නොමිලේ International sms යවමු

7:18 PM , 0 Comments

කාලේකට පස්සෙ බ්ලොග් එකට ලිපියක් ලියන්න හිතුන.කට්ටිය නම් දැන් මේ පැත්ත බලන්නෙ වත් නැතුව ඇති.මාස ගානකින් post එකක් දාන්න බැරිවුනානේ. අලුත් අවුරුද්දට ගෙදර මකුළු දැල් පිහදාල ගන්න ගමන් blog එකත් පොඩ්ඩක් සුද්ධ කරල ගන්න හිතුන.හුගක් කට්ටිය facebook එකෙනුයි twitter එකෙනුයි අහල තිබුන post එකක් දාන්නෙ නැද්ද කියලත්. හරි අද මාතෘකාවට බහිමු.

International sms වල ගාස්තු රු 5 කි දක්වා සියලුම ජංගම දුරකථන ජාල ඉහල නංවපු නිසා හුඟක් කට්ටියට තමන්ගෙ  පිටරටවල සිටින නැදෑ හිතමිතුරන්ට කෙටි පණිවිඩ යවන්න බැරිවුනා.සමහර වෙලාවට IDD ඇමතුමක් ගන්න එක මීට වැඩිය ලා වෙන්න තිබුන.ඒත් මේ අවුරුද්දෙ ඉඳන් IDD සෑම මිනිත්තුවකටම රු 2 ක අමතර මුදලක් අය කරන නිසා මේක ත් එතරම්ම ලාභ දායී නෑ.

Fee international  sms යවන වෙබි අඩවි රාශියක් තිබුනත් විවිද රටවල් වල ඇති ගැටළු නිසා හුගක් වෙලාවට sms  deliver වෙන්නෙ නැතිව යනව.මම මේ ගැන ටිකක් හොයල බලද්දි නොමිලේ ජාත්‍යන්තර කෙටි පණිවිඩ යවන්න පුළුවන් සාර්ථක වෙබ් අඩවියක් හම්බවුනා.





http://www.freesmscraze.com/


මේ වෙබ් අඩවියෙ ලියා පදිංචි වුනාම ජාත්‍යන්තර කෙටි පණිවිඩ නොමිලේම අව්‍ය ප්‍රමාණයක් යවන්න පුළුවන්.මීට අමතරව facebook sms, twitter sms වැනි සේවාවන් වලටත් මේ හරහාම පිවිසෙන්න පුළුවන්.ඇත්තටම අපිට sms ලබාගන්න පවා පුළුවන්. scheduled sms මගින් නියම කරගත් වෙලාවකට sms යවන්නත් පුළුවන්.international sms api එක අවශ්‍ය නම් ඔවුන්ගෙන් මිලදීගෙන ව්‍යාපාරික කටයුතු වලට යොදාගන්න පුළුවන් තමත් මේ වෙබ් අඩවිය ලබාදෙනව.

මේ වෙබ් අඩවිය මගින් මැද පෙරදිග, දකුණු කොරියාව සහ තවත් රටවල් රාශියකටම කෙටි පණිවිඩ යවන්න පුළුවන්.ඒ වගේම එම රටවල් වල සිට ලංකාවටත් නොමිලේම කෙටි පණිවිඩ එවන්න පුළුවන්.

මෙම වෙබ් අඩවියට m.freesmscraze.com හරහා ජංගම දුරකථන හරහා පිවිසිමටත් හැකි නිසා වඩාත් පහසුවෙන් භාවිත කරන්න  පුළුවන්.



ලිපිය අවසන් කරන්න කලින් මට ඉල්ලීමක් කරන්න තියෙනව මට වෙබ් අඩවියක facebook fan page එකකට 400 පිරිසක් අවශ්‍යයි .Facebook තියෙන අය මේ Link එකෙන් ගිහින් මේ fan page එකේ like එකක් දාන්න පුළුන්නම් ලොකු උදව්වක්. මෙන්න Link එක

http://www.facebook.com/pages/Ask-The-Bookie/114257261987458

බෙහොම ස්තුතියි! නැවත මෙවැනිම ලිපියකින්  හමුවෙමු!

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

0 comments :

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!