ආයුබෝවන්!

9:37 PM 0 Comments

සිංහල බ්ලොග් එකක් ලියන්න හුඟක් කාලෙක ඉඳන් හිත හිත හිටියට මොකක් හරි නිසා මඟහැරෙනවා.හුඟක්ම වුනේ සිංහල බැරි කම.ඒ කියන්නෙ සිංහල යතුරුලියනය කිරීම නොහැකි කම.හැබැයි ඉතින් අවුරුද්දක විතර ඉඳල බ්ලොග් කියවනව.කාලිංග අයියගෙ බ්ලොග් එක තමා වැඩියෙන්ම බලන්නෙ.
මම වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නෙ තාක්ෂණික කරුණු ගැන කතා කරන්න තමයි. ඒක බලන අයට ප්‍රයෝජනවත් දෙයක් වෙන නිසා.

මම බ්ලොග් ගැන දැනගත්තෙ නම් Airtel ගැන සොයන්න ගිහින්.2008 වර්ශයෙ අවසාන මාස කීපය වන විට මේ ගැන හැමෝම හුඟක් උනන්දු වුනානෙ.Learn Asia බ්ලොග් එක තමයි මුලින්ම දැක්කෙ.ඊට පස්සෙ හැමදාම ඒක බැලුව.බ්ලොග්කරණයෙ ප්‍රවීණයන් වන කාලිංග අයියගෙ බ්ලොග් එක හම්බ වුනේ ඊට පස්සෙ.ඒකෙන් හුඟක් දේවල් දැනගන්න ලැබුන.කාලිංග අය්යගෙ ප්‍රයත්නය නිසා පාරිභොගිකයන්ට දුරකථන සමාගම් වලින් වන අසාධාරණයන්ට එරෙහිව හඬක් නගන්න හැකි වුණා.

Airtel ගැනත් දෙයක් කියන්න ඕන.ඒක එන්න කලින් අපි බලාපොරොත්තු වුන දේවල් අපිට ලැබුනද කින එක.75% විතර නම් ලැබුණ.තවත් Network එකක් එනවලු.ඒ ගැන ඉදිරි ලිපියකින් කියන්නම්.

සතියකට ලිපි දෙකක්වත් ලියන්න බලාපොරොත්තු වෙනව.කරුණාකර comments ලියන්න.මම තාම මේ දෙයට ආධුනිකයි එම නිසා මේ ගැන ඔබේ අදහස් ලබා දෙන්න.එහෙමනම් පළමු ලිපියේ සිට මුණගැසෙමු.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!