අන්තර්ජාලය අපට ලැබෙන්නේ කොහොමද? -පළමු ලිපිය-(සමුද්‍රස්ථ රැහැන් ජාලය(Submarine Internet Cable Backbone))
හැමදාමත් අන්තර්ජාල සම්බන්ධතාවක් භාවිත කලාට එය අන්තර්ජාලයට සම්බන්ධ වෙන ආකාරය ගැන හුඟක් අයට ලොකු දැනුමක් නෑ. ඒක නිසා අන්තර්ජාල සේවා සපයන ආයතනය අපව අන්තර්ජාලයට සම්බන්ධකරන්නෙ කොහොමද කියන ගැන මේ ලිපියෙන් කථා කරන්නම්.මේකත් දිගු මාතෘකාවක් නිසා කොටස් කීපයකින් තමා පලකරන්න වෙන්නෙ.ADSL,WIMAX හෝ HSPA යන කුමන ආකාරයකින් අන්තර්ජාල සබඳතාවයක් ලබාගත්තත් සේවා සපයන ආයතනය ඔබව අන්තර්ජාලයට සම්බන්ධ කරවන්නේ ආකාර 2 කට.ඒ රැහැන්(CABLE) හෝ චන්ද්‍රිකා(Satellite) මාර්ගයෙන්.මේකෙනුත් නව තාක්ෂණය චන්ද්‍රිකා වුනත් ලෝකයේ සන්නිවේදන කටයුතුවලින් 2/3 කකටත් වඩා කෙරෙන්නෙ මුහුද යටින් එලා ඇති රැහැන් හරහා.මේකට හේතුව තමා චන්ද්‍රිකා සන්නිවේදනයට වඩා රැහැන් සන්නිවේදනය ලාබ දායී සහ වාසිදායක වීම.
මම මේ ලිපියෙන් මුහුද යටින් එලා ඇති සමුද්‍රස්ථ රැහැන් ජාලය(Submarine Internet Cable Backbone) ගැන පමණක් කථා කරන්නම්.
Anglo-French Telegraph Company ආයතනය 1850 දී ලොව ප්‍රථම වාණිජ සමුද්‍රස්ථ රැහැන English Channel හරහා එංගලන්තය සහ ප්‍රංශය අතර එලනු ලැබුවා.මේක තඹ රැහැනක්.1980 පමන වන තෙක් භාවිතාකල රැහැන් සියල්ලම පාහේ තඹ.මේව අත්ලාන්තික් සාගරය සහ පැසිපික් සාගරය හරහා රටවල් ගණනාවක් සම්බන්ධ කලා.1980 දී ලොව ප්‍රථම ප්‍රකාශ තන්තු(Fiber Optic) රැහැන(TAT-8) අත්ලාන්තික් සාගරය හරහා ඉදිවුනා.මෙහි භාවිත වුනේ තරංග ආයාම බෙදුම් බහුපථකරනය WDM(wavelength-division multiplexing) යන තාක්ෂණයයි.
ශ්‍රී ලංකාව 1865 මාර්තු 2 වන දින තලෙයිමන්නාරම හරහා ඉන්දියාවට යෙදූ රැහැනක් මගින් යුරොපයට සම්බන්ධ වුනා.ප්‍රථම විදුලි පනිවිඩය ලංකාවට ආවෙ එය හරහා.1985 දෙසැම්බර් 31 වෙනිදා 13 500 km දිග SE-ME-WE-1(South East Asia-Middle East-Western Europe) රැහැන හරහා ලංකාව ලෝකයේ රටවල් 7 ක් සමඟ සම්බන්ධ වුනා. SE-ME-WE ව්‍යාපෘතියෙ තොරතුරු මෙහෙමයි
SEA-ME-WE 1 | SEA-ME-WE 2 | SEA-ME-WE 3 | SEA-ME-WE 4 | |
ව්‍යාපෘති ආරම්භය | June 1985 (අත්හිටුවීම June 1999) | October 1994 (අත්හිටුවීම October 2006) | August 1999 | November 2005 |
ධාරිතාව/දිග | 12MHz 13,500km | 2x560Mbps 18,000km | 8x2.5Gbps 39,000km | 64x2x10Gbps 20,000km |
හිමිකරවන් ගණන සම්පූර්ණ පිරිවැය | 22 USD800M | 52 USD800M | 92 USD1500M | 16 USD500M |
තාක්ෂණය | Analog/Copper | PDH/Optical | SDH/WDM/Optical | SDH/DWDM/Optical |
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය(SLT) මෙම SE-ME-WE ව්‍යාපෘතියෙ කොටස්කරුවෙක්.මීට අමතරවBharath - Lanka(ඉන්දියා-ශ්‍රීලංකා) Dhiragu cable(මාලදිවයින-ශ්‍රීලංකා) රැහැන්ද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතුයි.
FLAG(Fiber-Optic Link Around the Globe) ව්‍යාපෘතිය යටතේ
FLAG Atlantic (FA-1)
Alcatel-Lucent Optical Network (FALCON)
සහ FLAG Europe-Asia (FEA) රැහැන් පවතිනවා.
ලංකා බෙල්(Lanka Bell) FALCON රැහැනට මෑතකදි සම්බන්ධවුනා.
අනෙකුත් සේවා සපයන්නන් ඉහත ආයතන හරහා හෝ චන්ද්‍රිකා හරහා අන්තර්ජාල සම්බන්ධතා ලබා දෙනව.
මේ වනවිට ඇන්ටාර්කටිකාව හැර අනෙකුත් සියලු රටවල් රැහැන් හරහා සම්බන්ධ වෙනව.මේවා මුහුද පත්ලෙ එලා ඇති නිසා නැව්වලින් සහ ස්වභාවික ආපදා වලින් හානි වෙනව වැඩියි.
2008 ජනවාරි 30 වැනිදා SE-ME-WE-4 රැහැන සහ FLAG රැහැන මධ්‍යධරණී මුහුදේදී කැඩී ගියා ඉන්පසුව FALCON සහ Qtel රැහැන්ද පෙබරවාරි1 සහ 3 කැඩී ගියා.අයහපත කාලගුණික තත්වයන් නිසා නැව් අයාලේ යාම මෙයට හේතු වී තිබෙනව. 2010 අප්‍රියෙල් මාසයෙත් SE-ME-W-4 රැහැන ඉතාලියේ Palmero ආසන්නයේදී කැඩී ගියා.
වාණිජ සමුද්‍රස්ථ රැහැනක හරස්කඩ.
1 - Polyethylene
2 - Mylar tape
3 - Stranded steel wires
4 - Aluminium water barrier
5 - Polycarbonate
6 - Copper or aluminium tube
7 - Petroleum jelly
8 - Optical fibers
මේ පිලිබඳ වැඩිදුර තොරතුරැ ලබාගැනීමට පහත වෙබ් අඩවි වලට පිවිසෙන්න.
http://en.wikipedia.org/wiki/Submarine_communications_cable
http://www.underseacable.net/History.htm
චන්ද්‍රිකා තාක්ෂණය ගැන ලිපියකින් නැවත හමුවෙමු.
හරිම වටින ලිපියක් . . .
ReplyDeleteබොහොම ස්තූතියි මේ ගැන ලියපු එකට . ..
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ...
අනිත් ලිපිත් හෙමීට ලියන්නකෝ අපිව දැනුවත් කරන්න . .. .
ඔබට ජය
@දුකා බොහොම ස්තුතියි!.ඔබගේ ප්‍රතිචාර මේ වගේ ලිපි පලකරන්න මට ලොකු ධෛර්යයක්.නැවත වතාවක් ඇවිත් යන්න.
ReplyDeleteඔය වාගෙ කේබලයකට සම්බන්ධ වෙනව කියන්නෙ ජාත්‍යන්තර මට්ටමේ ගනුදෙනුවක්...ඒකට හැමෝගෙම කැපවීම අවශ්‍යයි...එතකොට ලන්කාවෙ සී මී වී 4 කේබලය 2004 ටෙලිකොම් දමනකොට හිටිය ලොකූ චරිතයක් තමා ක්‍රිස්ටි අල්විස්,,සී බී ආර් පෙරේරා වාගෙ අය....
ReplyDeleteතව කේස් එකක් සමහර අය හිතනව ඔය සී මී වී කේබලයෙ කැපෑසිටි මදි නිසා තමා ඉන්ටර්නෙට් ස්ලෝ වෙන්නෙ කියල ...එහෙම එකක් නෑ ඔය කේබලයෙ මුලු ධාරිතාවෙන් 20%ක් තමා දැනට භාවිත වෙන්නෙ...තවදුරටත් ඔය කේබලයෙන් ලැබෙන පරිමාව අපිට වැඩිදියුනු කරගත් හැකියි.....ඒත් ඒකට මුදල් ඕනි...ගොඩක්.....
@ Indi බොහොම ස්තුතියි අදහස් බෙදා ගත්තට.ඒ වගේ කරුණු නම් මාත් දැනගෙන හිටියෙ නෑ.
ReplyDeleteThank u machan. Loku deyak igenagatta Me Article Eken. Once again Thank u...........
ReplyDelete