Zip Codes සහ Postal Codes (පළමු කොටස)

9:33 AM , 5 Comments

අන්තර්ජාලයේ සැරිසරන හැමෝටම ඇතිවන ගැටළුවක් තමා zip code සහ postal codes කියන්නෙ මොනවද කියන එක.හුඟක් site වල ලියාපදිංචි වීමේදි මේක හැමොටම ප්‍රශ්නයක් වෙනව.නිකන් අංක කීපයක් දැම්මහම මේක භාර ගන්න අවස්ථා තියෙනව.සමහරු මේකට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර දුරකථන සංකේතය වන +94 යොදනව.නමුත් මේ එකක්වත් නිවැරදි නෑ.ඒක නිසා මම හිතුව මේ ගැන ලිපියක් ලියන්න.මාතෘකාව ටිකක් ලොකු නිසා ලිපිය කොටස් දෙකකට පළ කරන්නම්.
මුලින්ම බලමු Zip Code කියන්නෙ මොනවටද කියල.

Zip code කියන්නෙ එක්සත් ජනපදයෙ(USA) වල භාවිතා කරන Postal code එකට කියන විශේෂ නමට.United States Post Office Department (USPOD) ආයතනය තමයි මේව නිකුත් කිරීම කරන්නෙ.1943 දි postal codes හඳුන්වල දීල පසුව දැනට භාවිතා කරන ක්‍රම‍වේදය දක්වා එය දියුණු කර තිබෙනව.
zip code වර්ග 4යි

1.Unique (තනි ඉතා විශාල වශයෙන් ලිපි ගණුදෙනු කරන පුද්ගලයන්)
2.P.O.-box-only(තැපැල් පෙට්ටි සඳහා)
3.Military(යුධ හමුදාමය කටයුතු සඳහා)
4.Standard (සාමාන්‍ය පුද්ගලික)

Zip code එකක් ස‍ඳහා ඉලක්කම් 5යි.
මෙහෙමයි ඉලක්කම් 5 හැදෙන්නෙ.

පළමු ඉලක්කමින් ප්‍රාන්තය පෙන්නුම් කරනව

0 = Connecticut (CT), Massachusetts (MA), Maine (ME), New Hampshire (NH), New Jersey (NJ), Puerto Rico (PR), Rhode Island (RI), Vermont (VT), Virgin Islands (VI), Army Post Office Europe (AE), Fleet Post Office Europe (AE)

1 = Delaware (DE), New York (NY), Pennsylvania (PA)

2 = District of Columbia (DC), Maryland (MD), North Carolina (NC), South Carolina (SC), Virginia (VA), West Virginia (WV)

3 = Alabama (AL), Florida (FL), Georgia (GA), Mississippi (MS), Tennessee (TN), Army Post Office Americas (AA), Fleet Post Office Americas (AA)

4 = Indiana (IN), Kentucky (KY), Michigan (MI), Ohio (OH)

5 = Iowa (IA), Minnesota (MN), Montana (MT), North Dakota (ND), South Dakota (SD), Wisconsin (WI)

6 = Illinois (IL), Kansas (KS), Missouri (MO), Nebraska (NE)

7 = Arkansas (AR), Louisiana (LA), Oklahoma (OK), Texas (TX)

8 = Arizona (AZ), Colorado (CO), Idaho (ID), New Mexico (NM), Nevada (NV), Utah (UT), Wyoming (WY)

9 = Alaska (AK), American Samoa (AS), California (CA), Guam (GU), Hawaii (HI), Marshall Islands (MH), Federated States of Micronesia (FM), Northern Mariana Islands (MP), Oregon (OR), Palau (PW), Washington (WA), Army Post Office Pacific (AP), Fleet Post Office Pacific (AP)


මීලඟ ඉලක්කම් දෙකෙන්ම අදාල කලාපීය තැපැල් සේවා මධ්‍යස්ථානය පෙන්නුම් කරනව.
අවසාන ඉලක්කම් දෙකෙන් අදාල නගරයේ අදාල ප්‍රදේශය පෙන්නුම් කරනව.
මේ ආකාරයට ඉතා ක්‍රමවත්ව තමා මෙම කේතය නිර්මාණය වෙන්නෙ.නමුත් සමහර ආයතනවලට ලබා දෙන zip කේතය මෙ‍ම සම්මත ආකෘතියෙන් බැහැර වෙලා තියෙනව. ඒ ඔවුන්ගේ මූලස්ථානය ආදිය Washinton D.C හි පිහිටා තිබෙන නිසා සහ වෙළඳ අරමුණු නිසා.
එක්සත් ජනපදය කියන්නෙ ඉතා විශාල රටක් නිසා තැපැල් සේවා කටයුතු කාර්යක්ෂමව කරන්න තමයි මේ වගේ ක්‍රමයක් යොදාගන්නෙ.එක්සත් ජනපදයේ සිටින කෙනෙක්ගෙ ලිපිනයත් ඔබ සතුව ඇත්නම් ලංකාවෙ ලිපින එක්ක බලනකොට කෙතරම් කෙටිද කියල පෙනෙයි.මෙම Zip කේතය තැපැල් කටයුතු සඳහා පමණක්ම නෙමේ යොදාගන්නෙ.විවිධ සේවාවන් සොයාගැනීම සහ සැපයීමටත් ඔවුන් මෙයය භාවිතා කරනව. මේ පිලිබඳ ඉතා දිගු විස්තරයක් Wikipedia හි තිබෙනව.ඒක බලන්න මෙතන ක්ලික් කරන්න.එහෙමනම් දෙවන ලිපියෙන් Postal code ගැන ලිපියක් එක්ක නැවත හමුවෙමු.

Isura Nirmal

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

5 comments :

  1. කටයුතු කාර්යක්ෂම කරගන්න ඉතා ක්‍රමවත්ව හදපු ක්‍රම ඇමරිකාවෙ බොහොම ඇත.අපේ ජනපති සොයුරන් දෙදෙනාම ආවේ එහි සිටන්ය. බලය අැත්ෙතා් මේ වගේ හොඳ ක්‍රම එකක්වත් අපට හඳුන්වා දෙනවානම්

    ReplyDelete
  2. lankawe postal code ekenuth godak lesiyen liyun yawanan puluwan,eth godak dena danne nane,ebay eken ehema genna gaddi postal code eka damma ma harima lesi,lankawe postal code walath mula ilakkama palatha kiyanna neda,wadi wistharanm danne mama

    ReplyDelete
  3. @උදිත ලංකාවෙ කොයි දේත් ඔය විදිහ තමයි.වෙලා තියෙන්නෙ පාලකයන්ගෙ ඉඳල මහ ජනතාව දක්වාම තියෙන නොසැලකිලිමත් බව සහ බලයට තියෙන කෑදර කම තමයි

    ReplyDelete
  4. @බුද්ධික

    මගෙ අනෙක ලිපියත් බලන්න.ඒකෙ ලංකාවෙ postal code ගැන තියෙනව

    ReplyDelete

ඔබේ අදහසත් ලබා දෙන්න.ස්තුතියි!