ශ්‍රි ලංකාවෙ අන්තර්ජාල සේවා සපයන ආයතන වෙත(ISP) අගෝස්තු මසදි විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව(TRCSL) විසින් නිකුත් කරන ලද කොන්දේසි මාලාව.

12:31 PM 7 Comments

සියලුම පුළුල් පරාස  අන්තර්ජාල  සේවා සැපයුම් පැකේජ වල,

  • මිල respective tariffs
  • ආවරන කලාපය coverage maps/area lists
  • සබඳතා ගාස්තුව  connection fee
  • මාසික කුලිය සහ වෙනත් ගාස්තු  rental and all other related charges
  • බාගත සහ උඩුගත වේගයන්  Their upload and download bandwidth
  • සාධාරණ භාවිත ප්‍රතිපත්ති     FUP (Fair Usage Policy)
  • අන්තර්ජාල  සේවාවේ තාක්ෂණික ස්වභාවය Technology(s) used for the delivery of service
  • Modem,Router සඳහා සැකසුම් (settings) කර ගත යුතු ආකාරය.




පාරිභොගිකයාට පහසුවෙන් අවබෝධ කර ගත හැකි පරිදි අදාල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කල යුතුයි.පාරිභොගිකයාට ලබාදෙන වේගය සහ ප්‍රායෝගිකව ලැබෙන වේගය ගැන දැනුවත් කිරීමක් කල යුතුයි.සීමිත දත්ත භාවිත පැකේජයන් සඳහා නම් අන්තර්ජාලය හරහාම භාවිතා කල දත්ත ප්‍රමානය බලාගැනීමේ සේවාවක් ලබාදිය යුතු අතර එය නිතිපතා යාවත්කාලීන  කිරීමක් කල යුතුයි.දේශියව හෝ ජාත්‍යන්තරව සේවාව විසන්ධි විමකදි පාරිභොගිකයාට ඒ බව දැන්විය යුතු අතර ඉක්මනින් සේවාව යථා තත්වයට  පත්කල යුතුයි.පාරිභෝගික පැමිණිලි සඳහා දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපින පැහැදිලිවම වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කල යුතුයි.

විදුලි සන්දේශ නියාමන කොමිශන්  සභාව විසින් විසින් අන්තර්ජාල සේවා සපයන ආයතන වෙත(ISP) මේවැනි දෙයක් නියම කරල තියෙන්නෙ පුළුල් පරාස සේවාවන් වලදි පාරිභෝගිකයාට සිදුවන අසාධාරණකම් වලක්වන්නමයි.ඒත් මේ ආයතන කීයෙන් කීයකද මේ දේවල් ප්‍රදර්ශනය කරන්නෙ?

මේ ගැන වැඩිදුර දැන ගන්න විදුලි සන්දේශ   නියාමන කොමිශන්  සභාවේ වෙබ් අඩවියට පිවිසෙන්න.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

7 comments :

  1. එහෙම කොන්දේසි මාලාවක් දාපු එක නම් ගොඩක් හොඳයි.මේව ක්‍රියාවට නැංවෙනවනම් පාරිභෝගික ගැටලු ගොඩක් දුරට අඩු වෙනව.මොකද ඔය අන්තර්ජාල සේවා සපයන්නන් හිතාගෙන ඉන්නෙ පාරිභෝගිකයො මෝඩයො කියල.පැමිණිල්ලක් දැම්මම මොකක් හරි එකක් කියල මගහරිනව.එයාල කියන විදියට මොන දේ වුනත් වැරැද්ද පාරිභෝගිකයගෙ.හොයල බලන්නැතුව පාරිභෝගිකය මතම වැරැද්ද පටවනව.

    ReplyDelete
  2. මේ කියන විදියට නැති එකන කේස් එක !! hikz

    ReplyDelete
  3. Oya Moka Karth vadak naha Compani karya Mokk hari karla barnava apita Boruvak kivama athi unta ona dakin baranna

    ReplyDelete
  4. " පාරිභොගිකයාට ලබාදෙන වේගය සහ ප්‍රායෝගිකව ලැබෙන වේගය ගැන දැනුවත් කිරීමක් කල යුතුයි."


    මේව වෙනව නම් මරු... දෙනව කියන ස්පීඩ් එක ගත්තම නැහැ...

    ReplyDelete
  5. මේ නීති ඇතුලත් කරල දැන් මාස 2ක් විතර වෙනව.දින30 ක කාලයක් දීල ත් තියෙනව මේව වේබ් අඩවියට ඇතුලත් කරන්න.SITE වල තියෙන්නෙ හුඟක් Ad මිසක් මේව නෙමේනෙ.
    වෙන මොකකටවත් වැඩිය Speed එක තමා හැමෝටම ප්‍රශ්නෙ වෙන්නෙ.මේ නීති වල හැටියට ප්‍රායෝගිකව ලැබෙන වේගය ගැනත් දේශියව හෝ ජාත්‍යන්තරව සේවාව විසන්ධි විමකදි පාරිභොගිකයාට දන්වපු බවක් නම් ජීවිතේට මම නම් අහල නෑ.

    ReplyDelete
  6. කවදාවත් වෙන්නැති වැඩක්

    ReplyDelete
  7. @සියලු දෙනාටම

    මේ ගැන හැමවෙලේම පැමිණිලිම කරන එක තමා තියෙන්නෙ.call කරල කියනවට වැඩිය email කරන එක ඵලදායී වගේ.හැබැයි හොඳට සංවිධානාත්මක වෙන්න ඕන.අපේ පැත්තෙ නම් එහෙමයි.එකම පැත්තෙ එකම connection පාවිච්චි කරන කීප දෙනෙක්ම එකතුවෙලා තමා පැමිණිල්ල දාන්නෙ.ඊට පස්සෙත් දවස ගානෙම මතක් කරනව.එතකොට මේ අයට මුකුත් නොකර ඉන්න බෑ.

    ReplyDelete

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!