IDD යුද්ධය

9:02 AM 1 Comments

ඔන්න Telecom එකට වැඳල වැඳල ADSL ත් හම්බවුනා.විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන SLT HQ එකේ ලලිත් පෙරේරා සහ හර්ශන හෙනරත් මහත්මයින්ට Panadura Telecom එකට මාස 1 හමාරක් ගිය වැඩේ  දවස් දෙකෙන් කරල දුන්න.SLT Official facebook Page එකටත් ස්තුතියි.එහෙනම් මාතෘකාවට බහිමුකො.බ්ලොග් එක පටන්ගත්ත මුල් දවස්වලම දිග ලිපි කීපයක් ලිව්වට  දිගටම ඒවා එපා වෙයි කියල හිතල මම ලඟදි ලිව්වෙ කෙටි ලිපි ටිකක් විතරයි.ඒත් පසුගිය ලිපි වලට තරම් comments ලඟදි ලැබුනෙ නැති නිසාත් කට්ටිය කැමති පසුගිය ලිපි වලට නිසාත් අද ලිපිය IDD ගැන කියන්නම්.
එහෙනම් මොකක්ද මේ යුද්ධය?
යුද්ධය වෙන මුකුත් නෙමේ ජංගම දුරකථන ආයතන අතර පසුගිය සති කීපය තුල ඇති වුන  තරගකාරී IDD ගාස්තු අඩු කිරීමයි.ජූලි 15 වෙනිදට පසුව දේශිය දුරකථන ගාස්තු අවමයකට යටත් කලාට පස්සේ තවදුරටත් දේශිය දුරකථන ගාස්තු අතින් ජංගම දුරකථන ආයතන වලට තරඟ තරන්න බෑ.දැන් තරඟ තරන්න පුළුවන් SMS, Data, IDD සහ VAS(value added services) වලින් පමණයි.IDD යුද්ධයක් ඇති වුනේ ඒකයි.

දැන් India වලට රු2 කට දුරකථන ඇමතුමක් ලබාගන්න පුළුවන්.USA CANADA වලටත් රැ 3ක් වගේ තමා(USA canada වලට නොමිලේම call  ගන්නත් පුළුවන්).ඒ වගේම වැඩියෙන්ම IDD ගන්න මැද පෙරදිගටත් රු15 ක උපරිමයක් වෙයි.මේකෙන් පාරිභොගිකයට හුඟක් වාසියක් වෙනව.මීට අවුරුදු 5කට විතර කලින් IDD ගාස්තු කාට හරි මතක නම් මේ වගේ 10 ගුණයකටත් වැඩි ගාස්තු තමා තිබුණෙ.හිතාගන්න පුළුවන්නෙ මේ ආයතන කොයිතරම් ලාභයක්  ලබාගන්න ඇත්ද කියල.දැන් ප්‍රශ්නෙ මේකයි.මේ ගාස්තුවලින් ඔවුන්ට ලාභයක් තියෙනවද සහ කොහොමද මේක වෙන්නෙ කියන එක.
ඉස්සරම තරම් නැතිවුනත් ලාභයක් තියෙනව.මේකයි ඒ.දේශිය දුරකථන ආයතන විදේශිය දුරකථන ආයතන එක්ක සම්බන්ධ වෙන ආකාරය අනුව(intelsat,AT&T,inmarsat..වැනි ජාත්‍යන්තර දුරකථන සමාගම්  හරහා) මේක වෙනස්වෙනව.මගේ අන්තර්ජාලයට සම්බන්ධවෙන්නෙ කොහොමද?  ලිපි කියෙව්වනම් දැනටමත් දන්නව sattellite හරි cable  හරික්‍රමයකින් තමා මේ සම්බන්ධතාවය පවත්වගන්නෙ.ඉතින් මේ දුරකථන ආයතන 2 අතර ඇතිකරගන්න ගිවිසුම අනුව ගාස්තු තීරනය වෙනව.ගිවිසුමේ Roming, IDD ගාස්තු පිලිබඳව සඳහන් කරනව. මේක තමා හරිම IDD කියන්නෙ.මේකෙදි හඬ පැහැදිලියි.ඉක්මනින් සම්බන්ධ වෙනව.හැබැයි ගාස්තුව වැඩියි.premium idd කියල SLT/Mobitel ලබාදන්නෙ මේක.අනෙක් network වලත් මම
දන්න හැටියට නම් අංකයට ඉදිරියෙන් විශේෂිත කේතයක් නොදා ඇමතුම ගත්තම
මෙහෙම තමයි ඇමතුම යන්නෙ.

අනෙක් ක්‍රමය තමා VOIP(Voice Over Internet Protocol)  හරහා සම්බන්ධතාව

ලබාදීම.අංකයට ඉදිරියෙන් විශේෂිත කේතයක්(100,15...) යොදා අමතන්න කියා කියන්නෙ මේ හරහා ඇමතුම සම්බන්ධ කරන්න.කවුරුත් දන්න දෙයක් තමා Gtalk,Yahoo Messenger,Net2Phone වලින් ජාල ගත වෙලා(Online) ඉන්න අයත් එක්ක නොමිලේම කථා කරන්න පුළුවන් කියල.මේව භාවිතා කරන්නෙත් Voip ම තමා.නමුත් Skype භාවිත කරන්නෙ මේක නෙමේ.මේකට විශේෂ නමක් නම් නෑ(තියෙනවනම් කියන්න
ෙකවුරුහරි.)ඒත් Napster වැනි ගොනු හුවමාරු වැඩසටහන් වල භාව්තා වන P2P(peer 2 ‍ෙpeer) ආකාරයේ තාක්ෂණයක්.මේකෙදි call quality එක සමහරක් වෙලාවට හොඳටම හොඳ වෙන්නත් පුළුවන්.කිසිම දෙයක් ඇහෙන්නෙ නැතිවෙන්නත් පුළුවන්.මිල අඩුයි.VOIP හරහා call එකක් එනවනම් ලේසියෙන්ම අඳුන ගන්නත් පුළුවන්.ඉල්කකම් 4/5 ක විතර code එකක් තමා CLI විදිහට වැටෙන්නෙ.Direct line එනවනම්  සම්පුර්ණ අංකයම වැටෙනව.මේ දවස්වල දෙවෙනියට කියපු විදිහට තමා වැඩිපුරම IDD දෙන්නෙ.ලාබෙට දෙන්න පුළුවන් නිසා.ඒත් Internetional SMS නම් පරණ ගානමයි.මේක ලඟදි අඩුකරන එකක් නෑ.මොකද Network ඔක්කොම එකට එකතුවෙලයි ගාන වැඩි කලේ. රු2ට call එකක් ගන්නකොට  sms එකක් රු5ක් කියන එක ටිකක් විහිළුවක් වගේ තමා.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

1 comment :

  1. ලිපියට බොහොම ස්තූතියි. අලුත් කරුණු ගොඩක් දැනගත්තා.

    ReplyDelete

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!