PSTN,ISDN,PBX සහ VOIP දුරකථන ජාල ගැන දැනගනිමු.(දෙවන කොටස)

7:57 AM , 1 Comments

PSTN,ISDN,PBX සහ VOIP දුරකථන ජාල ගැන දැනගනිමු ලිපි වල දෙවන කොටස හැටියට තමයි මේ ලිපිය ඉදිරිපත් කරන්නෙ.මගෙ English Blog එකේ වැඩ කටයුතු නියා මේක ලියන්න ටිකක් පරක්කු වුනා.ඒකට සමාවෙන්න.

PBX/PABX(Private Automated Branch Exchange)
PABX ජාලයක් කියන්නෙ කුඩා අභ්‍යන්තර දුරකථන ජාලයක් කියල කියන්න පුළුවන්.යම් ආයතන පරිශ්‍රයක මේ විදිහේ ජාලයක් ස්ථාපනය කරගන්න පුළුවන්.PBX ජාලයක ප්‍රධාන අංග කීපයක් තියෙනව.මෙක කාටවත් අලුත්දෙයක් නෙමෙයි.හුඟක් ආයතන වල හෝටල් වල මේක දකින්න ලැබෙනව.

Exchange Unit
මේක exchange unit කියල හැඳින්නුවට සාමාන්‍ය දුරකථන හුවමාරු පොලක ක්‍රියා කාරීත්වය ඉටුකරන පරිගණක පද්ධතියක් වෙන්නත් පුළුවන්.සම්බන්ධ වෙන දුරකථන ප්‍රමානයේ හැටියට මේකෙ කාර්යය තීරණය වෙනව.දුරකථන හුවමාරුවට අමතරව මෙකෙන් ඇමතුම් පටිගත කිරීම(call recording) ඇමතුම් හරවා යැවීම(call transferring/forwarding) ආදී සම්මත දුරකථන සේවාවන් වගේම ස්වයංක්‍රීය පිලිගැනීමේ(automatic receptionist) කාර්යයත් කරන්න පුළුවන්.බාහිර දුරකථන ජාලයට මෙ හරහා තමයි සම්බන්ධතාව ලබාදෙන්නෙ.

(telephones)දුරකථන

PBX ජාලයක දුරකථන ටිකක් විතර වෙනස් වෙනව(සාමාන්‍ය දුරකථනම ගන්න අවස්ථාත් තියෙනව).දැනට සම්බන්ධ වී ඇති ඇමතුම්, ලැබෙමින් පවතින ඇමතුම් වගේම fax සේවය සඳහාත් විශේෂ පහසුකම් මේ දුරකථන වල අන්තර් ගතයි.

මේ වගේ ක්‍රමයක වාසිය වෙන්නෙ ආයතනය අභ්‍යන්තර දුරකථන සේවාවන් සඳහා වියදම අවම වීම.කෙටි සංකේත අංකයක් සෑම දුරකථනයකට ලබාදෙන නිසා පහසුවක් තියෙනව.

PBX ජාල දැන් හුඟක් දියුනුවක් ලබා තියෙනව.IP protocol හරහා පෙර තිබු සීමාවන් ඉවත් කරල දැන් විශාල සේවාවන් රැසක් ලබාදෙන්න මෙය සමත්.

VOIP Telephony/IP-VPN
ශාඛාවන් ගණනාවකින් සමන්විත විශාල ප්‍රදේශයක පැතිරගිය ආයතන සමුහයක් සම්බන්ධ කරන්න IP Telephony එහෙම නැත්නම් VOIP Telephony භාව්තා කරනව.ඇත්තටම මේවගේ ආයතනවලට විශාල දත්ත සමුදායන්(data bases) ශ්‍රව්‍ය ද්‍රශ්‍ය සම්මන්ත්‍රණ(Video Conferencing) ශාඛාවන් අතර පවත්වන්න අවශ්‍ය නිසා telephony  වලට අමතරව මෙම සේවාවන් සියල්ලත් ඇතුලත් දත්ත පරිපථයක් අවශ්‍ය වෙනව.මේ සේවාවට කියන්නෙ IP-VPN(Internet Protocol-Virtual Private Network)  කියල.මෙකෙන් ශාඛා  සමුහයම මූලස්ථානයට(Head Office)  IP-VPN ජාලය හරහා සම්බන්ධ වෙනව. ශාඛාවල අභ්‍යන්තරයේ පවතින්නෙ IP-PBX පද්ධතියක්.  මේකෙන් ආයතන වල සන්නිවේදන වියදම් විශාල වශයෙන් අවම කරගත හැකියි.

බැංකු සහ මූල්‍ය ආයතන හැම එකකම වගේ දැන් මෙම ක්‍රමය භාවිතා වෙනව.මීට අමතරව දැන් ලංකා රාජ්‍ය ජාලය‍ (Lanka Government Network-LGN) හරහා රජයේ ආයතන ගණනාවක් මේ ක්‍රමය භාවිතා කරනව.

මේ ලිපි පෙලත් දැන් අවසානයි. ලංකාවෙ අන්තර්ජාල සේවා සපයන ආයතන ගැන මම සමීක්ශනයක්(poll) බ්ලොග් එකට දැම්ම.මේකටත් vote එකක් තියල යන්න.මට  internet speedtest result ටිකකුත් අවශ්‍ය වෙනව ඊලඟ post එකට. පුළුවන් අය www.speedtest.net එකෙන් ගත්ත connection එකේ Internet speedtest result එකේ link එක තියල යන්න.කරුණාකරල internet package එකේ advertise කරල තියෙන speed එක සහ ඔබ ඉන්න ප්‍රදේශයත් සඳහන් කරන්න අමතක කරන්න එපා! ස්තුතියි!

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

1 comment :

  1. http://www.speedtest.net/result/1014054696.png
    ගල්ගමුව කුරුණෑගල
    512kbps

    ReplyDelete

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!