඒත් මේ සේවාවෙන් ඉවත්වෙනව නම් තහවුරු කරන්න අංක 10 ක් විතර ඔබන්න ඕන. Mtunes විතරක් නෙමෙයි වෙන සේවාවක් වුනත් අයින් කරන්න නම් වැඩ ගොඩක් කරන්න ඕන. ලියුම් දෙන්න ඕන.

බස් එකකවත් යද්දි මේ call එකක් ආවහම කවුරුත් සැක කරන්නෙ නෑ මොකද මේක සාමාන්‍ය අංක 10 ක් තියෙන Mobitel number එකක් නිසා.Hello කියල ඉස්සුවහම පස්සෙ තමා දැන ගන්නෙ.මොන වැදගත් වැඩක  හිටියත් මේ දේ වෙනව. හදිස්සියෙවත්  Cut කරන්න ගිහින් අංකයක් එබුනොත් වැඩේ ඉවරයි.

හුඟක් කාන්තා පාර්ශවයේ අයට සහ වැඩිහිටියන්ට තමා මේ දේ වෙන්නෙ.සමහරු මේ Active වුනා කියල දන්නෙ තමන් දාපු Reload එක නිකම්ම ඉවරවුනාට පස්සෙ තමා.

අනෙකුත් Network වලට සාපෙක්ශව Mobitel M tunes වල මිල හුගක් වැඩියි.දෛනිකව රු 7 ක් විතර අය වෙනව.ඒ තියන්නෙ මාසෙට රු 7*30=රු 210.  මාසිකව ක්‍රියාත්මක කලත් රු 120 ක් විතර අය වෙනව.ඉතින් මේ දවස් වල මිනිස්සුන්ට මෙච්චර ගානක් වියදම් කරල මේක දානවට වඩා සල්ලිවලින් කරන්න වැඩ තියෙනවනෙ.අමාරුවෙන් එකතු කරල Reload එකක් දාන්නෙ සමහරු වැඩි දවසක් භාවිතා කරන්න.මේ වගේ දේකට ඒ සල්ලි වියදම් වෙලා කියල දැනගත්තහම ලොකු කේන්තියක් ඇතිවෙනව.

මේ වගේ පහත් මට්ටමේ ප්‍රචාරණ උපක්‍රම භාවිතා කරන එපා කියල මේ දෙයින පීඩා විදපු හුඟක් අය තමන්ගෙ බ්ලොග් වල කියල තිබුන.ඒ වගේම Mobitel Facebook Page  එකේ Twitter Page එකේ කියල තිබුන.ඒත් Mobitel මේ එකකටවත් කන් දෙන පාටක් නෑ. ඒක නිසා තමා මම මේ දෙ කරන්න හිතුවෙ.

මේ Mobite spam calls එන Number එක දැනගෙන හිටියොත් මේක contact list එකේ හරි save කරගෙන ඇමතුම විසන්ධි කරන්න පුළුවන්නෙ.ඒත් ඇමතුම් ලැබෙන අංක නිතරම වෙනස් කරනව.මේ අංක List එකක් තියෙනව නම් හැමොටම මේ අංක Block කරන්න පුළුවන්.

හැමොටම facebook ගිණුම් තියෙන නිසා මම මේ ගැන facebook page එකක් හැදුව.මේ අංක හැමොටම එතෙන්ට යොමු කරන්න පුළුවන්.
මෙන්න facebook Page එකේ address එක

http://www.facebook.com/pages/Mobitel-Mtunes-Spam-Call-Reporter/183965031625431


මේ වගේ ලැබෙන නව අංක ගැන තොරතුරු මම Page එකට ලබාදෙන්නම්. ඔයාල ලඟ තියෙන  අංක සහ නව ලැබෙන අංක page එකට එකතු කරන්න.ඒ වගේම Page එකේ තියෙන අංක බලල ඒව තමන්ගෙ contact list එකට එකතු කරල තියාගන්න. Mtunes spam කියල හරි Dont Answer කියල.

Facebook sms ක්‍රියාත්මක කරල නම් Facebook Page එකේ Subscribe via sms ඔබන්න.නව අංක ඇතුලත් වූ සැනින් ජංගම දුරකථනයටම කෙටි පණිවිඩයක් ලැබෙයි මේ ගැන කියල.නිතරම බලන්න දෙයකුත් නෑ.

Facebook නැති ඒ වගේම Blog එක බලන්නෙ නැති අයටත් මේ ගැන කියන්න.ඒ වගේම හැමෝගෙම සහයෝගය අවශ්‍ය වෙනව මේ දේට.හැමෝම calls cut කරන්න ගත්තහම නිකම්ම Mobitel එකට මේ දේ නවත්වන්න සිද්ධ වෙනව.

M tunes අයින් කරන්න Unsub කියල Type කරල 777 යවල හරි 777 අමතල හරි තවත් අමතර ගානක් වියදම් කරන්න අවශ්‍ය නෑ. 707 අමතල අංක 2 සටහන් කරල උපදෙස් පිලිපදින්න.wap.mobitel.lk එකට ගිහිනුත් ඉවක් කරගන්න පුළුවන්.

ජාතික ජංගම දුරකතන සේවය හැටියට මෙවගේ පහත් පෙලේ ප්‍රචාරණ ක්‍රම යොදාගන්න එපා කියල Mobitel ආයතනයෙන් නැවතත් ඉල්ලා සිටිනව.

Dialog Broadband මිල තවදුරටත් පහලට සහ නව Airtel youth පැකේජ

පසුගිය ලිපියෙන් Dialog HSDPA පැකේජ සහ Airtel පැකේජ වෙනස්වීමක් ගැන කියල උනුසුම යන්නත් කලින් තව පාරක් ඒවා වෙනස් වෙලා.GPRS ගාස්තුත් අඩුවෙලා.එහෙනම් වැඩි කථා නැතිව විස්තර කියල ඉන්නම්.

Lite පැකේජය                       රු290       ඉහලම වේගය පවතින දත්ත සීමාව         1GB
small    පැකේජය                  රු690       ඉහලම වේගය පවතින දත්ත සීමාව          3GB
Medium 5GBපැකේජය        රු990        ඉහලම වේගය පවතින දත්ත සීමාව          5GB
Large 10GBපැකේජය          රු1490      ඉහලම වේගය පවතින දත්ත සීමාව          10GB
Group 15GBපැකේජය         රු 1990     ඉහලම වේගය පවතින දත්ත සීමාව          15GB

 මේ සෑම පැකේජයකම නොමිලේ දත්ත සීමාවට වඩා සිදුකරන මුල්ම  1GB දත්ත භාවිතයේදී 384kbps download සහ 64kbps upload වේගයක්ද එයද ඉක්මවූ විට 64kbps download සහ 16kbps upload දක්වාද වේගය අඩු වෙනව.
මුල් වේගය ලබා ගත යුතු නම් රු 300 ක් ගෙවා 1GB දත්ත භාවිතයක් ලබාගත හැකියි.
මෙහි group පැකේජය ලබාගත හැකි වන්නෙ ආයතනික පැකේජ සඳහා පමණක් වන අතර සමුහය අතර දත්ත භාවිතයද බෙදී යනව.

මීට අමතරව දත්ත සීමාවක් සහිත නව පැකේජයක් 2ක්ද  හඳුන්වා දී තිබෙනව.

Mobile 99    මාසිකව රු 99 නොමිලේ දත්ත 350MB
Mobile 299 මාසිකව රු 299 නොමිලේ දත්ත 1GB
වැඩිවන දත්ත භාවිතය සඳහා 1MB= සත 50

මීට අමතරව පෙර ගෙවුම්  (Prepaid) දත්ත පැකේජයක්ද ලබා දීමට නියමිතයි.
දෛනික ගාස්තුව රු 3 සහ නොමිලේ දත්ත භාවිතය 10MB දක්වා.වැඩිවන දත්ත භාවිතය සඳහා 1MB= සත 50

මීට අමතරව සියලුම පෙරගෙවුම් පාරිභොගිකයන් සඳහා GPRS දත්ත භාවිතය 1000KB= රු 1
මෙම වෙනස්වීම් හෙට සිට එනම් ජනවාරි 15 සිට ක්‍රියාත්මකයි.

Airtel ද හඳුන්වාදීමට නියමිත ව Youth පැකේජ සංශෝධනය කර නව පැකේජ කීපයක් ඉදිරිපත් කර කිබෙනව.මෙය දැනටමත් ක්‍රියාත්මකයි.

ඉහත සියලුම පැකේජ සඳහා ගාස්තු වලට රජයේ බදු ලෙස 22.45% ගාස්තුවක් අයකරනු ලබයි.
මූලාශ
http://www.trc.gov.lk/images/pdf/Postpaid_Broadband_Packages.pdf
http://www.trc.gov.lk/images/pdf/Prepaid_Broadband_Package.pdf
http://www.trc.gov.lk/images/pdf/GPRS_Tariff.pdf
http://www.trc.gov.lk/images/pdf/Uth_Daily_Weekly_Monthly_Plans.pdf

Dialog HSPA සහ Bell Broadband නව ගාස්තු සහ පැකේජ

මෙන්න Dialog HSPA සහ Bell Wimax පාරිභෝගිකයන්ට සුභ ආරංචියක්!

Dialog HSPA රු690 පැකේජයේ මිල රු490 දක්වා මිල අඩුකිරීමට Dialog Axiata සමාගම පියවර අරන් තියෙනව.මේ ගැන දැනටමත් TRC අනුමැතිය ලැබී අවසානයි.ඉදිරි කාලයේදී මේ මිල අඩු කිරීමට ක්‍රියාත්මක කරයි.
මේ අනුව සාධාරණ භාවිත ප්‍රතිපත්තිය(FUP) දක්වා 2GBපැකේජයට නියමිත උපරිම වේග සීමාවන් ලැබෙන අතර ඊට පසුව 2GB සිට 3GB දක්වා 384kbps බාගත සහ 64kbps උඩුගත වේගයක් ලැබෙන අතර 3GB ට අමතර දත්ත බාවිතා කිරිම් වලදී 64kbps බාගත සහ 16kbps උඩුගත වේගයක් ලබාදේ.ඉහලම වේගයකින් දත්ත භාවිතය අවශ්‍ය නම් 1GB සඳහා රු300 ගෙවිය යුතු වේ.

 මිල ගණන් සාපේක්ෂව ඉහල මට්ටමක තිබු Bell Wimax ද මිල ගණන් අඩුකිරිමට පියවර ගෙන ඇත දැනටමත් මේ සඳහා TRC අනුමැතිය ලැබී ඇත
අමතර දත්ත භාවිතය සඳහා 1MB ට සත20 කි.
ඉදිරියේදී මෙම නව පැකේජ හඳුන්වාදීමට නියමිතයි.
Bell wimax නම් ගාස්තු අඩුකලේ SLT wimax  නිසා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.මිල ගණන් හුඟක්ම සමානයි.ඒ වුනාට සම්බන්ධතා ගාස්තුව නම් හුඟක් සාධාරණයි.මේ සියල්ලම සීමිත භාවිත පැකේජ.

මූලාශ http://www.trc.gov.lk/images/pdf/trc_d_10_50_p.pdf
          http://www.trc.gov.lk/images/pdf/trc_lb_10_6_p.pdf

මේ සතියේ ලැබෙන නව Airtel සහ Eisalat Data Package

හෙට සිට Etisalat ආයතනය නව GPRS Loaded 2000 සහ GPRS Loaded 5000 යනුවෙන් Package 2ක් හඳුන්වාදීමට නියමිතයි.

GPRS Loaded 2000                                                        

දෛනික ගාස්තුව Rs. 2/- + tax
නොමිලේ දත්ත 2 MB
අමතර භාවිතය 1 cent per kilo byte

GPRS Loaded 5000

දෛනික ගාස්තුව Rs. 5/- + tax
නොමිලේ දත්ත 5 MB
අමතර භාවිතය 1 cent per kilo byte



 Etisalat මෙ යන විදිහට නම් 3G data packages ගැන හිතාගන්න පුළුවන් වෙයි.අනිකුත් ජාල එක්ක සසඳන කොට මේ ගාස්තු නම් වැඩියි කියලයි මට හිතෙන්නෙ.

AIRTEL මගින්ද නව පැකේජ කීපයක් ලබාදීමට නියමිතයි


මේ ගැන වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවන්
http://www.trc.gov.lk/images/pdf/trc_a_10_5_p.pdf

Etisalat Sri Lanka 3G සහ MiMo Users

Etisalat 3G ගැන උනන්දු අයටයි මේ ආරංචිය.ජනවාරි වල දෙන්න සැලසුම් කරල පෙබරවාරි වල දෙනවයි කියපු Etisalat 3G ඔන්න දැන් අප්‍රේල් වලම දෙනව කියනව.මේක Etisalat කියන හැටියට නම් 3G වත් 3.5G වත් නෙමෙයිලු 3.75G කියලයි ප්‍රචාරණය කරන්නෙ.සිංහල අවුරුද්දටම දෙනව කියල තමා Etisalat කියන්නෙ.මේ ගැන වැඩි විස්තර දන්නෙ නැත්නම් මම මේගැන ලියපු මුල් post එක මෙතනින් බලන්න.
බලමු මේ අය කියන්නෙ මොකක්ද කියල.

ජනවාරි 1 වෙනිද මේ අය නිල facebook Page එකේ දාල තිබුන පෙබරවාරි වල 3G දෙනව කියල.Photo එකකුත් දාල තිබුන.Etisalat Facebook Page එක නිතරම බලන අයට මතකත් ඇති මේකෙ දාලා තිබ්බෙ

Etisalat subscribers can enjoy average data speeds කියල.

මේකෙ මේ avarage data speeds කියන්නෙ මොකක්ද කියල කෙනෙක් අහල තිබුන.මේකට Etisalat මගින් දීපු පිළිතුර තමයි
HSPA users can enjoy 7.2Mbps සහ MiMo users can enjoy 28.8Mbps කියන එක.

මේකෙ මේ MiMo users කියන එක මම එදාම තමා ඇහුවෙ.මොකද MiMo කියන්නෙ කුළුණ සහ පාරිභොගිකයා සම්බන්ධවන තාක්ෂණයක් නෙමෙයි.දුරකථන ජාලයක් MiMo තාක්ෂණය භාවිතා කරනව කිව්වට MiMo කියල තාක්ෂණයකින් පාරිභෝගිකයාට ලබාදෙන සේවාවක් නෑ.(එහෙම තියෙනවනම් MiMo Modems,MiMo ජංගම දුරකථන තියෙන්නත් ඕන) හැබැයි MiMo භාවිතා වන ජාලයක දත්ත සම්ප්‍රේශණ වේගය වැඩි නිසා ඒකට HSPA+ කියනව.3.75G කියන්නත් පුළුවන්.මෙකෙදි හැමෝටම 28.8Mbps වේගයක් ලැබෙන්නෙ නෑ.නමුත් බොහොමයක් දෙනා සම්බන්ධ වෙනකොට බාධාවක් නැතිව හැමෝටම හොඳ සේවයක් සපයන්න පුළුවන්.

මේ දේ මම Etisalat page එකේ කිව්වට පස්සෙ පැය 24ක් යන්නත් කලින් ඒ අය  Comment එක මකල මට තවදුරටත් ඒ පිටුවෙ Comment කිරීමත් අවහිර කලා.Etisalat එක 3G දෙන එක April වලට කල් දැම්ම ගමන් පෙබරවාරි වල 3G දෙනව කියපු photo එක සහ comments සියල්ලම මතල තිබුන.මෙහෙම දෙයක් වෙයි කියල හිතුවෙ නැති නිසා මම screen shot එකක්වත් අරන් තිබුනෙ නෑ.

MiMo කියන්නෙ මොකක්ද කියල කෙටියෙන් පැහැදිලි කරන්නම්.MiMo කියන්නෙ Multi Input-Multi Output කියන එක.ප්‍රධාන වශයෙන්ම HSPA Wimax වගේ තාක්ශණයන්වලදී යොදාගන්නව.මේකෙදි කරන්නෙ සේවා සපයන කුළු‍ණෙ Antenna ගණන වැඩිකරල තනි කුළුනකින් සේවා සැපයිය හැකි පාරිභොගිකයන් ගණන වැඩිකරන එක.සාමාන්‍යයෙන්  නම් කරන්නෙ සේවා සැපයුම් කුළුවනු ගණන වැඩිකරල එක් කුළුණකට සම්බන්ධ වන පිරිස අඩු කරගන්න එක.
කාර්යබහුල වේලාවෙදි පවා channels නැති වීමෙන් වෙන්න පුළුවන් අවහිරතා මේකෙන් මඟ හරවා ගන්න පුළුවන්.අනික ඉහල සම්ප්‍රේශණ වේගයක් ලබාදෙන්නත් පුළුවන්.(හැබැයි 28.8Mbps වගේ වේගයක් නම් නෙමෙයි.)

මේ දෙවල් වලින් මට නම් පේන්නෙ Etisalat ආයතනය ගැනත්ලොකු විශ්වාසයක් තියාගන්න බෑ කියල.මොකද 3G දෙන්න කලින් මෙහෙම නම් දුන්නට පස්සෙ ගැන හිතාගන්න පුළුවන් නිසා.අනික 3G ලබාදෙන දිනයත් බොහොම අවිනිශ්චිත තත්වයක තියන නිසාමේ ගැන ඔවුන්ගෙත් නිසි සුදානමක් නැති බවයි පේන්නෙ.

සමහර පැති වල testing on කරල කියලත් කියනව.මම නම් හරියටම දන්නෙ නෑ.මේගැන වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

පසුගිය මස (දෙසැම්බර්) තුල ලංකාවේ අන්තර්ජාල සේවාවන් හි තත්ත්වය

පසුගින මාසයේ අන්තර්ජාල සේවාවන්ගෙ වේගයන් සාමාන්‍යයෙන් මාසෙ පළමුවෙනි Post එක විදිහට දැම්මට අවුරුද්දෙ මුල හින්ද මම ටිකක් පරක්කු කලා.ඒත් බ්ලොග් එක බලන කීප දෙනෙක්ම මේ Post එක දානකම් තමන්ගෙ speedtest results තියාගෙන බලාඉන්න නිසා මම වැඩිය කථා නොකර වැඩේට බහින්නම්.

TRC එක මගින් කරපු සමීක්ශනය හින්ද හුඟක් ආයතන තමන්ගෙ Broadband වේගයන් හොඳ මට්ටමක පවත්වාගන්න පටන් ගත්තෙ දෙසැම්බර් මාසෙ මැද වෙනකොට.ADSL වල වේගයන් බොහෝ package වල 50kbps ඉඳල  100kbps වලින් පමණ වැඩි කලා.Mobitel වලත් දැන් ටිකෙන් ටික හරියාගෙන එන වෙලාවල් තියෙනව.Airtel නම් තව  Bandwidth එකතු කරල නිසා හොඳ වෙගයක් ලැබෙනව කියල Airtel භාවිතා කරන කීප දෙනෙක්ම මට කිව්ව.


Airtel Youth plan මාලඹේ (Result Submitted by Kvcy)
Airetl Youth plan කළුබෝවිල (Result submitted by Pasan)

 Airtel Youth Plan ස්ථානය සඳහන් වී නැත (Result submitted by Mahesh)



SLT Adsl Home(512kbps) රත්නපුර (result submitted by Randika2)

SLT Adsl Home(512kbps)  ස්ථානය සඳහන් වී නැත (result submitted by Nishantha)
SLT Adsl Home(512kbps)  ස්ථානය සඳහන් වී නැත (result submitted by Yushan Yasiru Senasinghe  )

Dialog HSDPA ගම්පහ බැලුම්මහර (result submitted by Subash Priyankara )
 Dialog HSDPA ලක්ෂපාන (result submitted by Chamli)


Dialog wimax කොම්පඤ්ඤ වීදිය (result submitted by AsA)
මට Mobitel,Lankabell speedtest results නම් ලැබිල තිබුනෙම නෑ.
SLT Adsl සම්බන්ධතා වල වේගය වැඩි කලා කියල මම කිව්වනෙ.මම techkatha group එකේදි දැක්ක කීප දෙනෙක්ම කියල තියෙනව තමන්ගෙ සම්බන්ධතාවය upgrade කරල නෑ කියල.මේ ගැනත් බලන්න.සමහරක් පැති වලට මේක ප්‍රමාද වෙලා ඇති.

512 kbps Entree සබඳතාවය 

1Mbps සබඳතාවය


ජනවාරි වල ඉඳන් දැන් තවත් සේවා සපයන්නෙක් එකතුවුනා.ඒ තමා SLT wimax (skynetwork) මේ සබඳතාවක් ගත්ත කෙනෙක් ඉන්නවනම් මේ ගැනත් විස්තර comment කරන්න.ලබන මාසෙ Etisalat 3G ලැබෙන නිසා තවත් සේවා සපයන්නෙක් ලංකාවට එකතු වෙනව.

මේ post   එකට එක් කරන speedtest results ලබන් මස(ජනවාරි ) පලකරන පසුගිය මස  තුල ලංකාවේ අන්තර්ජාල සේවාවන් හි තත්ත්වය ලිපියෙ අන්තරගතයට යොදන නිසා කරුණාකර විස්තරාත්මකව එය comment කරන්න.