පසුගිය මස තුල ලංකාවේ අන්තර්ජාල සේවාවන් හි තත්ත්වය
පසුගිය ලිපියෙන් ලෝකයේ අන්තර්ජාල සේවාවන් හි තත්වය ගැන මම ලිපියක් ලියලු නිසා පසුගිය මාසයේ ලංකාවෙ විවිධ ප්රදේශ වල අන්තර්ජාල සේවාවන්ගේ වේගයන් ගැන මේ ලිපියෙ සඳහන් කරන්නම්.මම මාසෙයකට සැරයක් මේ වගේ summery එකක් දාන්න බලා පොරොත්තු වෙනව..හැබැයි ඔයාලගේ උදව් නැතුව මට මේක කරන්න අමාරුයි.මගෙ Facebook Fan Page එකේ හරි මගේ Facebook wall එකෙන් හරි speed test result එක එවන්න පුළුවන් නම් මට මීට වඩා හොඳ summery එකක් දාන්න පුළුවන්.ඒක මේව මිලදී ගන්න අයට වගේම දැනට භාවිත කරන අයටත් ප්රයෝජනවත් වේවිSLT ADSL
1 Mbps හොරණ
512 Kbps හොරණ
512 Kbps හොරණ
2Mbps කොළඹ
512 kbps පාදුක්ක
Mobitel HSDPA
3.6 Mbps කදුරුවෙල
3.6 Mbps පිලියන්දල
1 Mbps හොරණ
1 Mbps කළුතර
1Mbps ඉංගිරිය
1Mbps හොරණ
Dialog HSDPA
1 Mbps ලක්ෂපාන
Airtel HSPA
Airtel Prepaid කොළඹ
SLT ADSL වල නම් ඉස්සර වගේ නියමිතම වේගය කාටවත් ලැබිල නෑ වගේ.මේක ගිය මාසෙ විතරක් නෙමේ දැන් මාස දෙක තුනක ඉඳන් තියෙන තත්ත්වයක්.
Mobitel වල නම් කොළඹින් පිට speed හුගක් අඩු වෙලා තියෙනව.
හැබැයි SLT ADSL සහ MOBITEL HSPA වල Ping එක නම් හුඟක් අඩුයි.ඔවුන්ගේම Server එකට check කරන හින්ඳ ද දන්නෙ නෑ.
DIALOG වල නම් ලොකු දියුණුවක් පේනව.හැබැයි ping එක හුඟක් වැඩියි.LIRN Asia මඟින් පැවැත්වූ සමීක්ෂණයකිනුත් මේ බව ඔප්පු වෙලා තියෙනව.මට එක result එකකින් නම් මේ දෙය කියන්න බෑ.තව results ඕන වෙනව.
Airtel කොළඹට නම් හොඳයි වගේ.අනෙක් පැති වල නම් මට ලැබුන තොරතුරු වල හැටියට හොඳ තත්වයක් නෑ.
ලංකාබෙල් හෝ සන්ටෙල් ගැන නම් කිසිම තොරතුරක් ලැබුනෙ නෑ. Dialog HSDPA සහ Airtel HSDPA වලත් results මදි.කවුරුහරි භාවිතා කරන කෙනෙක් ඉන්නවනම් package එකේ details speedtest result එකක් සමඟ comment කරන්න.
Etisalat 3G/HSPA දැන් ඉක්මනටම ලැබෙයි වගේ.ඒ ගැන මීලඟ ලිපියෙන් කියන්නම්.
0 comments :
ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!