ශ්‍රී ලංකාවේ විශේෂ සේවා සඳහා භාවිතාවන කෙටි සංකේත දුරකථන අංක-Short Codes

10:25 AM 2 Comments

ලංකාව ඇතුලත පවතින රජයේ ආයතනවලින් මොනවහරි තොරතුරත් ලබාගන්න/පැමිනිල්ලක් දාන්න අවශ්‍ය වුනාම දැන් පහසුම දේ තමයි ඊට අදාල කෙටි දුරකථන අංකය ඇමතීම.මේක ICTA ආයතනය මගින් පටන් ගත්ත වැඩසටහනක් මුලින්ම  1919 න් තමා මේක පටන් ගත්තෙ.ඒත් දැන්නම් හුඟක් රාජ්‍ය ආයතන මේකට සහය දක්වනව.ඕනම ජාලයකින් මේවට සම්බන්ධ වෙන්න පුළුවන්.බොහොමයක්  ඇමතුම් නොමිලේම  ලබාගන්න පුළුවන්.අනෙක්වට සාමාන්‍ය ඇමතුම් ගාස්තු විතරයි අය වෙන්නෙ.
මෙන්න list එක



  • 110                 හදිසි අවස්ථා ගලවාගැනීමේ සේවය                                නොමිලේ
  • 112                 පොලිස් හදිසි ඇමතුම් සේවය (ජංගම)                             නොමිලේ
  • 114                 මෙහෙයුම් පරිපාලක කොලඹ                                         නොමිලේ
  • 115                 කොලඹ  මහ නගර සභාව                                              නොමිලේ
  • 116                 ශ්‍රී ලංකා ගුවන් හමුදාව                                                    සාමාන්‍ය    ඇමතුම් ගාස්තු
  • 117                 ආපදා කලමණාකරන මධ්‍යස්ථානය                                වෙන් කර ඇත
  • 118                 ජාතික තොරතුරු සේවය                                                 නොමිලේ
  • 119                 පොලිස් හදිසි ඇමතුම් සේවය                                          නොමිලේ
  • 1990         විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව                               සාමාන්‍ය    ඇමතුම් ගාස්තු
  • 1901         විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය(පැමිණිලි)                     සාමාන්‍ය    ඇමතුම් ගාස්තු
  • 1910         විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය(සැපයුම් බිඳවැටීම්)       සාමාන්‍ය    ඇමතුම් ගාස්තු
  • 1912         සංචාරක අමාත්‍යාංශය                                                         සාමාන්‍ය    ඇමතුම් ගාස්තු
  • 1919         රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය                                                   සාමාන්‍ය    ඇමතුම් ගාස්තු
  • 1920         කෘෂිකර්ම තොරතුරු සේවය                                                සාමාන්‍ය    ඇමතුම් ගාස්තු
  • 1929         ළමා සේවා (ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධි අමාත්‍යාංශය)                නොමිලේ
  • 1933         ශ්‍රී ලංකා  පොලිස් දෙපාර්තමේන්තුව(රහස් පොලිසු විමර්ශන ඒකකය)         නොමිලේ
  • 1939         ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය                සාමාන්‍ය    ඇමතුම් ගාස්තු
  • 1948         ජාතික දුම්වැටි සහ මත්ද්‍රව්‍ය අධිකාරිය                                 සාමාන්‍ය    ඇමතුම් ගාස්තු
  • 1954         අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම                                  සාමාන්‍ය    ඇමතුම් ගාස්තු
  • 1973          Sri Lankan Airlines                                                            සාමාන්‍ය    ඇමතුම් ගාස්තු
  • 1987         විදුලිබල මණ්ඩලය (සැපයුම් බිඳ වැටීම්)                              සාමාන්‍ය    ඇමතුම් ගාස්තු
  • 1989         විදේශ සේවා නියුකති කාර්යාංශය                                      සාමාන්‍ය    ඇමතුම් ගාස්තු
  • 1991         පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය                           සාමාන්‍ය    ඇමතුම් ගාස්තු



 මේ අංක හරහා හුඟක් වැඩ පහසු කර ගන්න පුළුවන්.මෙකෙ සමහර අංක වලට සාමාන්‍ය ඇමකුම් ගාස්තු අය වෙනව කියල සඳහන් කලාට   කෘෂිකර්ම තොරතුරු සේවයට  SLT/Mobitel නොමිලේම ඇමතුම් ලබා දෙනව.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

2 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!