පසුගිය මස (නොවැම්බර්) තුල ලංකාවේ අන්තර්ජාල සේවාවන් හි තත්ත්වය

11:42 PM , 0 Comments

මේ මාසයෙත් මම ඔබට මුලින්ම ගෙන එන්නෙ පසුගිය මාසයේ අන්තර්ජාලයේ තත්ව වාර්තාවයි.
පසුගිය මාසයේ Etisalat HSPA සහ SLT Wimax ලැබෙන්න තිබුනත් මේ දෙකම තව ප්‍රමාද වෙන බවක් තමා තියෙන්නෙ.SLT wimax කීප දෙනෙකුට ලබාදුන්න කියල SLT Official Facebook Page එක වාර්තා කරල තුබුන.Etisalat නම් කියන්නෙ TRC එක තාම Tariff Aprove කලේ නෑ කියල.Etisalat පාවිච්චි කරන්නෙත් Lankacom ම තමා.

පසුගිය මාසය පුරාම දැක්ක දෙයක් තමා SLT Adsl වේගයන් පහලම මට්ටමකට වැටීම.Adsl Home පාරිභෝගිකයන්ට මේ දේ දරුණුවට දැණුන.Xcel,Xsite සහ Ofice සීමා රහිත package වල වේගයන් අඩු කරන්න අගොස්තු මාසයේදි SLT පෙලඹුනා.ඊට පස්සෙ මේවට Plus කියල දත්ත සීමා සහිත package හඳුන්වා දුන්න.වෙනසක් නොවුන එකම unlimited පැකේජය Home විතරයි.

Home පැකේජයේ වේගය අඩුවීමට බලපාන හේතු දෙකක් තියෙනව.එකක් තමා වැඩි දෙනෙක් මේ Home පැකේජය භාවිතා කිරීමට පෙලඹීම.SLT එකේ පසුගිය මාසෙ තිබුණ ප්‍රවර්ධන සේවාව නිසා අලුතෙන් ගත්ත සම්බන්ධතා ගණනත් වැඩිවෙන්න ඇති. 1:20 අනුපාතයට Home සම්බන්ධතා බෙදෙන නිසා වේගය අඩුවීමට තවත් බලපානව

අනික් හේතුව තමා Slt මගින් Home සම්බන්ධතාවයේත් වේගය සීමා කිරීම.දැනට වැඩියෙන්ම භාවිතා වන unlimited පැකේජය Home නිසා.මේක SLT මගින්ම කරන දෙයක් කියල තව දුරටත් ඔප්පු වෙන්නෙ Home සබඳතාවල වුනත් වැඩිය download කරන්නැති අයගේ වේගයන්ට එතරම් බලපෑමක් එල්ල වී නොතිබීම.නිතරම වගේ Torrents,Rapidshare වගේ විශාල වශයෙන් download කරන අයට තමා මේ ගැටළුව ඇවිත් තියෙන්නෙ.ඒතු මම මේකත් මම SLT Official FB Page එකෙන් ඇහුවම කිව්වෙ නම් ඔවුන් කිසිම bandwidth limit කිරීමක් කරන්නෙ නෑ කියල.

මට ගිය මාසෙ නම් කවුරුවත් SLT Adsl speedtest results එවල තිබුනෙ නම් නෑ.Comment කරන කට්ටිය පුළුවන් නම් තමන්ගේ Speed test results ටිකක් comment එකත් එක්ක එකතු කරන්න.

Mobitel වලත් කියන්න තරම් විශේෂ වෙනසක් නම් වෙලා නෑ. Peak Time එකේදි කොච්චර signal තිබුනත් Connect වෙන්නෙවත් නැති වෙලාවල් තියෙනව.බස්නාහිර පලාතෙ නම් ඔවුන් නව කුලුණු ගණනාවක් පසුගිය දවස් වල විවෘත කලා.මේ වේගය අඩු වීම ගැන මම පැමිණිලි කරල තිබුණ නිසා පසුගිය සතියෙ මට Mobitel Engineering Devision එකේ මහත්මයෙක් කතා කරල කිව්ව දැන් නම් මේ ගැටළුව නිසා අලුතෙන් 3G sites විවෘත කරන්නෙ නැති බව.Phase එකේ වැඩ අවසාන නිසා ලබන ජනවාරි මාසෙ නව phase එකේදි සියලුම කුලුණු වලට 3G ලබා දීල network upgrade එකක් කරන බවත් කිව්ව.

 Mobitel 1Mbps තංගල්ල(result submitted by Roshan)










 Mobitel, 1Mbps කඹුරුගමුව,(result submitted by කාංචන දිනූක)











Dialog නම් හුඟක් හොඳ වේගයක් දැන් පෙන්වනව.Ping එක වැඩිවීම සහ Signal සාපේක්ෂව අඩුවීම හැර වෙන ගැටළුවක් නම් දැන් Dialog 3G වල නෑ.Dialog Prepaid Mobile Broadband රු50 පැකේජය දැන් Heavy Download කරන අය අතරෙ හුඟක් ජනප්‍රිය වෙලා තියෙනව.

Dialog HSDPA (post paid.) කළුබෝවිල (result submitted by Pasan )
















Dialog Postpaid කුරුණෑගල (result submitted by Parakrama gunathilaka  )









Airtel වල නම් 3G මෙහෙට නැති නිසා වැඩි දෙයක් කියන්න නම් බෑ.ඒත් airtel edge වල නම් වේගය හුඟක්ම අඩු වෙලා.phone එකෙන් facebook යන්න වත් බැරි වෙලාවල් තියෙනව.call sms වලත් මේ ගැටළුවම තියෙනව.මේකට හේතුව තමා Airtel Youth Package භාවිතා කරන අය වැඩිවීම.Voice sms Data සියල්ලක්ම අඩු මිලකට ලැබෙන නිසා මේක භාවිතා කරන අය වැඩියි.ඒත් පසුගිය මාසයේද Youth Package වල Free Voice minutes වෙනුවට reload කරන මුදලම ඇමතුම් සඳහා ලබාදුන්න.මේක කරන්නෙ TRC එකේ බලපෑමක් නිසා බව තමා Airtel කිව්වෙ.සමහරක් විට network එක බ්ලොක් වෙන හින්ද වෙන්නත් ඇති.


Airtel EDGE connection - බදුල්ල - 4:57 PM (result submitted by Keshan De Silva )








Airtel Unlimited Postpaid Connection කොලොන්නාව (Result submitted by Okanda Creed )


(speedtest වෙබ් අඩවියටත් වැරදිලා වගේ)







 Airtel Unlimited Colombo - 06 (කිරුලපන)(Result submitted by Thushara Sampath )











ඔන්න Hutch ගැනත් කියන්න දෙයක් තියෙනව.Hutch මගිනුත් Prepaid Mobile Internet සේවාවක් ලබාදුන්න.Towers EDGE වලට Upgrade කරලත් තියෙන නිසා වේගය හොඳ වෙන්නත් පුළුවන්.මට මේක අත්හදා බලන්න නම් වුනේ නෑ.මේ ගැන ඔයාල දන්න දෙයක් තියෙනව නම් කියන්න.

(විශාල කර බැලීමට රූපය මත Click කරන්න)

 මේකටත් comments තියන අය තමන්ගේ internet Connection එකේ speed test result එකක් තියල යන්න අමතක කරන්න එපා.ඒවගේම තමන් ඉන්න ප්‍රදේශයලඅදාල පැකේජය සහ speed test result එක ලබාගත්ත වෙලාව තියල යන එක අලුතෙන් පැකේජයක් ගන්න ඉන්න අයට ප්‍රයෝජනවත් වේවි.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!