සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! Happy New year 2012!

10:17 AM 0 Comments

තරු බ්ලොග් සටහනත් සමඟ සම්බන්ධ වු ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!


අලුත් අවුරුද්දෙ  අලුත්ම post එකකින් පටන් ගනිමු එහෙනම්. ලියන්න වෙලාව අඩු වුනත් නව වසරක් ලබන මේ වෙලාවේ හාහා පුරා කියල තොරතුරු කීපයක් බෙදා හදාගන්න හිතුන.

SLT ADSL new packages 

නව පැකේජ කීපයක් SLT මගින් අවුරුද්දෙ මුලදි හදුන්වා දෙන්න යන බව දැනටමත් ඔබ දන්න ඇති. ඇත්තටම මේවා නව පැකේජ කිව්වට තිබෙන පැකේජ වලටම off peak data ප්‍රමාණයක් ලබා දීල තියෙනව. මේකට හේතුව පැරණී ADSL unlimited පාරිභෝගිකයන්ට FUP දැමීම නිසා (මේ ගැන මීට පෙර කතා කලා http://www.inirmal.info/2011/12/slt-adsl-moneybookers.html) ඇතිවු තත්වය. SLT facebook fan page දිහා ටිකක් බැලුවොත් තේරුම් ගන්න පුළුවන්. මොකද මේ විදිහට ඉතාම අසාධාරණ ලෙස වේගය අඩු කිරීම අනුමත කරන්න බෑ. අනික TRC නියමයන්ට අනුව පැරණි පාරිභෝගිකයන්ට වේගය අඩුකරන්න අවසර දීලත් නෑ.

නව පැකේජ වල විස්තර මේ link එක මගින් බලාගත හැකියි.http://www.trc.gov.lk/images/pdf/NewBroadbandPackages12_11.pdf

SLT i-srilanka  project එක යටතේ 20Mbps දක්වා වූ ඉහල වේගයන් ලබාදිය හැකි පරිදි ජාලය සංවර්ධනය කරමින් සිටිනව. ඒ අනුව මේ නව පැකේජ වල වේගයන් පවා ඉහල ගොස් තිබෙනවා. මෙහි පැහැදිලි අරමුණ පැරණි unlimited පාරිභෝගිකයින් නව පැකේජ වලට මාරු කරවීම බව පැහැදිලියි. මොකද මෙහි වේගයන් හුඟක් ඉහලයි.

එසේනම් නව වසරේ වැඩි වේගයක් සහිත අඩු මිල අන්තර්ජාල පැකේජ ලැබේවා සහ odesk වල වැඩි වැඩියෙන් රැකියා සියලු දෙනාටම ලැබේවා ප්‍රාර්ථනා කරමින් අද ලිපිය අවසන් කරන්නම්. නැවතත් මෙවැනිම ලිපියකින් හමුවෙමු.

සුභ නව වසරක් වේවා!

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!