Kaspersky Rescue Disk USB Bootable Disk එකක් හදාගනිමු.

7:49 PM , 2 Comments

Kaspersky Internet Security/Antivirus පාවිච්චි කරන/නොකරන සියලු දෙනාටම  Kaspersky Rescue Disk 10 USB  Bootable Disk එකක් හදාගන්න හැටි තමා අද කියල දෙන්නෙ.

Kaspersky Rescue Disk  USB  Bootable Disk එකක තියෙන වැදගත් කම මොකක්ද?

Virus Infection එකක් නිසා boot වෙන්නෙ නැති පරිගණකයක් boot කරල එය යථා තත්වයට පත්කරන්න හෝ අඩු ගණනෙ එහි පවතින දත්ත යලිත් ලබා ගන්න Kaspersky Rescue Disk  එකක් භාවිතා කරල පුළුවන්.මේක හදා ගන්න Kaspersky Internet Security/Antivirus එක තියෙන්නම අවශ්‍ය නෑ.මේක Kaspersky Lab මගින් නොමිලේම ලබා ගන්න පුළුවන්.Kaspersky Internet Security/Antivirus  තියෙන අයට මේක පහසුවෙන් software එක හරහාම  මේක හදාගන්න පුළුවන්.වෙනත් software අවශ්‍ය වෙන්නෙ නෑ.නමුත් Kaspersky මගින් .iso file එක  download කරයි.මේකෙන් USB  Bootable Disk  එකක් විතරක් නෙමෙයි අවශ්‍ය නම්  Bootable CD/DVD  එකක් වුනත්  හදාගන්න පුළුවන් .පහත රූප වලින් වලින් ඒක හදා ගන්න ආකාරය තියෙනව.







Kaspersky Internet Security/Antivirus  ඔබ ලඟ නැත්නම් මේක ලබා දෙන නිල වෙබ් අඩවියටම ගිහිල්ල Kaspersky Rescue Disk   programme එක download කරගන්න පුළුවන්.200MB විතර වෙයි මේක.
මෙන්න link එක 
මේක ලැබෙන්නෙ .iso ගොනුවක් විදිහට.ඒ කියන්නෙ Image File එකක් විදිහට.Bootable CD/DVD එකක් අවශ්‍ය නම් අපිට සාමාන්‍ය විදිහට Nero හරහා image file එකක් burn කරන ආකාරයට Bootable CD/DVD එක හදාගන්න පුළුවන්. USB Bootable Disc එකක් හදාගන්නව නම් මේ programme එක මෙතනින් ලබා ගන්න.මේකත් Kaspersky Lab මගින් නොමිලේම ලබා දෙනව.USB Bootable Disc එක භාවිතයෙන් Infect වුන පරිගණකය Boot කරනව නම් මුලින්ම BIOS වල USB BOOT කියන එක activate කරගන්න අවශ්‍ය වෙනව.

පසුගිය ලිපියෙන් මම Kaspersky key files ටිකක් දුන්න.මගෙ මිතුරෙක් ලබා දුන්න Link
 එකකින්. ඒක හුඟක් දෙනෙක් ඒවා download කරගෙන තිබුනට වැඩ කලාද කියලවත් Comment එකක් තියල තිබුනෙ නම් නෑ.හැබැයි චෝදනාවක් නම් කරල තිබුණ.කමක් නෑ කොයි දේකත්  තියෙන වැඩි හොඳ දේට වැඩිය පොඩි හරි අඩුපාඩුවක් තිබුනොත් ලොකුවට කියන එක ලංකාවේ මිනිස්සුනගෙ හැටිනෙ.අදත් මට ලැබුන Kaspersky key files ටිකක් දෙන්නම්.මෙතනින් ඒක ගන්න.Kaspersky hack කරන්න පුළුවන් කියන පොඩි programme වගයකුත් හම්බවුනා.මම ඒවයෙ link ටිකත් දෙන්නම්.
link1 link2 link3 link4 

හැබැයි මට නම් මේව වැඩ කලේ නෑ.KIS 2009 පාවිච්චි කරන මගෙ යාළුවෙකුට නම් හරි ගිහින් තිබුණ. කරුණාකරල හරිගියා ද කියල කියන්නකො එහෙනම්.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

2 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!