FDMA,TDMA CDMA තාක්ෂණයන් ගැන දැන ගනිමු.

8:08 AM , 5 Comments

CDMA වචනය දැන් අවුරුදු කීපයක් තිස්සෙ ලංකාවට අලුත් වචනයක් වුනේ නැති බව කවුරුත් දන්නවනෙ.CDMA හරහා ලංකාවෙ දුරකථන ඉතිහාසයේ විශාල පෙරලියක් සිදු වුනා.වසර ගණනක් පොරොත්තු ලේඛන වල ඉඳපු අයට එක් දිනකින් විතර දුරකථන පහසුකම් ලබාගන්න පුළුවන් වුනේ මේ නිසයි.

CDMA වලට කලින් ආපු තාක්ශණික ක්‍රම වේදයන් තමා FDMA සහ TDMA කියන්නෙ. මේ තාක්ෂණයන් ගැක කථාකරද්දි මම කීපදෙනෙක් අතර සිදුවන කථාබහක් උදාහරනයක්ට ගන්නම්..දෙදෙනෙක් අතර සිදුවන කථාබහක් channel  එකක් කියල කියනව.channel වල half duplex සහ full duplex කියල දෙකක් තියෙනව.half duplex channel වලදි එක පැත්තකට විතරයි දත්ත යවන්නෙ.ඒ කියන්නෙ එක්කෙනයි කථා කරන්නෙ.අනෙක් එක්කෙනා අහනව විතරයි.සාමාන්‍ය TV එකක් බලද්දි මෙහෙමයි වෙන්නෙ.full duplex channel වලදි දෙපැත්තටම දත්ත යවනව.ඒ කියන්නෙ දෙන්නම කථා කරනව දෙන්නම අහනව.දුරකථන පරිපථයකදි වෙන්නෙ මේකයි.

ඒක නිසා full duplex channel වලදි දත්ත සම්ප්‍රේෂණය කරද්දි අනෙක් channels වලට බාධා නොවෙන්න ක්‍රමයක් භාවිතා කරන්න ඕන.නැත්නම් කාටවත් හරියට කථා කරන්න බැරිවෙනව.ඒ කියන්නෙ කීපදෙනෙක් අතර සිදුවන කථාබහක් නිකම්ම කාලගෝට්ටියක් බවට පත්වෙනව වගේ.
මේකට මුලින්ම ආපු තාක්ෂණය FDMA(frequency-division multiple access) 1860 දි

මේකෙදි channel වලට එකිනෙකට වෙනස් සංඛ්‍යාත භාවිතා කලා.හරියට  කීපදෙනෙක් අතර සිදුවන කථාබහකදි යුගලක් 100Hz තවත් යුගලක් 200Hz  තවත් යුගලක් 1000Hz සංඛයාත පමණක් භාවිත කරනව වගේ.අනෙක් අයට වෙනස් සංඛයාත සංවේදනය නොමැති නිසා බාධාවකුත් නෑ.මේක කාලයක් සාර්ථකව තිබුන.ඒත් එකිනෙකට වෙනස් වානිජ ජාල වල සංඛයාත වෙන් කරද්දි මෙක ගැටළුවක් වුනා.මේනිසා වෙනත් ක්‍රම කෙරෙහි අවධානය යොමු කලා.

TDMA (Time Division Multiple Access)

මේකෙදි channel වලට නිශ්චිත කාල පරාසයක් වෙන් කරනව mili seconds ගනනක.මේක ඇත්තටම කීපදෙනෙක් අතර සිදුවන කථාබහකදි යුගලකට විනාඩියක කථාකාලය  බැගින් වෙන් කරන එක.යුගලක් කථාව අවසන් කලාට පස්සෙ.අනෙක් යුගල පටන් ගන්නව.ඉලෙක්ටොනික පරිපථයකදි මේක ඉතා වේගයෙන් සිදුවන නිසා කාල පමාවක් දැනෙන්නෙ නැති තරම්.එකම සංඛයාතය භාවිත කරන්නත් පුළුවන්.GSM වලදි Frequency hopping ක්‍රමවෙදයක් එක්ක සම්බන්ධ කරල මේක භාවිත කරනව.

CDMA(Code division multiple access)


මේකෙදි channel වලට නිශ්චිත කේතයක්(code)  වෙන් කරනව මේක ඇත්තටම කීපදෙනෙක් අතර සිදුවන කථාබහකදි එකිනෙකට ‍වෙනස් භාශාවන් භාවිතා කරනව වගේ.අනෙක් අය මේ භාශාවන් නොදන්න නිසා බාධාවක් වෙන්නෙ නෑ.3G වලදි භාවිතා වෙන WCDMA  කියන්නෙ CDMA TDMA දෙකේම සංකලනයක්.




Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

5 comments :

  1. තවත් හොද ලිපියක්. බොහොම ස්තූතියි.දිගටම ඔය වගේ ලිපි ලියන්න. උදා ප්‍රොටෝකෝල වගේ ඒවා ගැනත්.

    ReplyDelete
  2. දිගටම ලියන්න.නොවැරදීම බලනවා.

    ReplyDelete
  3. @කි.අප්පුහාමි ඔබටත් බොහොම ස්තූතියි!ඔයාලගේ comments වලින් තමා මේ වගේ දේවල් ගැන ලියන්න මම තවත් උන්නදුවෙන්නෙ.ඉදිරියටත් අනිවාර්යයෙන්ම මේවගේ තොරතුරු ලබාදෙන්නම්.රැඳී සිටින්න

    @yasiru බොහොම ස්තුතියි.

    @ dinesh අනිවාර්යයෙන්ම.බොහොම ස්තුතියි comment එකට දිගටම රැඳී සිටින්න

    ReplyDelete
  4. YEAH THTZ TRUE
    COME ALONG...

    ReplyDelete

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!