Odesk වල රැකියාවකට අයදුම් කිරීමට පෙර....

8:36 AM , 0 Comments


පොරොන්දු වුන විදිහටම අප්‍රේල් මාසයේ Odesk පිළිබඳව ලියවුනු ලිපි කීපයක් මෙතැන් සිට පලවෙනවා. ලිපි ගාන කීයද කියල කියන්නත් හරියටම බෑ මොකද වෙලාව ලැබෙන විදිහට තමා ලියන්න වෙන්නෙ.එහෙනම් පටන් ගමු.

පටන් ගන්න කලිනුත් දෙයක් කියන්න ඕන. odesk හරහා වැඩ කරල මේ දවසෙන් දෙකෙන් ලක්ෂපතියො වෙන්න හිතාගෙන ඉන්න අය නම් මේ ක නොබැලුවට කමක් නෑ. මොකද මම ඇතුළුව මම දන්න කීප දෙනෙක්ම මුලින් අඩුම තරමේ මාසයක්වත් මහන්සිවෙලා තමා odesk නිසා ගොඩ ගිය අය ඉන්නෙ. අද මේකත් විකුණගෙන කන අය ඉන්න නිසා හැමොගෙම තියෙන වැරදි වැටහීමක් තමා odesk වල ලියාපදිංචි වුන ගමන් තමන්ට job එක ලැබිල සතියකින් මමයි ලක්ෂපති කියන එක.ඒක නිසා මේ ඒවගේ ක්‍රම නම් මම දන්නෙ නෑ.

Blog එකේ ලිපි නොලිව්වත් කීප දෙනෙක්ම Email වලින් අහල එවල තිබුන ගැටළු වලට පිලිතුරු නම් දුන්න. හැමෝටම ඇතිවෙන ගැටළු කීපයක් තිබුණ.


  • Odesk jobs වලට අයදුම් කලත් jobs නොලැබී යාම.
  • Odesk හි පවතින විවිධ job වර්ග ගැන වැටහීමක් නොමැති කම.
  • Odesk වලින් ලංකාවට මුදල් ගෙන්වාගැනීමේදී සිදුකරන වැරදි.
මේ කීපයක් තමා මම දැකපු. මේ jobs නොලැබී යාමේ ගැටළුව ගැන සවිස්තරව කතා කරමු.

මේකට තියෙන ප්‍රධානම හේතුව කියල මම දකින්නෙ නම් Odesk Profile එකේ තිබෙන අසම්පූර්ණ බව. (Odesk Profile Incompleteness ). 

Odesk වලට log වුනහම පේනව ඇති තමන්ගෙ  profile එක කොයිතරම් දුරට සම්පූර්ණද කියල. හුඝක් අය තමන්ගේ profile එක 100% සම්පූර්ණ නොකර job වලට අයදුම් කරනව. නමුත් 100% සම්පුර්ණ නොමැති අයට jobs ලැබෙන්නෙ නෑ. 100% සම්පූර්ණ නොවුන profile සඳහා වරකට ලැබෙන අයදුම් කිරිමේ හැකියාවත් අඩුයි. උපරිම 25ක් දක්වා අයදුම් කීරීමේ වාර ගණනක් 100%  ක් සම්පූර්ණ profile එකකට ලැබෙනව.

කොහොමද 100% ක් සම්පූර්ණ odesk profile එකක් හදාගන්නෙ?

අලුනෙන් odesk සඳහා ලියාපදිංචි වෙන අයෙකුට මේ සඳහා ක්‍රම කීපයක් තියෙනව.

professional photo එකක් දැමීම.

Facebook දාන වගේ නැති තමන්ගෙ වැදගත් photo එකක් දාන්න.මොකද තවමත් සමහර රටවල් වල මේ formal dress culture එක තියෙන නිසා. හුගක් employees ල නම් මේක එච්චර බලන්නෙ නෑ. නමුත් photo එකක් දැමීම අනිවාර්යයි.

profile එකේ අනෙකුත් විස්තර

සාමාන්‍ය තොරතුරු වල ඉඳන් අධයාපනික තොරතුරු දක්වාම  විස්තර ඇතුලත් කීරීමට odesk profile එකේ පුළුවන්. තමන්ට ලැබී ඇති සහතික පත්‍ර (English වලින් තියෙන ඒව) වල scanned copies තියෙනවනම් මේවත් සමඟම upload කරන්න.

portfolio Projects.

තමන් මීට පෙර කර ඇති projects වල විස්තර. ඔබ Graphic designing, programming වැනි දෙවල් වල project reports වගේ මෙයට යොදන්න පුළුවන්. cover page එක මෙහි මුලින් upload කරන්න.මීලඟට PDF ආකාරයෙන් ඇති project report එක. ඒ වගේම ඒ පිළිබඳට කෙටි හැදින්වීමක් කරන්න අමතක කරන්න එපා. software projects portfolio වදිහට දාන අය කවදාවත්  හදන software එක නම් දාන්න යන්න එපා (පෞදිගලික අත්දැකීමෙන් කියන්නෙ). ඒකෙ prototype එක හරි Analyst report එක හරි නැත්නම්  Screenshots ටිකක් හරි දාන් ඒක ඇති.

Odesk Tests.

මේක තමා වැදගත්ම දේ. Odesk Readiness Test එක ඇතුළු තවත්  විවිධ ක්ශේත්‍ර වලට අදාල tests 1000 ක් පමණ තියෙනව. Odesk Readiness Test එක අනිවාර්යෙන්ම සමත් විය යුතුයි. මෙකෙත් හුඟක් අය අන්තර්ජාලයෙන් answers හොයල pass වෙනව නමුත් මේක තියෙන්නෙ odesk ගැන අවබොධයක් ලබාගන්න. ඒක නිසා දෙතුන් පාරක් fail වුනත් මේක තනියෙම කරන්න. අනිත් tests තමන්ගෙ ක්ශේත්‍රෙය් හැටියට කරන්න පුළුවන්. programmer කනෙකුට නම් PHP,JAVA, C#.... වගේ හැම භාශාවකට අදාල tests තියෙනව. ඒ වගේම මේ ව එකක්වත් බැරිනම් Windows XP, Office 2003 වගේ එකක් වුනත් කරන්න පුළුවන්. අඩුම තරමේ 5ක් වත් කරන්න.


අද ලිපිය මෙතනින් අවසාන කරන්නම්. මොනවහරි ගැටළු තියෙනවනම් ඉදිරිපත් කරන්න. මීලඟ ලිපිය දාන්නෙ Odesk Job application limit සහ Hourly rate ක දාන්නෙ කොහොමද කියන එක. ඒ වගේම ගැටළු තියෙන ඒව අනිවාර්යයෙන් දාන්න මොකද ඉදිරියේදී ලියන ලිපි වලින් ඒවට පිළිතුරු සපයන්න පුළුවන්.

අන්තිමේදි කියන්න තියෙන්නෙ Odesk Profile එක තමා කෙනෙක්ගෙ Odesk වල සාර්කත්වයේ රහස කියන එක.


Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.