SLT Wimax/Skynetwork මෙම මස අවසානයේ දී

3:34 PM , 0 Comments


මෙන්න තවත් අලුත් තොරතුරක් අරගෙනයි අද ආවෙ. .2006 ඉඳන්ම testing තියෙන slt wimax/skynetwork මෙම මස අවසානයේදි ලබා දෙන්නයි යන්නෙ.තාම slt හෝ skynetwork වෙබ් අඩවි නිල වශයෙන් මේ බව දන්වල නෑ.


අහස් ජාලයේ (Skynetwork) හිමිකම් සහ පරිපාලනමය ගැටළු නිසා මේච්චර කාලයක් මේක ලබා දෙන්න බැරි වුනා කියල තමා කියන්නෙ.මුල ඉදලම විදුලි සංදේශ නියාමන කොමිසම(TRC) SLT ආයතනයට wimax සඳහා අවශ්‍ය බලපත්‍රය ලබා දීල නෑ.ඒක නිසා වෙනත් ආයතනයක් හරහා බලපත්‍රය ලබා ගන්න SLT පෙළඔනා.මේ අහස් ජාලයේ (Skynetwork) හිමිකාරීත්වය ගැන පසුගිය කාලෙ අන්තර්ජාලය පුරා විවධ ආරංචි පැතිරුණා.කොහොම වුනත් slt වෙබ් අඩවියේ හැටියට නම් අහස් ජාලයේ (Skynetwork) 99.89% කොටස් ඔවුන්ට හිමියි.

wimax ලබා දෙන්න Slt සැලසුම් කලේ 2010මාර්තු මාසයේදි.පියවර(Phase) හතරකින් බස්නාහිර පලාත ආවරණය කරනව කියල තමා තිබුනේ. අද උදේ මගෙ මිතුරෙක්ගෙන් ලැබුන ආරංචියකින් තමා wimax දෙන්න යන බව දැනගන්න ලැබුනෙ.වැඩිදුර සොයල බලද්දි තවත්  තොරතුරු ලැබුන.දැනට කොළඔ ප්‍රදේශයට මේ මස අවසානයේදීම wimax ලැබෙනව.අනෙක් ප්‍රධාන නගර දැනටමත් ආවරනය කරල.
දැනට ප්‍රධාන package දෙකක් ඔවුන් හඳුන්වල දීල තියෙනව.(මේව එකක්වත් Unlimited නම් නෑ)

             Rental                        speed                                Free Bundle                         

Home    රු 390           512Kbps Down/ 128 Kbps Up    1GB free වැඩිවන සෑම 10MB සඳහා රු 2.0
Office    රු 1590             1Mbps Down/128 Kbps Up     6GB free  වැඩිවන සෑම 10MB සඳහා රු 2.00




ලියා පදිංචිය සදහා රු 6000 ගෙවන්න අවශ්‍ය වෙනව.මිට අමතරව customer premises equipment සඳහා තවත් යම් කිසි මුදලක් ගෙවන්න සිදුවිය හැකියි.මිට අමතරව email ලිපිනයක් සහ wizz Voip දුරකථන සේවාවද ලබා ගත හැකියි.Office  package    සඳහා 5MB web hosting ඉඩක්ද ලබා දෙනව. SLT Peo TV ද wimax හරහා ලබා දෙන බව මුලින් SLT කියා සිටියත් මුල් අදියරේ bandwidth ගැටළු නිසා ටිකක් කල් ගතවෙයි.




මේ ගැන විස්තරයක් SLT manpower ආයතනයේ සේවකයෙක් ලියන බ්ලොග් එකකත් තිබුන.ඒක මෙතනින් බලන්න.

SLT Adsl වේගයන් හුඟක්ම අඩුවෙලා කියල පසුගිය සතියෙ මේ බ්ලොග් එක ඇතුලුව  බ්ලොග් අඩවි ගනනාවක(මලින්ද අයියගෙ බ්ලොග් එක) කථා කරල තිබුන.මේක වැඩියක් වෙලා තියෙන්නෙ අසීමිත package හිමි අයට.SLT මගින් download සීමා කිරීම සහ limited download package වෙත පාරිභෝගිකයා යොමුකිරීම සහ  Adsl සම්බන්ධතා 200 000 තියෙනව කියල පසුගිය සතියෙ SLT නිවේදනය කලා.පාරිභෝගියාට නිසි සේවාව ලබා නොදී මේ වගේ දේවල් දීම පාරිභොගිකයාට කරන විශාල අසාධාරණයක්.මෙවට වියදම් කරන මුදල් පවතිනද ජාලයේ සංවර්ධනය සඳහා යෙදෙව්වනම් මේ දෙවල් වෙන්නෙ නෑ.දැනට SLT International internet Backbone එක ඉන්න පාරිභෝගිකයන්ටත්(SLT Adsl සහ Mobitel Hspa ) මදි.මේ අඩු ධාරිතාවයට wimax traffic එකත් එකතු වුනහම දැනට ඉන්න පාරිභොගිකයන්ට වගේම නව පාරිභොගියන්ටත් හොඳ සේවාවක් ලැබෙයිද කියන එක පුදුමයක්. SLT Official Facebook Page එකෙත් මේ ගැන කට්ටිය හොඳට දෙහි කපල තිබුන.

මම wimax package ගැන සඳහන් කරපුව 100% හරි නොයන්න ඉඩ  තියෙනව.skynetwork එකේ hotline එකට ගන්න සැදුවට සාර්ථක වුනේ නෑ.මේ ගැන සඳහන් වෙන සෑම නව තොරතුරක්ම මම update කරනව.

තවත් විශේෂ දෙයක් කියන්න තියෙනව.Mobitel ආයතනය twitter sms සේවාව ගැන අද නිල වශයෙන් තොරතුරු නිකුත් කලා.
 http://www.twitter.com/MobitelSriLanka
http://www.facebook.com/pages/Mobitel/189891203142?ref=ts

මගේ මීට පෙර ලිපියෙන් තරු බ්ලොග් සටහන බලන ඔබව  මේ දේ ගැන මම දැනුවත් කලේ මීට දින 6  කට පෙරයි.

SLT මගින් දැන් නව දුරකථන package කිපයක් Adsl සහ Iptv පාරිභෝගිකයන්ට හඳුන්වාදෙන්නයි යන්නෙ.මේ ගැන අලුත්ම තොරතුරු මීලග ලිපියෙන් කියන්නම්.රැඳී සිටින්න තරු බ්ලොග් සටහන සමඟ.!

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!