අන්තර්ජාලය අපට ලැබෙන්නේ කොහොමද? -දෙවන ලිපිය-(චන්ද්‍රිකා තාක්ෂණය(Sattelite Technology))
පසුගිය ලිපියෙන් අන්තර්ජාලයට සම්බන්ධවෙන්නෙ කොහොමද? ලිපි පෙලේ පළමු ලිපිය
ලිව්ව.එකෙන් මම කථා කලේ සමුද්‍රස්ථ රැහැන් ජාලය ගැන.මේ ලිපියෙන් චන්ද්‍රිකා හරහා
අන්තර්ජාල සම්බන්ධය ලැබෙන හැටි බලමු.
චන්ද්‍රිකා තාක්ෂණය ගැන කථාකරද්දි ආතර් C.ක්ලාර්ක් මහතා ගැන මතක් නොකර බෑ.එතුමා
නොසිටින්න මෙවැනි තාක්ෂණයක් බිහිවීම ප්‍රමාද වන්න ඉඩ තිබුන.
චන්ද්‍රිකා භාවිත වන්නෙ ප්‍රධාන කොටම අන්තර්ජාල සබඳතා ලබාදෙන්නම නෙමේ.
කාලගුණික කටයුතු,යුධ කටයුතු භූ විද්‍යා විශ්ලේශනයන් සහ අභ්‍යවකාශ කටයුතු සඳහා
මෙය ප්‍රධාන වශයෙන් භාවිතා කරනව.GPS පද්ධතිය සහ Satellite Tv මෙහි තවත් විශාල
වශයෙන් භාවිතා කරන සේවා දෙකක්.
කෙටියෙන් ගත්තොත් චන්ද්‍රිකාවකින් කරන්නෙ සන්නිවේදන කුළුනකින් කරන
දෙයමයි.එකම වෙනස කුළුනක් නොමැති වීම පමණයි.
කක්ෂ ගත කර ඇත් කක්ෂය අනුව චන්ද්‍රිකා වර්ග කරනව
1.භූස්ථාවර චන්ද්‍රිකා
2.පහල කක්ෂීය චන්ද්‍රිකා
3.ධ්‍රැවීය චන්ද්‍රිකා
මේවායින් දුරකථන සන්නිවේදනය සහ අන්තර්ජාල කටයුතු සඳහා භාවිත කරන්නෙ
භූස්ථාවර චන්ද්‍රිකා පමණයි.
මුල්ම යුගයේ අන්තර් මහාද්වීපික දුරකථන ඇමතුම් සඳහා පමණයි මේව භාවිතා
වුනේ. 1965 අප්‍රියෙල් 6 වන දා කක්ශගත කරන ලද Early Bird අත්ලන්තික් සාගරය
හරහා දුරකථන සේවා ඇරඹූ ප්‍රථම භූ ස්ථාවර චන්ද්‍රිකාව වුනා.
සාමාන්‍යයයෙන් GHz සංඛ්‍යාත පරාසය චන්ද්‍රිකා සන්නිවේදනය සඳහා යොදාගන්නව.
චන්ද්‍රිකා තාක්ෂණයේදී රැහැන් තරම් මූලික පිරිවැයක් දරන්න වුනේ නෑ.චන්ද්‍රිකාව
කක්ෂගත කරන්න වැඩිවියදමක් ගියාට රැහැන් තරම් හානි වීමේ හැකියාව අඩුයි.සේවාව
ලබාගන්නා ස්ථාන වලදී පෘථිවි චන්ද්‍රිකා මධ්‍යස්ථාන පිහිටුවා එතැන්සිට සාමාන්‍ය
ආකාරයට සන්නිවේදන පද්ධතියට සම්බන්ධ කෙරෙනව.
ලංකාවෙ චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් පිහිටෙව්වෙ 1976 දී පාදුක්කේදී.මෙය පිහිටුවන්න රජය
මැදිහත් වුනත් පරිපාලන හා මෙහෙයුම් කටයුතු සිදුකලේ SLT(Sri Lanka Telecom).මෙය
Intelsat චන්ද්‍රිකාව හරහා විදේශීය ඇමතුම් ලබා දුන්න.නමුත් මෙය ක්‍රියා කලේ
ප්‍රතිසම(Analog) ආකාරයට.එකවර ග්‍රාහකයන් 20 කට පමණයි මින් සේවා සැපයිය හැකි
වුනේ.1995 දී මෙය සම්පූර්ණයෙන්ම අංකිත(Digital ) ක්‍රමයට යාවත්කාලීන කලා.ඒත්
සමඟම වැඩි පිරිසකට සේවාවක් ලබාදුන්න.
වර්තමානයේදී නම් සමහර ආයතන පෞද්ගලිකවම අන්තර්ජාල සේවා ලබාගැනීමට
චන්ද්‍රිකා සේවා ලබා ගන්නව.මේකට කියන්නෙ VSAT (Very small aperture
terminal)කියල.සමහර නැණසල මධ්‍යස්ථාන වලට සම්බන්ධතාව ලබාදීල තියෙන්නෙ මේ ආකාරයට.
චන්ද්‍රිකා තාක්ෂණයේ සහ රැහැන් තාක්ෂණයේ වාසි සහ අවාසි ගැන කථා කලොත් දැනට
වඩා වාසි සහ ලාබ දායක ක්‍රමය රැහැන් ක්‍රමයයි.
චන්ද්‍රිකා ක්‍රමයේ අන්තර්ජාල සම්බන්ධතාවකදී latency අගය රැහැන් වලට වඩා ඉහල
අගයක් ගන්නව.මීට අමතරව කාලගුණික බාධාවීම් චන්ද්‍රිකා ක්‍රමයේදී වැඩියි.අහසේ
වලාකුළු වැඩි දිනවලදී සහ වැසි දිනවලදී විශාල බාධාවීම් සිදු වෙනව.(චන්ද්‍රිකා රූපවාහිනි
සේවාවල පවා මෙය දැකගතහැකියි).රැහැන් සඳහා මේ බාධාව නෑ.අකුණු සහිත
කාලගුණික තත්වයන් තඹ රැහැන් වලට බලපෑවත් ප්‍රකාශ තන්තු භාවිතයෙන් එම බාධාවත්
මැඩ ගත හැකියි.චන්ද්‍රිකා ක්‍රමයේදී නඩත්තු කටයුතු සඳහාත් වියදම අධිකයි.
රැහැන් භාවිතයේ අවාසි වෙන්නෙ මූලික වියදම වැඩි වීම සහ ආවරණ කලාපය අඩු
වීමයි.චන්ද්‍රිකා මගින් ලෝක ව්‍යාප්ත ආවරණයක් ලබා දිය හැකියි. නමුත් රැහැන්වල ඉහල
වේගයක්(BAND WIDTH) පවත්වා ගත හැකියි.චන්ද්‍රිකා ක්‍රමයේදී ඉහල වේගයක් සහිත
සබඳතා සඳහා සාධාරණ භාවිත ප්‍රතිපත්ති බොහෝ ආයතන භාවිතා කරනව.
පසුගිය ලිපි පෙල කියවල Comments කරපු අයට මම නැවත වතාවක් ස්තුතිවන්ත
වෙනව.මම තාම මේ බ්ලොග් එක පටන් අරන් මාසයක්වත් නෑ.
පසුගිය ලිපියට Hits 100 පමණ තිබුනත් Comments යි තිබුණෙ. ඔබගේ Comments වලින්
තමා මම තව ලිපි ලියන්න ධෛයිර්‍යමත් වෙන්නෙ.කවුරුහරි මගෙ ලිපියක් කියවල බලල
යම් දෙයක් ගන්නව නම් තමා මට සතුටු.එමනිසා මෙම ලිපිය කියවා ඔබගේ වටිනා අදහස
තබා යන්න කියා නැවත වතාවක් ඉල්ලා සිටිනව.
neyanee
ReplyDeleteEla kirine
ReplyDeletecarry on machan.
we'll read ur interesting blogs
දැනට පාදුක්ක හරහා යන දත්ත ප්‍රමාණය ඉතාම සීමිතයි..
ReplyDelete.ආතර් සී ක්ලාක් කලේ එයාගෙ කතාවක මේ ගැන කියපු එක විටරයි...එයා කියපු සිය ගානක් බොරු වලින් හරි ගිහිපු තවත් එක බොරුවක් තමා සැටලයිට් කියන්නෙ..
ela ela digatama karagena yanna.
ReplyDeleteහොඳට ලියල තියෙනව... තවත් දිගටම ලියන්න. මේව දැනගන්න එක හැමෝටම වැදගත්. බෙදාහදාගත්තාට ස්තූතියි.
ReplyDelete@ indi- මචං උබ ගොනා වුනාට ප්‍රසිද්ධියේ උම්බෑ කියන්න එපා. සැටලයිට් තාක්ෂණය බොරුවක් නම් දැන් මේ රටවල් අතර වැඩිපුරම සම්භන්ද වෙන්නේ උබලෑ තාත්ත එලපු වයර් හරහාද?
ReplyDelete@සංකල්පනා (රුවන්),@ Ravi බොහොම ස්තුතියි!
ReplyDelete@ Indi ස්තුතියි මට ලියන්න අමතක වූ දෙයක් මතක් කරල දුන්නට.පාදුක්ක හරහා දැන් වැඩි වශයෙන් දත්ත හුවමාරැව කෙරෙන්නෙ නෑ.නමුත් ඔවුන් අන්තර්ජාතික රූපවාහිනී විකාශයන්ට සහය දක්වනව.පසුගිය Olympic උලෙල විකාශය කිරීමට රූපවාහිනි සංස්ථාවට සම්බන්ධතාවය ලැබුනෙ SLT හරහ.SAARC උලෙල අනෙක් රටවල් වලටත් විකාශය කරන්න පහසුකම් ලැබුනෙත් ඔය හරහා මයි.
SLT පාදුක්ක චන්ද්‍රිකා මධ්‍යස්ථානය ඔවුන්ගෙ Internet Backbone එක සඳහා Backup එකක් විදිහට භාවිතා කරනවා.2004 දි රැහැන් කැඩුන වෙලාවෙ සම්බන්ධතාවය ලබා ගත්තෙ එය හරහා.
මම නම් විශ්වාස කරන්නෙ විද්‍යා ප්‍රබන්ධ රචකයන්ගෙ ඇත්ත/බොරු අදහස් ප්‍රකාශ කිරීම නිසා විද්‍යාවේ ඉදිරි ගමන සිදුවුනා කියල.