කාලෙකට පස්සෙ බ්ලොග් එක ලියමි

10:59 PM 0 Comments



තරු බ්ලොග් සටහනට කාලෙකට පස්සෙ බ්ලොග් post එකක් දාන්න හිතුණ. ලියන්න නම් හුඟක් දේවල් තිබුනට වෙලාවක් ලැබුනෙ නෑ. නායකත්ව පුහුණු වැඩසටහනට ගියාට පස්සෙ විශ්ව විද්‍යයාලයෙ ලියාපදිංචි වෙනකන් ගෙදර ඉන්න තිබුණ කාලයත් අඩුවුණා. ඒ වගේම odesk එකේ වැඩත් තියෙනව කරන්න.

පසුගිය මාස දෙකේ අන්තර්ජාලයේ නම් හුඟක් දේවල් වෙලා තිබුණ. Google plus ඇවිත් තිබුණ, facebook එහෙම වෙනස් වෙලා තිබුණල එතකොට ලංකාවෙ දුරකථන සමාගම් වල දුරකතන ගාස්තු අවම ගණන් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් තවත් අඩුකරන්න අවසර දීල තිබුණ.....

පරණ දේවල් ගැන ගොඩක් දේවල ලියල වැඩක් නැති නිසා ටිකක් Google Plus සමාජ ජාලය ගැන කියන්නම්. මට නම් දැනුන විදිහට google සතු සියලුම සේවාවන් වල එකතුවක් හැටියට තමා Google Plus හඳුන්වන් පුළුවන්. මොකද මීට පෙර Picasa, Gmail, Youtube, maps.... වගේ සේවාවන් තිබුණට දැන් Google plus මගින් මේව සියල්ලම හොද අන්තර් සම්බන්ධතාවයකින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැනටම G+ Facecook එකටත් විශාල අභියෝගයක් වෙලා. තාමත් Google plus invitation එකක් ලැබුනෙ නැති අය ඉන්නවනම් gmail ID එක දෙන්න. invitation එකක් ලබා දෙන්නම්.

විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව විසින් අවම දුරකථන ගාස්තුව රු2 සිට රු1.50 දක්වා අඩු කිරීමට අවසර දී තිබෙනව. තාමත් එක සමාගමක්වත් මේ අනුව ගාස්තු අඩු කිරීමක් කර නෑ.

මේ දවස්වල කට්ටිය නැවත වතාවක් odesk ගැන අහන්න ගත්තා. හුඟක් අය මේගැන දැන් උන්නදුයි වගේ. ඒත් කට්ටියගෙ තියෙන උනන්දුව බොහොම ඉක්මනට අඩුවෙනව. කවුරුත් බලන්නෙ බොහොම ඉක්මනට මුදල් හොයන්න. නමුත් මතක තියාගන්න 100% තමන්ගෙ odesk profile එක සම්පූර්ණ නැතිව නම් තමන්ට අවස්තාවක් ලැබෙන්නෙ නැති බව.  ඒ වගේම passport, driving license තියෙන අයට ඒ තොරතුරු odesk එකට සපයල verified odesk member කෙනෙක් වෙන්නත් පුළුවන්. මේකෙන් තමන්ගෙ job quota එක 25 ක් දක්වා ඉහල නංවගන්නත් පුළුවන්. ඒවගේම තමන්ගෙ ක්ෂේත්‍රයට අදාලව odesk tests පුළුවන් තරම් කරන්න. cover letter එක ලියද්දි copy paste නොකර හැම විටම අලුත්ම එකක් දාන්න බලන්න.

හුඟක් අය odesk වග ලියාපදිංචි වුන ගමන් ගෙන්ව ගන්න තව දෙයක් තමා odesk payoneer master debit card එක. නමුත් කවුරුවත් මේකෙ ගාස්තු ගැන හොයල බලන්නෙ නෑ. මේකෙ අය කරන ගාස්තු ගැන ලිපියක් මම මුලිනුත් දැම්ම. මීට වඩා moneybookers හරහා තමන්ගෙ බැංකු ගිණුමටම මුදල් ගෙන්ව ගන්න එක ඉතාම ලාභ දායීයි. රජයේ බැංකු වලට ගෙන්වා ගැනීමේදීත් ඉතා අඩු ගාස්තුවක් තමා අය කරන්නෙ ( ලංකා බැකුව=රු 100 සම්පත් බැංකුව =රු575 අනෙකුත් බැංකු අය කරන ගාස්තු ගැන විස්තරත් දන්න අය comment කරන්න.) ඉතින් withdraw method එක විදිහට moneybookers තොරාගන්න. payoneer card එක ගන්න යන්න එපා.

දැන් odesk වගේ වෙබ් අඩවි ඇරුණහම fiverr, gigme5, microjobs වගේ  වෙබ් අඩවි වලත් හුඟක් අය වැඩ කරනව කියල දැනගන්න ලැබුන. නමුත් මේවගෙ තියෙන ගැටළුව තමා paypal  වලට පමණක් මුදල් ගෙවීම. paypal මගින් ලංකාවට මුදල් ගෙන්වගන්න තවමත් සම්මත කුමයක් නැති නිසා plimus, 2co සහ fastfring වගේ වෙබ් අඩවි වල සහය පතන්න වෙනව. මේ ගැනත් ලිපියක් වෙලාව ලැබුණ අවස්ථාවක දමන්නම්.

blog එකේ මුකුත් නොදැම්මත් හුඟක් අය දැනටමත් facebook සහ email හරහා මේ ගැන මගෙන් නිතරම අහනව. පුළුවන් හැටියට ඒවටත් මම පිලිතුරු දුන්න. පිලිතුරු නොලැබුණ කෙනෙක් ඉන්නවනම් සමාවෙන්න. ටිකක් කාර්යබහුල නිසා තමයි එහෙම වෙන්නෙ.
මේව පිළිබඳව ගැටළු තියෙනවනම් කරුණාකරල comment එකක් තියන්න. ඉඩක් ලැබුණ හැටියෙම පිළිතුරු දෙන්නම්.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.