Firefox වේගවත් කර Data Usage අඩු කරමු.

7:11 PM , 3 Comments

වැඩි දෙනෙක් දැන් Internet Explorer අතහැරල  Firefox  සහ Chrome වලට මාරැ වෙලා හින්ද Firefox වේගවත් කරල දත්ත භාවිතය අඩු කරගන්න ආකාරයක් ගැන අද කියල දෙන්නම්.දත්ත භාවිතය අඩු වීම සීමා සහිත දත්ත භාව්තා කරන(limited data usage)  අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති අයට ප්‍ර‍යෝජනවත් වෙයි.මොකද නැත්නම් Web Page එකක් download වුනාට පස්සෙ පෙනෙයි web page size එකට වඩා දත්ත භාවිතා වෙලා කියල.මේකට හේතුව තමා Firefox මගින් web page  එකේ පවතින සමහරක් links වලට අදාල දත්ත ප්‍රමානයකුත් download  කරල තිබීම.Firefox මේ දේ කරන්නෙ අපි ඒ link එකක් click කලොත් එය වේගවත්ව ලබාදෙන්න.මේක හොඳ දෙයක් වුනත් අපේ connection එකේ වේගය අනුව අපිට මේකේ නිසි පල ලබාගන්න බෑ.

නමුත් Firefox හි settings කීපයක් වෙනස් කිරීමෙන් වෙබ් පිටු ලැබීම වේගවත් කරන්න පුළුවන්.
  • firefox වල address bar එකේ about:config  ටයිප් කරන්න, දැන් Enter කරන්න.  
  • දැන්  alert එකක් පෙන්නයි “This Might Void Your Warranty” කියල, 
  • “I’ll be careful, I promise !”  option එක click කරන්න.
  • මේ විදිහටම Fiter box එකේ  network.http.pipelining type කරල  ඒ parameeter  එක true කරන්න.
  • network.http.pipelining එක යට තියෙන network.http.pipelining.maxrequests  parameeter  එක 20 කරන්න.
  • right click කරල NEW තෝරා ගන්න.එහි interger එකක් ගන්න.ඒකට  nglayout.initialpaint.delay  විදිහට නම දෙන්න.ඒකෙ value එක 0 කියල දෙන්න.
    දැන් Firefox Restart කරන්න.

මේකෙදි අපි වෙනස් කලේ  Firefox හි කුඩා  parameeters ටිකක් විතරයි.නමුත් අපේ connection එකේ speed එකට ගැලපෙන් Firefox optimize  කරන්න හොඳ software එකක් තියෙනව. Firefox Booster කියල.මේකෙන් අපිට අපේ පරිගණකයෙ වේගයට සහ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගයට ගැලපෙන විදිහට Firefox Optimize කරගන්න පුළුවන්.ඒක මෙතනින් download කරගන්න.

Google Public  DNS භාවිතයෙන් වුවත් Web page එකක්  resolve වෙන වේගය  වැඩි කරගන්න පුළුවන්.නමුත් මේකෙදි download speed එක නම් වැඩි වෙන්නෙ නෑ.Network Connection එකේ settings ටලට ගිහිල්ල   Use the following DNS addresses කියන එකේ Primary DNS 8.8.8.8 සහ secondary DNS  විදිහට 8.8.8.4 settings වෙනස් කරල connect වෙලා බලන්න.

 මේ පිලිබඳ වැඩි විස්තර දැනගන්න පහත Link Click කරන්න.
link1
link2
බ්ලොගර් එකේ අවුලක්ද මන්ද මට Photos Upload කරන්න බෑ.පස්සෙ Photos Upload කරන්නම්.





Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

3 comments :

  1. Trix HNTR ගෙන් කොපි කරල.

    ReplyDelete
  2. @Gaminda
    මම මේ බ්ලොග් එක පවත්වාගෙන යන්නෙ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසඳයේ නීති රීති වලට අදාලව.මම මේ දේවල් සොයා ගැනීමට මුල්වූ මූලාශයේ link පවා post එකේ දක්වල තියෙනව.කරැණාකරල ඔබ Copy කරල කියන post එකට අදාල Link එක දක්වන්න හෝ එහි Admin ට ඒ බව දන්වන්න.මේහි තියෙන කිසිදු දෙයක් පිටපත් කර නැති බවට මට වගකීමෙන් කියන්න පුළුවන්.මෙම post එක වෙනත් බ්ලොග් එකක පිටපත් කිරීමක් බවට copyscape හරහා ඔප්පු කරන්න පුළුවන් නම් මම මේ post එක ඉවත් කරගන්නම්.

    ReplyDelete
  3. cra wedak
    meka hariyata qyawaganna ona okkotama kalin
    thx carry on

    ReplyDelete

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!