Etisalat 3G ගැන අලුත් කතා.

8:19 AM , 0 Comments


මේ දවස්වල අවුරුදු වගේම තාක්ෂණය ගැන උනන්දු හැමෝම  වගේ තකාවෙන දෙයක් තමා Etisalat 3G (Etisalat 3.75G කියලත් කට්ටිය නම් කියනව.UMTS කියලම කියන්නම් නැත්නම්). මේ ගැන මම ඉස්සෙල්ලත් ලිපි ( 1  2  )ලිව්ව කට්ටියට මතක ඇති. කොහොම හරි Etisalat 3G ගැන මට දැනට ලැබුනු තොරතුරු කීපයක් කියන්නයි අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ.

දැනට තොරතුරු වලට අනුව අප්‍රියල් 15 වෙනිදට සේවාව ලැබෙනව.මෙකෙ තාක්ෂණික සේවාව ගැනත් බෙහොමයක් තොරතුරු ලැබුන.Mobitel,Dialog, සහ Airtel ජාල භාවිතාකරන කරන තාක්ෂණයට වඩා හොඳ මට්ටමේ තාක්ශණයක් ජාලය තුල භාවිතා වෙනව කියල.Fiber Optics සහ කුලුණු සම්බන්ධවෙන E1 වෙනුවට නවීනතම උපකරණ භාවිතවෙනව කියලත් මේ තොරතුරු ලබාදුන් තැනැත්තා කිව්ව.මේ තොරතුරු දීල තිබුනෙ නම් මේ ව්‍යාපෘතිය ට සම්බන්ධ කෙනෙක්.මෙ තොරතුරු වැඩිය ප්‍රචලිත කරන්නත් එපා කියල තිබුණ. තොරතුරු දැනගන්න අවශ්‍ය නම් techkatha Google Group   එකේ හොයල බලන්න.මට ඒකෙ Link එක බ්ලොග් එකට දාන්න බෑ.
තාම data package නිතුත් කරල නැතිවුනත් ගිය සතියෙ සාමාන්‍ය GPRS ගාස්තු 1000KB=රු 1 ට ගාස්තු අඩු කිරීමක් කලා.දැනටමත් data package tariff  TRC අනුමත කර ඇති බවට තොරතුරුකුත් ලැබුන.

දැනටමත් ස්ථාන ගණනාවක 3G testing On කරල තියෙන බවත් දැනගන්න ලැබුණ.අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නත් පුළුවන් වුනත් තාම Video ඇමතුම් ලබාගන්න බෑ.speed test කරපු results කිපයක්ම   etisalat FB Page  එකේ දාල තිබුණ. තමන්ගෙ phone/HSPA Modem  එකේ network search එකක් දාල බලන්න තමන්ටත් Etisalat 3G ආවරණය ලැබෙනවද කියල.ඒ වගේම speedtest කරන්න පුළුවන් අය තමන්ගෙ speedtest result එක comment කරන්නත් අමතක කරන්න එපා.

පසුගිය ලිපියෙන් කරල තිබුණ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ හැමෝට ස්තුතියි! දැනට likes 20  ක් පමණ ලැබී තිබෙනව.ඒත් මට මීට වඩා likes ප්‍රමාණයක් අවශ්‍යයි.Facebook තියෙන අය මේ Link එකෙන් ගිහින් මේ fan page එකේ like එකක් දාන්න පුළුන්නම් ලොකු උදව්වක්

http://www.facebook.com/pages/Ask-The-Bookie/114257261987458

බෙහොම ස්තුතියි! නැවත මෙවැනිම ලිපියකින්  හමුවෙමු!

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!