ශ්‍රී ලංකාවේ දුරකතන සේවා/අන්තර්ජාල සේවා සැපයුම් ආයතන තොරතුරු නාමාවලිය

2:21 PM 0 Comments

මේ ලිපිය ලියන්න හිතුනෙ මේ දුරකථන package සහ අන්තර්ජාල package ගැන අන්තර්ජාලයේ පැතිරී යන අසත්‍ය තොරතුරු නිසා හුඟක් අය කලබල වෙන හැටි දැක්ක නිසයි.ඉස්සෙල්ල post එකෙත් මම මේ ගැන කතා කලා.විශ්වාසනීය සහ සත්‍ය තොරතුරු සහිත මුලාශ්‍ර වලින් ලැබෙන තොරතුරු පමණක් අන්තර්ජාලයට එක් කරනවනම් ගැටළු ඇති වෙන්නෙ නෑ.නමුත් ලංකාවෙ හුඟක් අය කරන්නෙ කිසිම දෙයක් හොයල බලන්නෙ නැතිව කලබල වෙන එක විතරයි.
හරියට අර තල් අත්තට බෙලි ගෙඩියක් වැටුනහම අහස කඩන් වැටෙනවා කියල දුවපු හාවා වගේ.හාවා ව දැකපු හැම සතෙක් ම කලේ කිසිම දෙයක් හොයල බලන්නෙ නැතිව ඒක විශ්වාස කරල දුවපු එක.
ඒ වගේ තමයි මේ SLT ල unlimited package නතර කලා කියන ආරංචිය.මෙක දැන ගත්ත වෙලේ ඉඳන් සමහර blog ලියන අය පවා කලේ අර හාවා කල දේමයි.නිකමටවත් SLT වෙබ් අඩවිය බලන්නෙ නැතිව,නිකමටවත් Email එකක්වත් දාන්නෙ නැතිව තමන්ගේ බ්ලොග් එකේ පලකලා.කිසිම වගකීමක් නැතිව.

හැමෝම බලන්නෙ තමන්ගෙ බ්ලොග් එකට visitors/traffic එක මිසක් visitors ලට සත්‍ය විශ්වාසනීය තොරතුරු දෙන්න නෙමෙයි.තමන්ගෙ තියෙන ads ටික click කරගත්තොත් අන්තර්ගතය මොකක් වුනත් කමක් නෑ.

එහෙනම් මොනවද මේ විශ්වාසනීය තොරතුරු ලබා ගත හැකි ක්‍රම?
ලංකාවෙ විදුලි සංදේශ කටයුතු පාලනය කරන ආයතනය තමයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව.ඉස්සර වගේ නෙමෙයි දැන් මේ ආයතනය හුඟක් සක්‍රීය වෙලා විශාල දායකත්වයක් සපයනව.ඕනෑම දුරකථනයකින් 1900 අමතල මේ ගැන විස්තර ගන්න පුළුවන්.නැත්නම් වෙබ් අඩවියට පිවිසෙන්න http://www.trc.gov.lk
විදුලි සංදේශ ආයතන තමන්ටම කියල වෙබ් අඩවියක් තොරතුරු ලබාගතහැකි දුරකථන අංකයක් සහ විද්‍යුත් තැපැල් ලිපිනයක් පවත්වාගෙන යනව.මේව හරහා වගේම දැන් බොහොමයක් ආයතන තමන්ගේම නිල Facebook පිටුවක් වගේම නිල Twitter අඩවියක් පවත්වාගෙන යනව.මම මේකෙදි නිල කියල භාවිතා කලේ නිල නොවන අඩවිත් ගනනාවක්ම තියෙන නිසා.අර මුල් ක්‍රම වලටත් වඩා මේ දෙවල් ප්‍රචලිත වෙලා තියෙන්නෙ ඉක්මනින් ම අදාල ආයතනයෙන් ලැබෙන ප්‍රතිචාර නිසා.මේ හරහාත් නිවැරදි තොරතුරු ලබාගන්න පුළුවන්.
මම මේ ගැන විස්තරයක් පහලින් දැම්ම.(වගුවේ විද්‍යුත් තැපැල් ලිපිනය නිල Facebook පිටුව නිල Twitter අඩවිය කොටස් නරඹන්න වගුව අවසානයේ ඇති scroll bar එක භාවිත කරන්න)

මේ තොරතුරු වල යම් සංශෝධනයක් තියෙනව නම් මට කරුණාකරල දන්වන්න.

සේවා සපයන්නා නිල වෙබ් අඩවිය දුරකථන නිල Facebook අඩවිය නිල twitter අඩවිය විද්‍යුත් තැපෑල
Sri lanka Telecom(SLT)

www.slt.lk 
www.sltnet.lk
0112555555
හෝ 1243
http://www.facebook.com/pages/Sri-Lanka-Telecom-PLC/160274863983264නැතpr@slt.lk
info@sltnet.lk
Dialog Axiata


www.dialog.lk පෙර ගෙවුම් 0777123456 පසුගෙවුම්     0777678678 Wimax    0117100100http://www.facebook.com/dialoglkhttp://twitter.com/dialoglk

service@dialog.lk
Mobitel


www.mobitel.lk0712755777 හෝ 0112330550http://www.facebook.com/pages/Mobitel/189891203142?ref=tshttp://www.twitter.com/MobitelSriLankainfo@mobitel.lk
Lankabell


http://www.lankabell.com
0115375375
නැතනැතbellcare@mail.lankabell.
com
Etisalat

http://www.etisalat.lk0722123123http://www.facebook.com/EtisalatSLhttp://twitter.com/EtisalatSLcustomercare@int.tigo.lk
Airtel

http://www.airtel.lk0755555555 නැත නැත555@airtel.lk
Suntel
http://www.suntel.lk/home/0114747474  http://www.facebook.com/pages/SUNTEL-LTD/126068364100151?v=wallනැතinfo@suntel.lk
Hutch

http://www.hutch.lk/123 හෝ 0785785785http://www.facebook.com/hutchsrilankaනැතcs@hutchison.lk


මීට අමතරව LBO (Lanka Bussiness Online ) වෙබ් අඩවියත් නිවැරදි තොරතුරු සපයන මූලාශ්‍රයක්

http://www.lbo.lk

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!