Odesk මගින් මුදල් උපයමු -01 ලිපිය-අයදුම් පත්‍රය පිරවීම සහ Odesk Tests

10:38 PM , , 0 Comments



දෙවන ලිපිය දාන්න ටික දවසක් ගියාට සමාවෙන්න.Odesk හි වැඩ වැඩි වීම නිසා තමයි මට වෙලාව අඩු Blog එක ලියන්න.

අයදුම් පත්‍රය පිරවීම ගැන මුලින්ම කියන්නම්. තමන්ගෙ සැබැ තොරතුරු දාලා පුරවන්න.ඊට අමතරව තමන්ට ලැබුන සහතික (ක්‍රීඩා සහතික නෙමෙයි.Computer courses,Campus certificates වගේ) ගැනත් සඳහන් කරන්න.මේව scan කරල google docs හෝ scribus වගේ තැනකට upload කරල ලබාදෙන link එකත් applications එකත් එක්ක සම්බන්ධ කිරිමෙන් මේකෙ අගය වැඩිවේවි.
මීට අමතරව තමන්ගෙ Photo එකක් profile එකට දාන්න.හොඳ professional type ඡායාරුපයක් මේකට දාන්න අමතක කරන්න එපා.



Odesk Readiness Test - Odesk සූදානම් වීමේ පරීක්ශණය

Odesk Readiness Test කියන්නෙ odesk මගින් වැඩ කිරිම සහ ආයතනයේ නීති රීති ගැන ප්‍රශ්න විචාරීමේ පරීක්ශණයක්.මේක සාර්ථකව නිම කිරීමෙන් දෛනික රැකියා ඉල්ලුම්කිරීමේ සීමාව 2 සිට 20 දක්වා ඉහල යනව.

Odesk Tests ගණනාවක් තව තියෙනව .මේක තමන් රැකියාවන් බලාපොරොත්තු වන ක්ෂේත්‍රයට සහ තමන්ගෙ දක්ශතාව අනුව තෝරගන්න පුළුවන්.මේ tests සම්පුර්ණ කරන ප්‍රමානය සහ අපේ ලකුණු profile එකට එකතු විමක් සිදුවෙනව.මේක අපිට රැකියාවක් ලැබෙන්න තියෙන අවස්ථාව වැඩි කරන සාධකයක්.

පසුගිය post එකට විශාල email පණිවිඩ ගණනක් මට ලැබිල තිබුන.මම ඒ සියල්ලටම පිලිතුරුත් යැව්ව.හුඟක් අය අහපු දෙයක් තමා තමන්ගෙ Job Applications ප්‍රතික්ෂේප වෙන බව
ප්‍රතික්ෂේප වෙන්න හේතු ගණනනාවක් තියෙනව.

  • profile incompleteness/profile අසම්පුර්ණ වීම 
Profile completeness එක 100% තබා ගන්න. මේකට අනිවාර්යයයෙන්ම අදාල තොරතුරු සම්පූර්ණ කිරිම සහ odesk tests සම්පුර්ණ කර නොතිබිම මේකට ප්‍රධාන  හේතුවයි.

අද ලිපිය අවසාන වෙන්න කලින් මේ ටික කියන්න ඕන.

odesk readiness test එක සමත් වීමෙන් තොරව සහ 100% සම්පුර්ණ නොකරන ලද ගිණුමකට රැකියා ලැබෙන්නෙ නැ.මීට අමතරව odesk test 5 ක්වත් සම්පුර්ණ කරන ලද ගිණුම් සඳහා ප්‍රමුකතාවය වැඩියි.

නමුත් මට Email එවපු හැමෝටම මේ කිසිම දෙයක් සම්පුර්ණ කරල නොතිබුණාට Odesk  Master Card එක නම ගෙන්නගෙන තිබුන.හැබැයි සල්ලි නැතිව.
මම දින 15 කදි විතර 100$  හොයාගන්න කලින් මාසයක් විතර මේ profile එක සම්පූර්ණ කරන්න වෙහෙසුනා.මට පළමු රැකියාව ලැබුන ගමන් තමයි මම odesk card එකට ඉල්ලුම් කලේ.

Odesk මගින් card  එක වෙතට මුදල් මාරුකිරීමේදී 2$ අයවෙනව.Odesk Card එක සක්‍රීය වීමේදි 9.95$ අයවෙනව.මීට අමතරව මාසිකව 3$ ක් සහ ATM මගින් මුදල් ලබාගැනීමේදී 2$ පමණ අයවෙනව.
Card එකට මුදල් නොතබා කාලයක් යාමේදි ගිණුම අක්‍රීය වෙනව.ඊට පසුව නැවත සක්‍රීය කිරීමේදි තවත් අමතරව ගාස්තු අයවෙනව.Odesk ගිණුම ආරම්භ කරපු ගමන් card එකත් ගෙන්නගෙන කාලයක් ගියාට පස්සෙ ලැබුණු මුදලක්වත් ගිණුමට යැවුවොත් වෙන්නෙ ලැබුණු සොච්චමත් ගාස්තු විදිහට අයකරගැනිම පමණයි.මීටත් වඩා නරක දෙය වන්නෙ ඉදිරියේදි ශ්‍රී ලංකාව සඳහා යම් සීමාවන් පැනවීම සිදුවීම.card එක සක්‍රීය කිරිමේදී වැඩි ගාස්තුවක්  අයකරන එක දැනටමත් රටවල් කීපයකට කරනවා.
ඒක නිසා මේකෙ වැඩ කරන්න බැරි අය කරුණාකරල මේ card එක නොමිලේ දෙනව කියල නිකරුනේ ගෙන්නගන්න එපා.ලංකාවෙ ඉන්නෙ නිකන් දෙනව නම් පොරෝපාරක් වුනත් ගන්න කැමති අය නිසා තමයි මේ ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ.ලංකාවෙ දැන් ඉන්න Internet Money ගුරාලා දැන් පත්තර වල දැන්වීම් දාලා තියෙන්නෙ මේ card එක දෙනව කියල හරියට තමන්ගෙ බූදලේන් දෙනව වගේ.මේ අයගෙ හපන්කම් නිසා Google Adsence දැන් ලංකාවට ලේසියකට ලැබෙන්නෙ නැ.ඊලඟට ඔය දේ වෙන්නෙ Odesk Card එකට.

මේ දේවල් නිසා නිකන් අතගගා ඉන්න මේ card එක ගෙන්නගන්න එපා කියල ඉල්ලීමක් කරනව.
වැඩි විස්තර අවශ්‍ය නම් isuranirmal@gmail.com හෝ Facebook හරහා සම්බන්ධ වෙන්න.
තවත් මේගැනම ලිපියකින් නැවත හමුවෙමු.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!