දකුණු ආසියාවේ ප්‍රථම LTE (Long Term Evolution) ජාලය Mobitel වෙතින්



මොබිටෙල් ආයතනය දකුණු ආසියාවේ ප්‍රථම වතාවට LTE(Long Term Evolution ) ජාලයක් දියත් කීරීම සඳහා BOI සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා.LTE හදුන්වාදිය හැක්කෙ 3.9G හෝ 4G ආකාරයේ ජාලයක් ලෙසයි.

දැනට ලබා දී ඇති තොරතුරු වලට අනුව දැනට පවතින 3.5G/2.5G ජාලයේ යාවත්කාලීන කිරීම් සහ ප්‍රථම අදියරේදී LTE දක්වන සම්ප්‍රේශන කුලුණු 1000 ක් ඉදිකිරීම සඳහා US$ මිලියන 60  ක මුදලක්  ආයොජනය කර තිබෙනව.මේ සඳහා තාක්ශණික දායකත්වය ලබාදෙන්නේ ZTE ආයතනයයි.


මොබිටෙල් LTE ජාල සංවර්ධනය සඳහා සැලසුම් කලේ 2009  වර්ශයේ සිටමයි.
http://www.mobitel.lk/about/news_press_releases/news_press_2009_mobitel_strikes_with_its_pledge_to_launch_ngn.html


2009 වර්ශය වන විට ලෝකයටද මෙය අලුත් තාක්ෂණයක් වුණා.දැනටද LTE සඳහා සහය දක්වන ජංගම දුරකථන සහ Modem පවතින්නේ ඉතාමත් අඩුවෙන්.මෙහි ඇති ප්‍රධානතම වාසිය මෙහි පවතින්නාවු වේගයයි. භාගත කිරීමේදී/Download  100Mbps දක්වාද උඩුගතකීරීමේදී/upload 50Mbps දක්වාද වේගයක් ලබාගත හැකියි.
මේ සඳහා අනිවාර්යයෙන්ම Mobitel හට කුලුණු සම්බන්ධ කිරීමට  fiber optic තාක්ෂණය භාවිතා කිරීමට සිදුවේවි.


තවමත් මෙම ජාලය දියත් කරන දිනයක් නැති වුනත් අවුරුද්දක් වගේ ඇතුලත ලැබෙයි කියන්න පුළුවන්.


LTE ගැන තවදුරටත් දැනගන්න අවශ්‍ය නම් GSM සවිධානය මගින් මේ පිලිබදව ලබාදී ඇති තොරතුරු බලන්න www.gsmworld.com/technology/lte.htm


ඒ වගේම wikipedia වලත් මේ පිලිබඳව තාක්ෂණික තොරතුරු අන්තර්ගතයි.




ETISALAT 3G තාමත් නිලවශයෙන් ලබාදී නෑ.නමුත් දැන් වෙබ් අඩවිය මේ පිලීබඳ යාවත් කාලීන කර අවසන්.දැනට 3G base station සියල්ලම පාහේ ක්‍රියාත්මකයි. speedtest තරපු අය ඉන්නවනම් ප්‍රෙද්ශයත් සමඟ තමන්ට ලැබෙන speed එක සඳහන් කරන්න.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!