නිවැරදිව Search කරන්නෙ මෙහෙමයි

7:58 AM , 8 Comments

අන්තර්ජාලයෙන් අපි තොරතුරක් හොයනකොට අපි අදාල වෙබ් අඩවියෙ ලිපිනය හරියටම දන්නෙ නැත්නම් අපිට මේ තොරතුර තියෙන වෙබ් අඩවි ගැන සොයා බලන්න වෙනව.මේකට අපි හැමෝම කරන්නෙ google yahoo msn වැනි search engine එකකට ගිහිල්ල අදාල වචනය type කරල search කරන එක.ඒත් සොයන තොරතුරට අදාල වෙබ් අඩවි පමණක්ම නෙමේ අපිට ලැබෙන්නෙ.සෙවුම් වදන් වල(search words)  එකක් හරි තියෙන වෙබ් අඩවිත් මේත් එක්කම ලැබෙන්න පුළුවන්.මේකෙන් වෙන්නෙ අදාල නොවන වෙබ් අඩවි වලට ගිහින් අපේ කාලය,මුදල් සහ දත්ත නාස්ති වෙන එක.


එහෙනම් කොහොමද හරි විදිහට search කරන්නෙ? 


1 වෙනි ක්‍රමය තමා තාර්කික මෙහෙයුම් (Logical Operations) භාවිතය

 AND    වචන කීපයක් type කරල search කරනකොට  අතර මැදට AND හෝ + යොදල search කලවිට ඒ සියල්ලම ඇති search results පමණයි පෙන්නන්නෙ.

OR
වචන කීපයක් type කරල search කරනකොට  අතර මැදට OR යෙදුවවිට එම වචන කීපයෙන් එකක් වත් ඇති search results පමණයි පෙන්නන්නෙ
NOT
 වචන දෙකක් type කරල search කරනකොට  අතර මැදට NOT හෝ - යෙදුව විට එම වචන දෙකෙන්    NOT හෝ -  ලකුණට පසුව ඇති වචනය නොමැති search results පමණයි පෙන්නන්නෙ

NEAR 
වචන කීපයක් type කරල search කරනකොට  අතර මැදට NEAR යෙදුවවිට එම වචන කීපය එක ලඟම  ඇති search results පමණයි පෙන්නන්නෙ.


මේවට උදාහරණයක් විදිහට 

අපිට අපේ blogger blog එකට free widgets එකක් අවශ්‍ය වුනා කියල හිතමු.
අපි  free widgets විදිහට search කලොත් අපිට wordpress,typepad,blogger සහ සාමාන්‍ය websites වලටත් අදාල widgets දෙන pages ලැබෙයි.
ඒත් මෙ විදිහට search කලොත් free widgets+blogger blogs-wordpress අපිට හුඟක් අදාල results විතරයි ලැබෙන්නෙ.



  • වචනයක් පමණක් සොයන කොට t:  වලට පසුව අදාල වචනය යොදන්න.


උදා:- t:books


  • site එකක් කොපමණ වෙබ් අඩවි ගණනක සඳහන් වෙලා තියෙනවද බලන්න
    site:  වලට පසුව අදාල URL එක යොදන්න


උදා:-  site: http://staryblogger.blogspot.com

  • විශේෂ පුද්ගලයෙක්ගෙ නමක් හරි ස්ථානයක නමක් හරි හොයනවනම් මුල් අකුරු capitol කරල උදෘත පාඨ ලකුණු යොදන්න
උදා:-     "London Tower"    "Emma Watson"

  • * සංකේතය යෙදීමෙන්


උදා:- phy* යොදා search කල විට

physics physiography physical physiology ආදී search results ලැබෙයි.


මේ වගේ උපක්‍රම භාවිතා කරල  පරිගණක hacker ල අපේ තොරතුරු සොරාගන්න බව දන්නවද? අපි විවිධ ආයතන වලට යොමු කරන application වල පවතින පෞද්ගලික තොරතුරු ලබාගන්නෙත් මෙහෙමයි
මේ පහත දැක්වෙන search word  google කරල බලන්න

intitle:”curriculum vitae” “phone * * *” “address *” “e-mail”  

 “?intitle:index.of?mp3 westlife“  {මෙකෙන් westlife ගෙ mp3 නොමිලේ ලබාදෙන වෙබ් අඩවි ලැබෙයි.(mp3 වෙනුවට avi,mpg,mkv සහ westlife වෙනුවට artist ගෙ නමත් අවශ්‍ය නම් වෙනස් කරල බලන්න)
}




මතකතබා ගන්න

Google වල නම් තාර්කික මෙහෙයුම් (Logical Operations) නැතත් අදාල ප්‍රතිඵලය හුගක් වෙලාවට ලැබෙනව.ඒ Google සෙවුම් ඇල්ගොරිතම(Search Algorithms) ගණනාවක් භාවිත කරන නිසා අදාල රටට ගැලපෙන සහ වැඩියෙන්ම rate වෙන search results මුලින්ම පෙන්වන නිසා.ඒත් අනෙක් search engine(yahoo,msn,live) වල මෙහෙම ලැබෙන්නෙ අඩුවෙන්.

තාර්කික මෙහෙයුම් (Logical Operations) web search කරන්න විතරක් නෙමේ ඕනම දෙයක් search කරන්න යොදා ගන්න පුළුවන්.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

8 comments :

  1. එල ලිපියක්

    ReplyDelete
  2. ඔච්චරකල් සර්ච් කෙරැවට දැනුයි දැනගත්තේ.නියමයි.

    ReplyDelete
  3. අපි හැමදාම ඉගෙන ගන්නවා. වටිනා කම කියල නිම කරන්න බෑ.

    ReplyDelete
  4. ela ela.... tips tka niyamai..

    onna maath danna deyak kiyanawoo.
    awlak nedda?

    search engine wala lokka gawata gihin direct search karanna (mother search engine)..Google latath ona dewal hoyala denne meya tamai...

    url: http://www.mamma.com

    meken ahu muluwala tyena hema dema hoyanawa...

    ReplyDelete
  5. @all comments තියපු කට්ටියට බොහොම ස්තුතියි.ඔයාලගෙ comments නිසා තමයි මම තවත් උනන්දු වෙලා මේ වගේ තොරතුරු ලබා දෙන්නෙ.

    @SAARC බොහොම ස්තුතියි තොරතුරට.මමත් එහෙම දෙයක් ගැන දැන් තමා දැනගත්තෙ

    ReplyDelete
  6. එල එල. වටිනා ලිපියක්.

    ReplyDelete

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!