ලංකාවෙ internet මුලාවෙන් ගැල වෙමු

9:20 AM , 5 Comments

මගේ ශ්‍රි ලංකාවෙ අන්තර්ජාල සේවා සපයන ආයතන වෙත(ISP) අගෝස්තු මසදි විදුලි සන්දේශ නියාමන කොමිශන්  සභාව විසින් නිකුත් කරපු කොන්දේසි මාලාව. ලිපිය කියවල  හැමෝම වගේ කියල තිබුනේ මේව ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියල.

ඇත්ත තමා ලංකාවෙ කොයි දේත් බෙර ගහල පටන් ගත්තට ක්‍රියාත්මක කරල කරගෙන යන්නෙ අතලොස්සයි.පාරිභොගික සේවාවල අයත් හිතන්නෙ පාරිභොගිකය කියන්නෙ ඔලමොට්ටලයෙක් තමන් තමයි සියල්ල දත් කියල.ඒත් bits සහ bytes වල වෙනස මොකක්ද කියල දන්නෙ නැති පාරිභෝගික සේවා නිලධාරීන් මම ඕන තරම් දැකලතියෙනව.ඒ අය දන්නෑ පාරිභෝගිකයන් නිසා තමා තමන්ගේ වැටුප ලැබෙන්නෙ කියල.
ඒත් මේකට පාරිභොගිකයො විදිහට හොඳට දැනුවත් වෙලා වෙළඳ ප්‍රචාරනයන්ට නොරැවටී  හිටියොත් මේ ආයතන වලට මේව තවදුරටත් කරගෙන යන්න බැරි වෙයි.ඒකට හොඳම උදාහරනෙ තමයි කාලිංග අයියගෙ  බ්ලොග් එක මගින් ගිය අවුරුද්දෙ දිගින් දිගටම 7.2Mbps Unlimited connection එකක් දෙනව කියල Dialog එකේ ප්‍රචාරනයට ගෙන ගිය විරෝධය නිසා එම ප්‍රචාරනය නතර කරල 1Mbps කියල ප්‍රචාරනය කිරීම.Mobitel  එකත් 14.4Mbps ,7.2 Mbps ආදී ප්‍රචාරන නතර කරල තමන්ට දෙන්න පුළුවන් package කීපයක් ලබා දුන්න.



කාලයකදි Dialog එකේ speed එක හොඳ වෙනව තවත් කාලයකදි Mobitel එකේ speed එක හොඳ වෙනව.මේකට හේතුව එක network එකක users  ල ගාන වැඩි වෙනකොට ඒකෙ  speed අඩුවෙනව.ඒ වෙනකොට  අනෙකෙ speed හොඳයි(users ල අඩු නිසා).ඊට පස්සෙ  ඒකෙ speed හොඳයි කියල හැමෝම ඒකට මාරු වෙනව.ටික දවසකින් users  ල ගාන වැඩි වෙනකොට ඒකෙත් speed අඩුවෙනව.ඒ වෙනකොට පරණ network එක හොඳ වෙලා.ඊට පස්සේ ආයෙත් ඒකට මාරු වෙනව.ගිය අවුරුදු දෙකක ඉඳන් මේකයි තත්වය.
ඒ කියන්නෙ network වලට දරාගන්න බැරි users ල අතිරික්තයක් හැමදාම ඉතුරුවෙනව.networks මේ අතිරික්තයට ගැල පෙන්න Upgrade කරන්නෙ නෑ.මේකයි ඇත්ත.වෙළඳ ප්‍රචාරනයන්ට මුදල් වැය නොකර network upgrade කරන්න මුදල් වැය කිරීමයි හරිනම් සිදුවිය යුත්තෙ. ඒත් ඒක වෙන්නෙ හරි අඩුවෙන්.

අලුතෙන් connection එකක් ගන්න යන අයට මම දෙන උපදෙස මේකයි.company එකෙන් කොහොම කිව්වත් connection එකේ speed එක ඉන්න පැත්ත අනුව වෙනස් වෙනව.ඒක HSPA,ADSL,WIMAX කියල වෙනසක් නෑ.හොඳම වැඩේ ප්‍රදේශයේ   අදාල company එකේ connection අරන් තියෙන කෙනෙක් හම්බවෙලා speed එක ගැන හොයල බලල ගන්න එක.HSPA Mobile Broadband එකක් ගන්නවනම් යාලුවෙක්ගෙන්වත් HSPA Dongle එකක් ඉල්ලගෙන ගෙදරට මුලින්ම හොඳට  signal තියෙන්නෙ මොකෙන්ද කියල බලන්න.ඊට පස්සෙ prepaid (Airtel,Dialog,Mobitel) විදිහට internet ගිහිල්ල බලන්න කොහොමද තත්වෙ කියල.ඊට පස්සෙ තීරණය කරන්න මොකද කරන්නෙ කියල.


complain කරනකොට මම ඉස්සෙල්ලත් කිව්ව විදිහට ප්‍රදේශයේ වැඩි පිරිසක් එකතුවෙලා complain කරන්න. speedtest results එක්ක නිතරම email  කරන්න.Facebook,Twitter වගේ නිතරම අවධානය යොමුවෙන සමාජ ජාල වල මේ අයගෙ නිල පිටු වල මේව නිතරම සඳහන් කරන්න. speedtest results publish කරන්න.හැමෝම මේව බලන නිසා මේ අයගෙ ප්‍රචාරනයන්ට කෙලින්ම ඒකෙන් පහර වදිනව.

ඔයාලගෙත් බ්ලොග් තියෙනවනම් මේ ගැන කියල  අනෙක් අයවත් දැනුවත් කරන්න.බ්ලොග් කරුවන් විදිහට අපිට මේ දෙයට එරෙහි වෙන්න පහසුයි.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

5 comments :

  1. ow ow melata monhari karanna ona

    ReplyDelete
  2. උබේ කතාව හරි පරිභෝගික එකේ ඉන්න අය හිතන් ඉන්නේ උන් තමා දන්නේ අපි මෝඩායෝ කියලා මට මෝඩ කතා කියන් එනකොට උන් මට හොද‍ටම තද වෙනවා. උන් මෝඩයෝ නෙමෙයි උන් කරන්නේ මිනිස්සු මෝඩයා කරන එක.

    කාලයකදි Dialog එකේ speed එක හොඳ වෙනව තවත් කාලයකදි Mobitel එකේ speed එක හොඳ වෙනව.මේකට හේතුව එක network එකක users ල ගාන වැඩි වෙනකොට ඒකෙ speed අඩුවෙනව.ඒ වෙනකොට අනෙකෙ speed හොඳයි(users ල අඩු නිසා).ඊට පස්සෙ ඒකෙ speed හොඳයි කියල හැමෝම ඒකට මාරු වෙනව.ටික දවසකින් users ල ගාන වැඩි වෙනකොට ඒකෙත් speed අඩුවෙනව.ඒ වෙනකොට පරණ network එක හොඳ වෙලා.ඊට පස්සේ ආයෙත් ඒකට මාරු වෙනව.ගිය අවුරුදු දෙකක ඉඳන් මේකයි තත්වය.

    එකත් හරි හැබැයි ඔයාගෙන් යාලුවෙක් ඇහුවොත් ඔයා පාවිචි කරන ඉන්ටනෙට් කනෙෂන් මොකද් ස්පිඩ් කොහොමද ? එතකොට ඔය කියන්නේ ස්පිඩ් නම් මචන් එල කියලනම් එක වැරදි.

    මමනම් කියන්නේ ස්පිඩ් එක අල කියලා මොකද අපි අනිත් අයට ස්පිඩ් නම් මචන් එල මචන් කිවොත් උත් එල්ලෙනවා උ නිසා තව ‍ගොඩක් එල්ලෙනවා එතකොට අලම තමයි එක නිසා මමනම් කියන්නේ කට පරිසන් කර ගන්නවනම් හොදයි.එතකොට කරදරයක් නැ

    මගේ *යාටෙල් ඉන්ටනෙට් දවසක් slow ak Udata inan Mrs" Katha karta vadak naha mokda un ayla modiyo vaga katha karnna. aka nisa man havsa vankam edala sir" kankuta katha karla kiynva ayala Pamanilak" dala kiyna week akin mata call karnam kiylla athakota Week akn maga inetenet hari gihilla Airtel Dilog hodai CC ak bye.!

    ReplyDelete
  3. කතාවනන් නියමයි.ට්‍රයි එකක් දීලා බලමු

    ReplyDelete
  4. @panhida
    ඇත්ත තමා.කට නිසා මාළුව නහිනව කියල දෙයකුත් තියෙනව.

    ReplyDelete
  5. Yeah u r absolutely correct
    :)

    ReplyDelete

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!