SLT Adsl කටකථා වල යථාර්ථය

8:12 PM , 0 Comments

අවුරුදුද පටන්ගනිද්දිම පැතිරීගිය ආරංචියක් නිසා SLT ADSL පාරිභොගිකයෝ අවුලෙන් අවුලට පත්වුනා.මොකක්ද මේ ආරංචිය? SLT Home Unlimited පැකේජය නතර කරල කියල.දැනට ඉන්න පාරිභෝගිකයො වගේම නව සම්බන්ධතා ගන්න ඉන්න අයත් මේ ගැන ගොඩක් කලබල වුනා.

මේ ආරංචිය පැතිරෙන්න ලොකු හේතුවක් වුනේ SLT මගින් නව පැකේජ කීපයක් හඳුන්වා දීම සහ සත් අන්ත පුවත් පතක පලවූ එක්තරා ප්‍රවෘත්තියක්.
SLT Adsl නව පැකේජ ගැන විස්තර මෙන්න.




Entree පැකේජයේ වේගය 1Mbps වලට උසස් කරල.ඒ වගේම මේ සියලු දීමනා දුන්නෙ Volume based පැකේජ සඳහා.Unlimited පැකේජ වලට නෙමෙයි.රු 1500 ට Home plus කියල පැකේජයක් හඳුන්වා දුන්න නිසා home පාරිභොගිකයො හිතුවෙ තමන්වත් මේ පැකේජයට ඉබේම මාරු වෙලා ඇති කියල.

මේක වෙන්න තවත් හේතුවක් වුනේ සමහර බ්ලොග් කරුවන් මේ ගැන කිසිම සොයා බැලීමක් නැතිව "SLT Unlimited නවත්වයි" වගේ මාතෘතා එක්ක post දැමීම.මේ වගේ දෙයක් ලිවීමට පෙර සත්‍ය සහ විශ්වාසනීය මූලාශ වලින් පමණක්  තොරතුරු තොරතුරු දාන්න ඕන.තොරතුරු සියල්ලක්ම විදුලි සංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවියට එක් කරනව (www.trc.gov.lk ).නැත්නම් 1900 ඇමතීම මගින් මේ තොරතුරු විමසල බලන්න පුළුවන්. දුරකථන ආයතන සියල්ලක්ම වගේ දැන් තමන්ගේ වෙබ් අඩවි නිතරම යාවත් කාලීන කරනව.ඊට අමතරව තොරතුරු විමසන්න නිල විද්‍යුත් තැපැල් ලිපිනයක් දීල තියෙනව.නිල facebook සහ twitter පිටු පවත්වාගෙන යනව.මීට අමතරව LBO  වැනි සේවාවන් පවා ඉතාමත් විශ්වාසනීයයි‍.කවුරුත් කලේ මේ වගේ දෙයකින් විමසල බලන්නෙ නැතිව හතු පිපෙන්න වගේ තියෙන සමහරක් ඕප දූප අඩවි වලින් තොරතුරු උපුටල දාපු එක.

විදුලි සංදේශ නියාමන කොමිසමේ නියමයට අනුව සියලුම  අන්තර්ජාල සේවා සපයන ආයතන වෙබ් අඩවියේ අන්තර්ජාල කවුලුළුවක් (Internet Portal) ඇරඹිය යුතුයි.මම මේක මීට කලින් post එකකත් දැම්ම.මේ අන්තර්ජාල කවුළු නැරඹුවනම් මේ ගැන අලුත්ම තොරතුරු සහ තමන්ගෙ සම්බන්ධතාවය ගැන නොදන්නා බොහොම දේවල් දැනගන්න පුළුවන්.

Home පාරිභොගිකයන්ට කිසිම දීමනාවක් මේ මගින් නොලැබීම අසාධාරණයක් වෙන්න පුළුවන්.ඒක ඊලගට කතා කරමු.

 කට කතා විදිහට එන මේ වගේ දේවල් වලට හොයල බලන්නෙ නැතිව  රැවටෙන්න එපා කියන එක තමා අන්තිමටත්කියන්න තියෙන්නෙ.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!