ලංකාවෙ Etisalat 3G ගැන පෙරවදනක්

8:18 AM , 0 Comments


ලංකාවෙ සිව්වන 3G ජාලය ලෙස Etisalat ලඟදීම එක්වෙන්න යන බව කවුරුත් මේ දවස්වල කතා කරන නිසා මේ ගැන නිල නොවන තොරතුරු ටිකක් දාන්න හිතුන.

3G වලට අදාල උපකරණ දැනටමත් කුලුණුවලට සම්බන්ධ කරල ඉවරයි.මම දැක්ක විදිහට නම් කොළඹ,Highlevel පාර සම්පුර්ණයෙන්ම ආවරණය වෙනව.පාදුක්කත් ආවරණය වෙනව.අනිත් ප්‍රදේශ ගැනනම් මම වැඩි විස්තරයක් දන්නෙ නෑ.

මේක 3G ජාලයක් කිව්වට 3.75 G ජාලයක් කියල තමයි සංවර්ධනය කරන්නෙ(DEVELOP).ඒ කියන්නෙ HSPA+ ජාලයක් විදිහට තමා මේක මුල ඉඳල පටන් ගන්නෙ.

අනෙතුත් 3G ජාල 3 වගේ Huawei ජාලයක් නෙමෙයි.මේක Alcatel-Lucent ජාලයක්.මේ පිලිබඳව Alcatel-Lucent වෙබ් අඩවිය පල කල තොරතුරු සාරාංශය මෙහෙමයි.

Alcatel-Lucent  Etsalat Sri Lanka හි 3G ජාලයේ සම්පුර්ණ සැපයුම් ආයතනය වෙයි.

2G,3G සහ LTE ජාල සේවාවන් සඳහාද පහසුකම් සැපයිය හැකි අයුරින් ජාලය ගොඩ නංවයි.
ප්‍රථම පියවරේදී 480 GSM/EDGE (2.5G) කුළුනු ද 515 3G HPSA+ (3.75G) කුළුනු ද ගොඩ නංවයි.

මිට අමතරව බහුමාධ්‍ය සේවාවන් සඳහා(Mobile
 Tv,Video services) Alcatel-Lucent මගින් MiTV™  විසඳුම සපයනු ඇත.

Alcatel-Lucent වෙබ් අඩවියේ පලවු සම්පුර්ණ විස්තරය මෙතනින් බලන්න.

Alcatel-Lucent හි පවතින විශේෂත්වය තමයි මේක යුරෝපීය ආයතනයක් වීම.Huwei යනු චීන සමාගමක්.මුලින්ම Dialog එකත් යුරෝපීය sony ericsson ජාලයක් තමා භාවිත කරේ.මේකෙන් වැඩි ආවරණයක් දෙන්න බැරිවුනා.පස්සෙ තමා ඔවුනුත් Huawei වලට මාරු වුනේ.Mobitel,Airtel මුල ඉඳලම Huawei.මට කියන්න අමාරුයි මේකෙත් එහෙම වෙයි කියල.මීටත් වඩා හොඳ වෙන්නත බැරි නෑ.

Etsalat HSPA+ ජාලයක් තමා දැන්  ලබාදෙන්නෙ.ඒ කියන්නෙ 28.8Mbps පමණ වේගයක් සහිතව.ඒත් තාම ඔවුන් සඳහන් කරල නෑ ජාත්‍යන්තරව ඔවුන් කොහොමද සම්බන්ධ වෙන්නෙ කියල.මුහුද යටින් යන cables නම් ඔවුන්ට දැනට නෑ.නමුත් SLT වගේම Etisalat Emirates කියන්නෙ SE-ME-WE  වයාපෘතියෙ කොටස් කරුවන්.එම නිසා  SLT හරහා සම්බන්ධ වෙන්න තියෙන ඉඩ වැඩියි.නැත්නම් Airtel වගේ lankacom හරහා සම්බන්ධ වෙයි.

Etisalat Emirates පවා  සාධාරණ භාවිත ප්‍රතිපත්තියෙන්(FUP) තොරව Unlimited Package දීල නෑ.ඒක නිසා දැන් තියෙනවට වඩා විශාල දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.( Etisalat Emirates හි Data package විස්තර මෙතනින් බලන්න)

Mobitel දැන් Data වල මිල අඩුකරන්න යනව කියල කථාවක් තියෙනව.Etisalat 3G දෙනකොටම වගේ අඩු කරයි.බොහොවිට මේ දෙසැම්බර් වල හෝ අනිවාර්යයෙන්ම ලබන ජනවාරි වල 3G ,ලැබෙන බව Etisalat කියනව.දැනටමත් සමහරක් පැති වල testing on කරල ඇති.3G Phone එකක Manual Network search කලාම මේක බලාගන්න පුළුවන්.

මේ ගැන මීට අමතරව ඔබ දන්න දෙයක් තියෙනවනම් comment එකක් තියල යන්න අමතක කරන්න එපා.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!