ඵලදායීව අන්තර්ජාලය භාවිත කරන්නේ කෙසේද?

දැන් ඉතින් අන්තර්ජාලය නැතුවම බැරි දෙයක් වෙලානෙ.මට නම් දැන් අන්තර්ජාලය භාවිතා නොකොලොත් කෑවෙ නෑ වගේ.අපි අන්තර්ජාලය භාවිතා කරන්නේ මොකටද?
facebook,youtube බලන්න
movies Download කරන්න
email බලන්න...

ඇත්තටම බැලුවොත් Browse හරි download කරන එක තමයි වැඩි වශයෙන් වෙන්නෙ.දැන් අපි භාවිතා කරන අන්තර්ජාල තාක්ෂණයන් ගත්තොත් dialup,Gprs, Adsl,Hspa සහ wimax වෙන්න පුළුවන්.මේකෙ dialup තමයි ප්‍රාථමිකම ක්‍රමය.මේක හුඟක් හොඳ browse කරන්න තමයි.හැබැයි අන්තර්ජාල සහ දුරකථන ගාස්තු දෙකම ගෙවන්න වෙන නිසා අවාසියි.රු100 කට broadband සබධතාවයකින් කරන වැඩ වලින් ddialup සබධතාවයකින් කරන්න බෑ.ඒත් dialup සබධතාවයක මුලික වියදම අඩුනිසා ඒක භාවිතා කරන අයත් ඉන්නවා.dialup සබධතාවයක් හොඳින් කලමනාකරනය කරගන්න හැටි මුලින්ම බලමු.

Dialup වර්ග දෙකයි.PSTN සහ CDMA.PSTN කියන්නෙ සාමාන්‍ය රැහැන් දුරකථන හරහා සම්බන්ධ වීම.සාමාන්‍යයෙන් 56.6 kbps ක උපරිම වේගයක් ලබාගත හැකියි.CDMA වල මෙවැනි දෙගුණයක වෙගයක් ලබාගත හැකියි.

වට්ටම් වෙලාවෙදි සම්බන්ධ වෙන්න.
අන්තර්ජාලයේදී කරන වැඩ ටික කොලයක ලියාගන්න(නැත්නම් අවශ්‍යම වැඩ මගහැරෙන්න පුළුවන්)

OutLook සමග ඔබේ Email සේවාව configure කරගන්න
මෙ මගින් Offline ලිපි කියවීම,ලිවීම කරන්න පුළුවන්. ඉතා විශාල වශයෙන් අන්තර්ජාලයෙ රැඳී සිටින වෙලාට අවම කරගත හැකියි.(email සේවාවේ pop3 සහය අවශ්‍යයයි.දැනට ,Gmail,Hotmail,SLT දෙනවා.ඉදිරියේදි මෙ ගැන ලිපියක් ලියන්නම්)

web browser එක ඔබේ සබධතාවයේ වේගයට ගැලපෙන පරිදි Optimize කරගන්න.Firefoxවල නම් Addons වල search කරල programme එකක් ලබාගන්න.

internet cafe එකකදි වුවත් කොලයක ලියාගෙන යන එක හොඳයි.නැත්නම් chat කර කර ඉඳල ගෙදර ආවහම තමයි කරන්න ගිය වැඩේ මතක් වෙන්නෙ.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!