මේ දවස්වල facebook sms texts එන්නෙ සංකේතද?

11:53 AM 0 Comments



සති දෙකක විතර ඉඳන් facebook sms texts ක්‍රියාත්මක කරගෙන ඉන්න අයට ඇතැම් වේලාවන් වලදී sms ලැබෙන්නෙ විවිධ සංකේත(symbols) ආකාරයට.
මේව ලැබෙන්න පටන් ගත්තහම මම මුලින් හිතුවෙ කවුරුහරි සිංහලෙන් පණිවිඩ එවන නිසා කියල. නමුත් මට phone එකට unicode එකෙන් එවන sms නිවැරදිව පේනව.හැම තිස්සෙත් වෙන්නෙ නැති නිසා මේක phone ප්‍රශ්නයක් වෙන්න ඇති කියල මම වැඩිය හිතුවෙත් නෑ. නමුත් දැන් දවස් කීපයක ඉඳල මේක වැඩියෙන් වෙන්න පටන් ගත්තහම Mobitel එකේ ප්‍රශ්නයක් වෙන්න ඇති කියල පොඩ්ඩක් හොයල බැලුවහම වෙනත් network වලිනුත් facebook text ක්‍රියාත්මක කරල තියෙන අයට මේ ප්‍රශ්නෙම වෙනව කියල ආරංචියක් ආව.

Mobitel twitter page එක හරහා mobitel එකට පැමිණිල්ලකුත් දැම්ම.number එකත් එවන්න කිව්ව.ඒත් තාම නම් මේක හරිගස්සල නෑ වගේ.හිටි ගමන් මේ විදිහට සංකේත පමණක් ඇති sms එනව.
facebook community forum එකෙත් මේ ප්‍රශ්නෙ කෙනෙක් අහල තිබුනට තාම facebook එකෙන් නිල වශයෙන් මුකුත් කියල නම් නෑ.

නමුත් මම දැක්ක දෙයක් තමා මේ ප්‍රශ්නෙ පටන් ගන්න කලින් මම baiskope.com හි facebookpage එකේ sms subscription දාල තිබුනෙ.මේකෙන් සිංහල sms ආවට සිංහලෙන් එන ටික ප්‍රශ්නාර්ථ ලකුණු විතරයි ආවෙ. නමුත් දැන් නම් හරියටම සිංහලෙන් ඒ ටික පේනව.මේක facebook මගින් unicode යාවත් කාලීන කිරීමක් වෙන්නත් පුළුවන්.කොහොම වුනත් ඔයාලටත් මේ ප්‍රශ්නෙ තියෙනවනම් තමන් facebook texts සක්‍රීය කරල තියෙන ජාලයට මේ ගැන පැමිණිලි කරන්න.ඔවුන් එතකොට facebook එකට දැනුම් දේවි. මේ ගැන තවත් තොරතුරු දන්නවනම් බෙදා හදා ගන්න.


Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!