Dialog 4G 124Mbps දක්වා වේගයක් පෙන්වයි.

Etisalat 3.75G ලබාදුන් මොහොතේම වගේ Dialog සහ Mobitel තාක්ෂණයේ තවත් ඉදිරි පිම්මක් ගොස් 4G LTE ජාල පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක කලා.මුල් Post එකකින් Mobitel LTE ජාලය ගැන කිව්වට Dialog LTE ජාලය ගැන කියන්න තරම් තොරතුරු දැනගෙන හිටියෙ නෑ.

දැනට කොලඹ නගරයේ පමණක් ස්ථාපනය කර ඇති මෙම ජාලය තවමත් පරීක්ෂණ මට්ටමෙන් පවතින්නෙ.තාම මේ පහසුකම් ලබාදී ඇත්තේ නගරයේ Colombo Fort, Colombo 2, 3 and 4 and Narahenpita කුලුණු 10 කට ආසන්න ප්‍රමාණයකට පමණයි.වේගය නැරඹීමට අවශ්‍ය නම් Darly Road හි පිහිටා ඇති Dialog Future World වෙත පිවිසිය හැකියි.

දැනට දක්වා ඇති පරිදි Indoor සඳහා 127Mbps වැනි වේගයක්ද? Outdoor සඳහා 55Mbps වැනි වේගයක්ද පෙන්නුම් කර තිබෙනවා.(HSPA වල නම් මේකෙ අනික් පැත්ත)

පහත ඇති තොරතුරු Dialog FB Fan page එකේ පලවුන දේවල්.(වීශාල කර බැලීමට ඒ මත click කරන්න)


සාමානයෙන් 127.4Mbps උපරිමයක් පෙන්නුම් කලත් 100Mbps පමණ ස්ථාවර වේගයක පවතින බව පේනව.

මේ සඳහා තාක්ෂණික දායකත්වය Huawei Technologies මගින් ලබාදෙනව.
Mobitel LTE ලිපිය දාපු වෙලාවෙත් කෙනෙක් මේ ගැන කියල තිබුනත් මම කිව්වා වගේම මෙකත් තාම පරීක්ෂණ මට්ටමේ පවතින්නෙ.  TRC මගින් තවමත් නිශ්චිත සංඛ්‍යාත පරාස වෙන් කරල නෑ. වැඩි විස්තර අවශ්‍ය නම් Dialog FB Fan Page එක බලන්න.




Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!