සුනාමි (Tsunami )අනතුරු ඇඟවීම් නොමිලේ කෙටි පණිවිඩ සේවාව

9:31 PM , 0 Comments

සුනාමියක අඳුරු මතකය නැවතත් මිනිසුන්ගෙ හිත්වල දෝංකාර දෙන සිදුවීමකට අද  ලංකාවාසීන් මුහුණ දුන්න. වාසානාවකට අද සුනාමියක් ආවෙ නැති වුනත් කවුරුත් මීට අවුරුදු 6කට පෙර වුන සිදුවීම සිදුවේදැයි කියා චකිතයකින් සිටිය. නමුත් අනතුරු ඇගවීම සමග ක්‍රියාත්මක වුනු අදාල බලධාරීන් සහ ජනතාව දැක්කහම මට නම් හිතුනෙ සුනාමියක් ආවත් දේපල හානියක් මිස ජීවිත හානියක් නම් වෙන්නෙ නැති බව. මොකද ඉහල සූදානමකින් සියලු දෙනාම පාහේ අනතුරු දායක කලාපයෙන් ඉවත්වී තිබුණ. මීට අවුරුදු 6කට කලිනුත් මෙහෙම සූදානමක් තිබුණ නම් ලොකු ජීවිත හානියක් වලක්ව ගන්න තිබුණ.



මාධ්‍ය මගින් ලොකු සේවාවකුත් කලා. නමුත් මාධ්‍ය වලින් කිව්වාටත් වඩා දේවල් මම නම් දැන ගත්තෙ Twitter හරහා. පසුව පැමිණි පසු කම්පන තත්ව උනත් එවෙලේම දැන ගන්න ලැබුණ. ඒ වගේම ලංකාව අවට රටවල් වල අය කියන දේවල් වගේම ලංකාවේ විවිධ බලාත්වල තත්වයනුත් දැන ගන්න ලැබුනෙ Phone එකේ twitter app එකෙන්. ඒත් හැමෝටම Twitter app එක දාගන්න බැරි එකේ මම හිතුව හැමෝටම කෙටි පණිවිඩයක් ( sms  ) මාර්ගයෙන් සුනාමි අනතුරු ඇඟවීම් ලබා දෙන සේවාවන් ගැන දැනුවත් කරන්න.

මට මතක හැටියටනම් ගිය පාර සුනාමි ආපුවෙලේ සියලුම ජංගම දුරකතන ආයතන නැවත වතාවකදි මේ පිලිබඳව නොමිලේම තමන්ගෙ පාරිභොගිකයන් දැනුවත් කරන්න පොරොන්දු වුනා. නමුත් මම දන්න තරමින් නම් කවුරුවත් මේ ගැන sms එකක්වත් එව්වෙ නෑ. මටත් ලැබුනෙ Mobitel Fan page එකෙන් සුනාමි ගැන ආපු sms විතරයි. මේ ගැන Fan Page ස්තුති වන්ත වෙනව. වෙරල කිට්ටුව හිටිය අයට එහෙම sms ආවනම් පොඩ්ඩක් කියන්න ඒ ගැන.

Twitter Sms Notifications ගැන හැමෝම දන්නව ඇති. දන්නෙ නැත්නම් මම ඒ ගැන ලියපු ලිපිය මෙතනින් කියවන්න පුළුවන්

Pacific Disaster Center, SOS Earthquakes Foundation වැනි වග කිවයුතු ආයතන  තමන්ගෙ twitter fan page හරහා මේ ගැන එවෙලේම තොරතුරු නිකුත් කරනව. ඒම නිසා ලංකාවෙ කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව මේ ගැන කියනකන් බලන් ඉන්න ඕන නෑ. (කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව වුනත් තොරතුරු ලබාගන්නෙ මෙම ආයතන වලින්. ඒ අයගෙම තොරතුරු නිකුත් කරන්නෙ නෑ.එහෙම කලත් ලංකාවෙ කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුවෙ අනාවැකි වල නිවැරදි බව ගැන අපි කවුරුත් දන්නවනේ :-) )

මේ තියෙන්නෙ ඒවට අදාල links කීපයක්.

DisasterAWARE-             https://twitter.com/#!/disasteraware

SOS Earthquakes         https://twitter.com/#!/QuakeMaps


මෙම pages follow කිරිමේන් තොරතුරු එසැනෙන් ලබා ගන්න පුළුවන්. Follow කල පසුව පහල රූපයේ පරිදි Mobile Notifications ON කීරීම මගින් එම තොරතුරු නොමිලේම sms එකක් විදිහට ජංගම දුරකතනයට ලබා ගන්න පුළුවන්. නමුත් මුලින් Mobile alerts සඳහා Register විය යුතුයි. මම දන්න තරමින් Hutch හැර අනිත් දුරකතන සබඳතා සඳහා මෙය වැඩ කරනවා. 



Twitter හෝ Internet නැති අයට නම් පහත සේවාව හරහා ලියාපදිංචි විය හැකියි. මේ සඳහා පහත link එක භාවිතා කරන්න.මතක ඇතිව නිවැරදි තොරතුරු මෙම අඩවියට ලබාදෙන්න. ඒ වගේම තමන්ගෙ විතරක් Phone එක register කරන්නෙ නැතිව ගෙදර අයගෙත් Phone මෙහි register කරන්න. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන සේවාවක්. මේ තියෙන්නෙ මට අද එම වෙබ් අඩවියෙන් ලැබුන පණිවිඩය.

WARNING-A earthquake of magnitude 8.7has occurred in your area.There is a possibility of a widespread tsunami affecting your area..Cwarn.org

http://cwarn.org/member/register

මෙය ඔබ දන්න මිතුරන්ටත් share කරන්න. මොකද මේ වගේ දෙයක ප්‍රයෝජනය දැනෙන වෙලාවක් එන්න පුළුවන්.එතකොට පරක්කු වැඩිවේවි.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.