Etisalat Sri Lanka 3G සහ MiMo Users

8:18 PM , 0 Comments

Etisalat 3G ගැන උනන්දු අයටයි මේ ආරංචිය.ජනවාරි වල දෙන්න සැලසුම් කරල පෙබරවාරි වල දෙනවයි කියපු Etisalat 3G ඔන්න දැන් අප්‍රේල් වලම දෙනව කියනව.මේක Etisalat කියන හැටියට නම් 3G වත් 3.5G වත් නෙමෙයිලු 3.75G කියලයි ප්‍රචාරණය කරන්නෙ.සිංහල අවුරුද්දටම දෙනව කියල තමා Etisalat කියන්නෙ.මේ ගැන වැඩි විස්තර දන්නෙ නැත්නම් මම මේගැන ලියපු මුල් post එක මෙතනින් බලන්න.
බලමු මේ අය කියන්නෙ මොකක්ද කියල.

ජනවාරි 1 වෙනිද මේ අය නිල facebook Page එකේ දාල තිබුන පෙබරවාරි වල 3G දෙනව කියල.Photo එකකුත් දාල තිබුන.Etisalat Facebook Page එක නිතරම බලන අයට මතකත් ඇති මේකෙ දාලා තිබ්බෙ

Etisalat subscribers can enjoy average data speeds කියල.

මේකෙ මේ avarage data speeds කියන්නෙ මොකක්ද කියල කෙනෙක් අහල තිබුන.මේකට Etisalat මගින් දීපු පිළිතුර තමයි
HSPA users can enjoy 7.2Mbps සහ MiMo users can enjoy 28.8Mbps කියන එක.

මේකෙ මේ MiMo users කියන එක මම එදාම තමා ඇහුවෙ.මොකද MiMo කියන්නෙ කුළුණ සහ පාරිභොගිකයා සම්බන්ධවන තාක්ෂණයක් නෙමෙයි.දුරකථන ජාලයක් MiMo තාක්ෂණය භාවිතා කරනව කිව්වට MiMo කියල තාක්ෂණයකින් පාරිභෝගිකයාට ලබාදෙන සේවාවක් නෑ.(එහෙම තියෙනවනම් MiMo Modems,MiMo ජංගම දුරකථන තියෙන්නත් ඕන) හැබැයි MiMo භාවිතා වන ජාලයක දත්ත සම්ප්‍රේශණ වේගය වැඩි නිසා ඒකට HSPA+ කියනව.3.75G කියන්නත් පුළුවන්.මෙකෙදි හැමෝටම 28.8Mbps වේගයක් ලැබෙන්නෙ නෑ.නමුත් බොහොමයක් දෙනා සම්බන්ධ වෙනකොට බාධාවක් නැතිව හැමෝටම හොඳ සේවයක් සපයන්න පුළුවන්.

මේ දේ මම Etisalat page එකේ කිව්වට පස්සෙ පැය 24ක් යන්නත් කලින් ඒ අය  Comment එක මකල මට තවදුරටත් ඒ පිටුවෙ Comment කිරීමත් අවහිර කලා.Etisalat එක 3G දෙන එක April වලට කල් දැම්ම ගමන් පෙබරවාරි වල 3G දෙනව කියපු photo එක සහ comments සියල්ලම මතල තිබුන.මෙහෙම දෙයක් වෙයි කියල හිතුවෙ නැති නිසා මම screen shot එකක්වත් අරන් තිබුනෙ නෑ.

MiMo කියන්නෙ මොකක්ද කියල කෙටියෙන් පැහැදිලි කරන්නම්.MiMo කියන්නෙ Multi Input-Multi Output කියන එක.ප්‍රධාන වශයෙන්ම HSPA Wimax වගේ තාක්ශණයන්වලදී යොදාගන්නව.මේකෙදි කරන්නෙ සේවා සපයන කුළු‍ණෙ Antenna ගණන වැඩිකරල තනි කුළුනකින් සේවා සැපයිය හැකි පාරිභොගිකයන් ගණන වැඩිකරන එක.සාමාන්‍යයෙන්  නම් කරන්නෙ සේවා සැපයුම් කුළුවනු ගණන වැඩිකරල එක් කුළුණකට සම්බන්ධ වන පිරිස අඩු කරගන්න එක.
කාර්යබහුල වේලාවෙදි පවා channels නැති වීමෙන් වෙන්න පුළුවන් අවහිරතා මේකෙන් මඟ හරවා ගන්න පුළුවන්.අනික ඉහල සම්ප්‍රේශණ වේගයක් ලබාදෙන්නත් පුළුවන්.(හැබැයි 28.8Mbps වගේ වේගයක් නම් නෙමෙයි.)

මේ දෙවල් වලින් මට නම් පේන්නෙ Etisalat ආයතනය ගැනත්ලොකු විශ්වාසයක් තියාගන්න බෑ කියල.මොකද 3G දෙන්න කලින් මෙහෙම නම් දුන්නට පස්සෙ ගැන හිතාගන්න පුළුවන් නිසා.අනික 3G ලබාදෙන දිනයත් බොහොම අවිනිශ්චිත තත්වයක තියන නිසාමේ ගැන ඔවුන්ගෙත් නිසි සුදානමක් නැති බවයි පේන්නෙ.

සමහර පැති වල testing on කරල කියලත් කියනව.මම නම් හරියටම දන්නෙ නෑ.මේගැන වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!