Zip Codes සහ ලංකාවෙ Postal Codes (දෙවන කොටස)

5:49 PM , 8 Comments

zip code එක ගැන පසුගිය ලිපියෙන් කතා කල නිසා මේ ලිපියෙන් තැපැල් කේතය(Postal

code) ගැන කියන්නම්.Postal Code අවශ්‍ය වෙන්නෙ රටක තැපැල් කටයුතු කාර්යක්ෂමව

සිදුකරගැනීමට.ලෝකයේ සෑම රටකම පාහේ තැපැල් කේතය භාවිතා කරනව.නමුත්

ලංකාවෙ මේ ක්‍රමය එතරම් ප්‍රචලිත නෑ.

මේ වගේ ක්‍රමයකින් කාර්යක්ෂම තැපැල් සේවයක් බිහිවෙන්නෙ මෙහෙමයි.

දිගු ලිපින භාවිතය නිසා ලිපි තේරීමේදී වැඩි කාලයක් ගතවෙනව.අත් අකුරු අපැහැදිලිකම්

නිසා ලිපිනය නිවැරදිව ‍හඳුනාගත නොහැකිවීමෙන් තවත් ප්‍රමාද වෙනව .මීට අමතරව

සමාන ග්‍රාම නාම තිබීමත් මෙ‍ම ප්‍රමාදයන්ට හේතු වෙනව.උදාහරනයක් විදිහට මම ඉන්නේ

හොරණට ආසන්න මිරිස්වත්ත ප්‍රදේශයෙ.පිළියන්දලත් මිරිස්වත්ත ප්‍රදේශයක් තිබෙන නිසා

විශාල ගැටළු වෙනව කියල මිල්ලෑව තැපැල් කාර්යාලයෙ කෙනෙක් කිව්ව.මිට අමතරව

නියමිත තැපැල් මාර්ගයෙන් බැහැර වීම වෙන්නත් පුළුවන්.ඒක වෙන්නෙ මෙහෙමයි

මිරිස්වත්ත,
මිල්ලෑව,
හොරණ. විදිහට ලිපිනය යොදාගත්තොත් කෙලින්ම හොරණ හරහා ලිපිය ලැබෙයි.නමුත්


මිරිස්වත්ත,
මිල්ලෑව,
හොරණ,
කළුතර. විදිහට ලිපිනය යොදාගත්තොත් සමහර අවස්ථාවලදි කළුතරටත් ලිපිය ගිහින් තමා හොරණට ලැබෙන්නෙ.

මේ වගේ ප්‍රමාද වීම් අවම කරන්න 1997 දී ලංකාවත් තැපැල් කේත හඳුන්වා දුන්න.ඉලක්කම් 5 කින් යුත් කේතයක් තමා මේකත්.සෑම ප්‍රධාන තැපැල් කාර්යාලයකම මෙම කේතය ප්‍රදර්ශනය කරනව.

කේතය හැදෙන්නෙ මෙහෙමයි.දිස්ත්‍රික්කයේ ප්‍රධානතම තැපැල් කාර්යාලයට මුල් ඉලක්කම් 2 ට පසු ඉලක්කම් 000 ආකාර ගන්නව (**000)
උදා- කළුතර 12000
ගම්පහ 11000
දිස්ත්‍රික්කයේ අනෙක් ප්‍රධාන තැපැල් කාර්යාලවලට මුල් ඉලක්කම් 3ට පසුව 00 ආකාර ගන්නව (***00)

උදා- මතුගම 12100
අගලවත්ත 12200
බුලත්සිංහල 12300
හොරණ 12400
පානදුර 12500
ප්‍රධාන තැපැල් කාර්යාල යටතේ පවතින අනෙක් තැපැල් කාර්යාල වලට අවසාන අංකත් වෙනස් වෙනව.

උප තැපැල් කාර්යාල හරහා ලිපි බෙදන්නෙ නැති නිසා තැපැල් සංකේත වෙන්කරල නෑ.


තැපැල් සංකේතය සමඟ ලිපිනය ලිවීමේදී ඔබට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයේ කේතය සොයාගන්න.තැපැල් දෙපාර්තමේන්තු ‍Web අඩවියෙන් ඒක සොයාගන්න. නැත්නම් සෑම තැපැල් කාර්යාලයකම මෙම කේතය ප්‍රදර්ශනය කරනව.කේත නාමාවලියක් රු5 කට තැපැල්කාර්යාල වලින් මිලදී ගන්නත් පුළුවන්.කේතය සොයා ගත්තට පස්සේ ලිපිනය ලිවීමේදී.
(මගෙ නම්)

බී.ඒ.ඉසුර නිර්මාල්
මිරිස්වත්ත
මිල්ලෑව 12422

විදේශීය ලිපි සඳහා නම්
B.A.Isura Nirmal
Miriswaththa
Millewa 12422
Sri Lanka
ආකාරය ගන්නව.

මීලඟ ලියුම ලියනකොට තැපැල් කේතය(Postal code) යොදාගන්න අමතක කරන්න එපා!

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

8 comments :

  1. නියම ලිපියක්.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි!

    ReplyDelete
  3. ZIP සහ Postal Codes වලින් කරන තව දෙයක් තමයි යන්ත්‍ර භාවිතා කරලා ලිපි වර්ග කරන්න පහසු වීම. ඒක හරියට යන්ත්‍ර මගින් විභාග බහුවරණ ප්‍රශ්න වල පිළිතුරු පත්‍ර ( කොටු කොළේ ) ඇගයීම වගේ ක්‍රමයක්

    ReplyDelete
  4. ඇත්ත ඒක විශාල වශයෙන් භාවිතා වෙනව තමා

    ReplyDelete
  5. Godak Vatina blog satahanak.. thanx a lot........ man me blog eka kiyavanakan mata hari idea ekak thibune ne meka gena... thanx a again

    ReplyDelete
  6. මේකත් ගොඩක් හොඳ ලිපියක් මල්ලියෝ . .. බොහොම ස්තූතියි

    ReplyDelete
  7. ඔබේ මේ ZIP codes සහ Postal codes යන ලිපි දෙක ඉතාම අගෙයි. ඇත්තම කිව්වොත් මාත් මේ දෙකේ වෙනස හරි හැටි දැනගෙන හිටියෙ නෑ. ස්තූතියි ඔබේ දැනුම අප සමඟ බෙදාගැනීම ගැන.
    ඔබට ජය!

    ReplyDelete
  8. @ධනික බොහොම ස්තුතියි!මෙතරම් ඉක්මනින් ප්‍රතිචාරයක් පල කිරීම ගැන.

    ReplyDelete

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!