Odesk වල රැකියාවකට අයදුම් කිරීමට පෙර 2- දෙවන ලිපිය

8:21 PM , 0 Comments

Odesk Job Application Quota සහ Hourly Rate 



පසුගිය ලිපියෙ ඉතුරු කොටස එහෙනම් මෙතැන් සිට පටන් ගමු.

Odesk Job Application Quota කියන්නෙ තමන්ට Odesk හි වරකදී අයදුම් කර තිබිය හැකි උපරිම Jobs ගණනටයි. අයදුම් පත් ප්‍රතික්ෂේප වුනොත් මෙය ඉබේම යාවත් කාලීන වෙනව.

Odesk හි ලියාපදිංචි වූ ගමන්ම මෙය ලැබෙන්නෙ 2ක් ලෙස. Odesk readiness test එක pass වුන කෙනෙකුට මෙම සීමාව 5ක් දක්වා ඉහල යනව.

අවම වශයෙන් 4ක් හෝ ඊට වැඩි Odesk free skills tests කර ඇති අයට මෙම සීමාව 20ක් දක්වා ඉහල දමාගන්න පුළුවන්.

තමන්ගෙ අනන්‍යතාව තහවුරු කරගත් අයට තවත් 5කින් ඉහල යනව. අවසාන වශයෙන් 25ක් දක්වා උපරිම සීමාවක් ලබාගන්න පුළුවන්.

මීට අමතරව feedback score  එක 4ට වඩා වැඩි profile වලටත් 20ක් දක්වා උපරිමයක් ලබා ගත හැකියි.

හැකිතරම් Odesk මගින් සපයා ඇති Free tests කිරීමේ වාසිය මේකයි. තමන්ගෙ profile එකට වැඩි වටිනාකමක් හිමිවෙනව. ඒ වගේම තමන්ගෙ Odesk Job Application Quota එකත් වැඩි කරගන්න පුළුවන්. Freelancer.com වගේ tests කිරීමට Odesk මුදලක් අය කරගන්නෙ නෑ.

කොහොමද Odesk ID verify කරගන්නෙ?

මේ සඳහා Passport එකක හෝ Driving Licence එකක Digital copies අවශ්‍යයි. Scanner එකක් නොමැතිනම් Digital camera එකකින් හරි පැහැදිලි (තමන්ගෙ විස්තර ඉංග්‍රිසි භාෂාවෙන් පැහැදිලිව පෙනෙන) ඡායාරූප Odesk අඩවියට upload කිරීම මගින් තමන්ගෙ අනන්‍යතාව තහවුරු කරගත හැකියි.


කොහොමද Odesk Hourly Rate දමන්නෙ?

හුඟක් අයට තමන්ගෙ Job applications ප්‍රතික්ශේප වෙන්නෙ hourly rate set කරගැනීමේ තියෙන දුර්වලතා නිසා.
 මුලින්ම hourly rate දැමීමට කලින් job description එක හොඳින් කියවා බලන්න. එහි employer  විසින් උපරිම hourly pay rate එකක් දමා ඇත්නම් අනිවාර්යයෙන්ම  එයට වඩා අඩු rate එකක් ඉල්ලුම් කරන්න.

ඒ වගේම තමා තමන්ගෙ Profile එකේ තියෙන rate එක. හුඟක් අලුත් profile හදන අය මමමුලින්ම කරන්නෙ 10$ / per hour වගේ ඉතා ඉහල අගයක් දැමීම. experience එකක් වත් නැතුව මේ ගානට කවුරුවත් job දෙන්නෙ නෑ. ඉතින්  Odesk වලින් Job ලැබෙන්නෙ නෑ කියල ඒකටත් බැන බැන ඉන්නව.

Programmers වගේ කට්ටිය නම් 5$ වගේ දැම්මට කමමක් නෑ. ඒත් ටික කලක් ගිහින් තමන්ගෙ feedback score එක හොඳින් ඉහල ගියාට පස්සෙ. Data entry, graphic designing වගේ කට්ටිය නම් මුලින්ම පටන් ගන්න ඕන 1$-3$  අතර ගානකින්. මොකද මේ වගේ jobs වැඩියක්ම ලැබෙන්නෙ අඩුම bid එකට නිසා.

ටික කලක් මෙහෙ අඩු ගානට වැඩ කරල තමන්ගෙ Feedback score එක වැඩි කරගත්තට පස්සෙ මීට වඩා වැඩි ගණන් වලට යන්න පුළුවන්.

Hourly Job වලදි ටිකක් වගකීම fixed price jobs වලට වඩා වැඩියි. මොකද හැමවෙලාවෙම Odesk team app එක මගින් time track වෙවි screen shots පවා record වෙන නිසා. ඒක නිසා පරිස්සමෙන් අවංකව වැඩ කරන්න. Job එක අවසානයේ Employer ගෙන් ලැබෙන Feedback එක මීලඟ රැකියාවට විශාල ආධාරයක් වෙන බව මතක තබා ගන්න.

මීලඟ ලිපියෙන් Odesk හි පහසුවෙන් ලබා ගත් හැකි රැකියාවන් ගැන කතා කරමු.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.