PSTN,ISDN,PBX සහ VOIP දුරකථන ජාල ගැන දැනගනිමු.(පළමු කොටස-1)
පසුගිය ලිපියෙන් රැහැන් රහිත(wireless) දුරකථන ජාල භාවිතා කරන තාක්ෂණයන් ගැන කථා කල නිසා මේ ලිපියෙන් රැහැන් දුරකථන(Landlines/Fixed Lines ) භාවිතා කරන තාක්ෂණයන් කීපයක් ගැන කථා කරන්නම්.PSTN(public switched telephone network)
ටෙලෙකොම් ස්ථාවර දුරකථනයක්(Sri lanka telecom) ගෙදර තියෙනවනම් ඒකෙ භාවිතා වෙන්නෙ මේ තාක්ෂණය තමයි.(Bill එකේ INVOICE -PSTN කියල තියෙන්නෙ මේකයි)බලමු මේක කොහොමද පටන් ගත්තෙ කියල.
Alexander Graham Bell විසින් ආරම්භ කල Bell Labs(දැනට AT&T) ආයතනය වානිජ වශයෙන් මුලින්ම ලබා දුන්න දුරකථන ජාලයේ හුවමාරු පොල(telephone exchange) සංකල්පය තිබුනෙ නෑ.නමුත් පසුව හුවමාරු පොල(telephone exchange)
ඇතුලුවුනාට පස්සෙ තමා PSTN සංකල්පය ඇතිවුනේ.
මේකෙන් ලැබුන වාසිය කමා pulse dialing ක්‍රමයෙන් අමතන්නා සහ හුවමාරු පොල(telephone exchange) හා සම්බන්ධ වී ස්වයංක්‍රීයව අමතන්නා සහ ඇමතුම ලබන්නා සම්බන්ධ කිරීම.අතරමැදි මෙහෙයවන්නෙක් අවශ්‍ය වෙන්නෙ නෑ.හුවමාරු පොල කීපයක් සම්බන්ධ කරල දුර ඇමතුම් පවා දීමේදී PSTN ක්‍රමය වඩා පහසු වුනා.
1970 ගනන් වලදී packet switched network ක්‍රමය X.25 සම්මතය(protocol) යටතේ බිහි වුනාට පස්සේ PSTN කියන එක ජාත්‍යන්තර ව්දුලි සංදේශ සංගමයේ සම්මුතියක් බවට පත්වුනා.
දැනට භාවිතාවන නවීන අංකිත හුවමාරු පොල(Digital telephone exchange) වල PSTN ක්‍රමයේ ඇමතුමක් සම්බන්ධ වෙන හැටි බලමු.
දුරකථනය සහ හුවමාරු පොල කෙලින්ම රැහැනක් හරහා සම්බන්ධ වෙනව.මේක හරහා එන audio signal එක Digital 8 kHz සංඥාවක් බවට 8-bit pulse code modulation (PCM) Protocol හරහා පත්කරනව
ඊට පස්සෙ 64 kbit/s channel එකක් හරහා ඇමතුම ලැබෙන පාර්ශවයේ හුවමාරු පොල වෙත සම්බන්ධ කරනව.එම හුවමාරු පොලෙන් මේ ක්‍රියාවලියේ අනෙක් පැත්ක සිදුවෙලා ඇමතුම ලබාදෙනව.බොහෝ වෙලාවට හුවමාරු පොල කිපයක් අතර time-division multiplexing (TDM) ක්‍රමය හරහාත් සම්බන්ධ කරන්න පුළුවන්.මේ හරහා dial-up වානිජ අන්තර්ජාල ක්‍රමය ලබාදෙන්න පුළුවන් වුනා.56.6 kbps උපරිම වේගයක් මේකෙන් ලබාදෙන්න පුළුවන් වුනා.
ISDN (Integrated Services Digital Network )
PSTN ක්‍රමයෙන් වැඩි වශයෙන් දියුණු වුනේ දුරකථන හරහා හඬ සම්ප්‍රේෂණයයි.දත්ත සම්ප්‍රේෂණයට වැඩි තැනත් PSTN වලදි හිමි වුනේ නෑ.ඒක නිසා ISDN ක්‍රමය 1988 දි හඳුන්වා දුන්න.මේක හැඳින්වුවෙ සාමාන්‍ය දුරකථන ජාලය හරහාම හඬ දත්ත සහ වීඩියෝ සම්ප්‍රේෂණ තාක්ෂණයක් විදිහට.අන්තර්ජාලය දියුණුවීමේදි සහ රූපවාහිනී ආයතන වලට මේක වඩාත් ප්‍රයෝජනවත් වුනා.
Basic Rate Interface (BRI)
Primary Rate Interface (PRI) සහ
Broadband ISDN (B-ISDN) යනුවෙන් මෙහි 3 ක් තිබුන.
මේහිදී දුරකථනය සහ හුවමාරු පොල කෙලින්ම රැහැනක් හරහා Digital ආකාරයට සම්බන්ධ වෙන නිසා හඬ ඉතාමක් පැහැදිලියි.ISDN වලදි 128kbps වේගයක් සහිත අන්තර්ජාල සේවාවන් භාවිතා කරන්න පුළුවන් කම තිබුන.එකවර හඬ සහ දත්ත හුවමාරු කල හැකි ක්‍රමයක් මේකෙදි භාවිතා වුන නිසා වඩා ජනප්‍රිය වුනා.
නමුත් මේකෙදි වියදම් අධික වුනා.සම්පුර්ණ digital සම්ප්‍රේෂණයක් නිසා දුරකථන සබඳතාවට digital telephone,Digital Modem සහ හුවමාරු පොලෙනුත් විශේෂ උපකරණ සවිකරන්නට සිදුවුනා.ADSL හඳුන්වා දුන්නට පස්සෙ මේක ක්‍රමයෙන් අභාවයට ගියා.
ලංකාවෙත් ISDN lines තියෙනව.SLT ල මේක කාලයක් වැඩියෙන් දුන්න.ඒත් දැන්නම් මේක වැඩි වශයෙන් දෙන්නෙ නෑලු.මම නම් තවම ISDN phone line එකක් දැකල නෑ.කා ගාව හරි ISDN Line එකක් තියෙනව නම් කියන්න.මම තව මේක ගැන විස්තර දැනගන්න කැමතියි.
මේ ලිපියෙ තවත් කොටසක් තියෙනව.මම ඒකත් ඉක්මනටම පලකරන්නම්.
බොහෝම ස්තූතියි සහො... අපි නොදන්න දේවල් තමා මේව.
ReplyDeleteඉදිරියටත් ලියන්න - සුභපැතුම්.
ගොඩක් හොදයි තාකෂණික පැත්ත දැන ගන්න ලැබුන එක ගැන
ReplyDelete