නව වසරේ අන්තර්ජාලයේ විත්ති!

7:01 AM 0 Comments

තරු බ්ලොග් සටහන සමඟ එක්වී සිටින ඔබ සියලු දෙනාට සුභ නව වසරක් වේවා!
2011 අවුරුද්දේ තරු බ්ලොග් සටහනේ මුල්ම  post එකට සාදරයෙන් සියලුදෙනාවම පිලිගන්නවා! අලුත්ම තොරතුරු ගොඩක්ම අරගෙනයි ආවෙ.

දෙසැම්බර් මාසෙ මුල්ම Post එකෙන් පස්සෙ post එකක් තියන්න බැරි වුනේ A/L results ආවට පස්සෙ ටිකක් කාර්යය බහුල වුන නිසා. university courses ගැන සොයන්න සහ facebook එකට විතරයි අන්තර්ජාලය භාවිත කලේ.
සාමාන්‍යයෙන් මාසෙ මුලින්ම මම පලකරන්නෙ පසුගිය මාසෙ අන්තර් ජාල වේගයන් වුනත් මේ ලිපියෙන් විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව විසින් පලකරන ලද ස්ථාවර අධි වේගී අන්තර්ජාල සේවාවන් ගැන සමීක්ශනයේ ප්‍රතිඵලයන් ගැන කථා කරන්න හිතුන.මේක TRC(විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව) මගින් ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වගේ සමීක්ශනයක් කල අවස්ථාව.දැනටමත් හුඟක් අය මේ වාර්තාව බලල ඇති.වාර්තාවෙ screen shots කීපයක් මම පහතින් දැම්ම.

මේ තියෙන්නෙ 512kbps සබඳතාවයකින් එක්සත් රාජධානියෙ(UK) server එකකින් 10MB ගොනුවක් download කිරීමේදී වේගයන් ලැබී ඇති ආකාරය

 bell wimax සහ slt adsl 75%  සීමාව ඉක්මවා වේගය පෙන්නුම් කලත් 100% ස්ථාවර වේගයක් bell wimax වල දක්නට ලැබෙනව.

මේ තියෙන්නෙ 512kbps සබඳතාවයකින් එක්සත් ජනපදයේ (USA) server එකකින් 10MB ගොනුවක් download කිරීමේදී වේගයන් ලැබී ඇති ආකාරය
  bell wimax සහ slt adsl 75%  සීමාව ඉක්මවා වේගය පෙන්නුම් කලත් 100% ස්ථාවර වේගයක් bell wimax වල දක්නට ලැබෙනව.80% ක පමණ ස්ථාවර වේගයක් SLT Adsl වලත් දක්නට ලැබෙනව.

පහතින් තිබෙන්නේ 2Mbps සම්බන්ධතා සඳහා ලබාගත් තොරතුරු



දත්ත වල හැටියට නම් 2Mbps සම්බන්ධතා වල කාර්යය බහුල වේලාවන්හිදී නියමිත වේගය ඉතා දරුණු ලෙස පහත් වැටී තිබෙනව.

මූලාශය http://www.trc.gov.lk/about-us/events/168-trcsl-releases-broadband-download-speed-test-results.html

ජංගම අන්තර්ජාල සේවා (HSDPA) ගැන කරන ලද සමීක්ශනයේ වාර්තාවත් ඉක්මනින්ම ඉදිරිපත් කරන බව තමා TRC කියන්නෙ.

වාර්තාවෙ හැටියට lankabell ඉදිරියෙන්ම සිටිනව.SLT adsl දෙවන තැනටත් Dialog wimax තෙවන තැනටත් පැමිණ සිටිනටව.සමීක්ශනයෙ මුල් තැනක් දීල තියෙන්නෙ කාර්ය බහුල වෙලාවේදී  ලැබෙන වේගය ගැනයි.මේකෙදි Dialog wimax පමණක් එම වේගය 75% කටත් වඩා අඩුවී තිබෙනව.


වගකිවයුතු ආයතනයක් වශයෙන් මේ වගේ සමාජ මෙහෙවරක් TRC මගින් කල එක අගය කල යුතු දෙයක්.
මේ සමීක්ශනයට SLT(ශ්‍රී ලංකා ටෙලෙකොම් ) නම් බොහොම ඉක්මනින් ප්‍රතිචාර දැක්වුව. සියලුම ADSL සබඳතාවල වේගය 50Kbps සිට 100Kbps අතර ප්‍රමාණයකින් ඉහල දැමිම.මේක නිසා කාර්යය බහුල වෙලාවෙදි පවා ප්‍රචාරනය කරන වේගය ලබා දෙන්න අපහසු නෑ.SLT International bandwidth එකත් 8Gbps පමණ  යාවත් කාලීන කලා කියනව .Dialog ගැන නම් තොරතුරක් නෑ.


testing තිබුන SLT wimax අද සිට සාමාන්‍ය පාරිභෝගිකයන්ට ලබාගත හැකියි.පැකේජ තොරතුරු නිල වශයෙන් SLT Official  Facebook Page එක හරහා මීට සතියකට පමණ පෙරදි නිකුත් කලා.ඒත් තරු බ්ලොග් සටහන සටහන සමඟ එක්වී සිටි කට්ටිය නම් මේ ගැන දැන ගත්තෙ මීට මාස කීපයකට පෙරයි!

Etisalat 3G ගැන නම් කිසිම නව තොරතුරක් නෑ.තරු බ්ලොග් සටහන බලන කීප දෙනෙක්ම Facebook එක හරහාත් නිතරම මගෙන් ඇහුව මේ ගැන අලුත් තොරතුරක් බ්ලොග් එකට දාන්නෙ නැද්ද කියල.මේ ගැන නම් කිසිම අලුත් තොරතුරත් දැන ගන්න ලැබුනෙ නෑ.
මේ වගේ දේවල් ගැන අලුත් තොරතුරු ලැබුන ගමන් Blog Post එකක් දාන්න කලින් මම ඒක මගේ twitter wall එක සහ Facebook wall එකට දානව.twitter  හෝ facebook  තියෙන කට්ටියට www.twitter.com/isuranirmal සහ www.facebook.com/isuranirmal හරහා සම්බන්ධ වේන පුළුවන්.

ජනවාරි 1 වෙනිද නිසා කට්ටියට අන්තර්ජාලෙ සැරිසරනවට වඩා තව වැඩ ගොඩක් ඇති නිසා මීට වඩා post එක නොලියන්න හිතුන.මීලඟ  ලිපියෙන් පසුගිය මාසෙ මට ලැබුන speedtest results එක්ක post එකක් දාන්නමි.ඒ වගේම අලුත් අවුරුද්දෙ හඳුන්වාදෙන්න යන නවතම අන්තර් ජාල පැකේජ කීපයක් ගැන සහ SLT ADSL නව පැකේජ සහ වේගයන් ගැනත් තොරතුරුත් ලැබුන.ඒව ඔක්කොම මීලඟ ලිපියෙන් ඇතුලත් කරන්නම්.

තරු බ්ලොග් සටහන නරඹන පාඨක ඔබ සියලු දෙනාට 2011 වසර  වාසනාවන්ත සහ සාර්ථක එකක් වේවා!

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!