පසුගිය මස (දෙසැම්බර්) තුල ලංකාවේ අන්තර්ජාල සේවාවන් හි තත්ත්වය

6:34 AM , 0 Comments

පසුගින මාසයේ අන්තර්ජාල සේවාවන්ගෙ වේගයන් සාමාන්‍යයෙන් මාසෙ පළමුවෙනි Post එක විදිහට දැම්මට අවුරුද්දෙ මුල හින්ද මම ටිකක් පරක්කු කලා.ඒත් බ්ලොග් එක බලන කීප දෙනෙක්ම මේ Post එක දානකම් තමන්ගෙ speedtest results තියාගෙන බලාඉන්න නිසා මම වැඩිය කථා නොකර වැඩේට බහින්නම්.

TRC එක මගින් කරපු සමීක්ශනය හින්ද හුඟක් ආයතන තමන්ගෙ Broadband වේගයන් හොඳ මට්ටමක පවත්වාගන්න පටන් ගත්තෙ දෙසැම්බර් මාසෙ මැද වෙනකොට.ADSL වල වේගයන් බොහෝ package වල 50kbps ඉඳල  100kbps වලින් පමණ වැඩි කලා.Mobitel වලත් දැන් ටිකෙන් ටික හරියාගෙන එන වෙලාවල් තියෙනව.Airtel නම් තව  Bandwidth එකතු කරල නිසා හොඳ වෙගයක් ලැබෙනව කියල Airtel භාවිතා කරන කීප දෙනෙක්ම මට කිව්ව.


Airtel Youth plan මාලඹේ (Result Submitted by Kvcy)
Airetl Youth plan කළුබෝවිල (Result submitted by Pasan)

 Airtel Youth Plan ස්ථානය සඳහන් වී නැත (Result submitted by Mahesh)



SLT Adsl Home(512kbps) රත්නපුර (result submitted by Randika2)

SLT Adsl Home(512kbps)  ස්ථානය සඳහන් වී නැත (result submitted by Nishantha)
SLT Adsl Home(512kbps)  ස්ථානය සඳහන් වී නැත (result submitted by Yushan Yasiru Senasinghe  )

Dialog HSDPA ගම්පහ බැලුම්මහර (result submitted by Subash Priyankara )
 Dialog HSDPA ලක්ෂපාන (result submitted by Chamli)


Dialog wimax කොම්පඤ්ඤ වීදිය (result submitted by AsA)
මට Mobitel,Lankabell speedtest results නම් ලැබිල තිබුනෙම නෑ.
SLT Adsl සම්බන්ධතා වල වේගය වැඩි කලා කියල මම කිව්වනෙ.මම techkatha group එකේදි දැක්ක කීප දෙනෙක්ම කියල තියෙනව තමන්ගෙ සම්බන්ධතාවය upgrade කරල නෑ කියල.මේ ගැනත් බලන්න.සමහරක් පැති වලට මේක ප්‍රමාද වෙලා ඇති.

512 kbps Entree සබඳතාවය 

1Mbps සබඳතාවය


ජනවාරි වල ඉඳන් දැන් තවත් සේවා සපයන්නෙක් එකතුවුනා.ඒ තමා SLT wimax (skynetwork) මේ සබඳතාවක් ගත්ත කෙනෙක් ඉන්නවනම් මේ ගැනත් විස්තර comment කරන්න.ලබන මාසෙ Etisalat 3G ලැබෙන නිසා තවත් සේවා සපයන්නෙක් ලංකාවට එකතු වෙනව.

මේ post   එකට එක් කරන speedtest results ලබන් මස(ජනවාරි ) පලකරන පසුගිය මස  තුල ලංකාවේ අන්තර්ජාල සේවාවන් හි තත්ත්වය ලිපියෙ අන්තරගතයට යොදන නිසා කරුණාකර විස්තරාත්මකව එය comment කරන්න.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!